මහරගම අපේක්ෂා රෝහලේ පෙට් ස්කෑන් යන්ත්‍රයේ පරීක්ෂණ ඇණහිට මේ වනවිට මාස 3කට ආසන්න කාලයක් ගතවී ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි.Sri Lanka Latest News
එහි සභාපති චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේ , ඒ සඳහා අවශ්‍ය රසායනිකය සැපයීම සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් අලස පිළිවෙතක් අනුගමනය කරන බවයි.
මේ සම්බන්ධයෙන් විමසීමට මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂවරයා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද ඔහු දුරකතනයට ප්‍රතිචාර දැක්වූයේ නැහැ.










