ඖෂධ අසාත්මිකතාවයක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේදී රෝගියෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.Sri Lanka Latest News
තුවාලයකට ප්‍රතිකාර කිරීම සඳහා පසුගිය 06 වනදා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ පුද්ගලයෙක් එසේ මියගොස් ඇත.
සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ ලබාදුන් ප්‍රතිජීවක ඖෂධයක් හේතුවෙන් ඇතිවූ ආසාත්මිකතාවක් මත රෝගියා මියගොස් ඇති බවය.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ, සිද්ධියත් සමග අදාළ ප්‍රතිජීවක ඖෂධය භාවිත කිරීම තාවකාලිකව අත්හිටවූ බවය.










