රටේ සිටින විවිධ ජන කොට්ටාස සම්බන්ධයෙන් රජයට හරිආකාර සංගණනයක් හෝ සංඛ්‍යා දත්ත නොමැති බවත් අස්වැසුම පවා බිඳ වැටුනේ මේ නිසා බවත් එබැවින් වහාම ජන සංගණනයක් සිදු කර ගෘහයක ආදායම් වියදම් සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගෙන වතු ප්‍රජාවගේ ආර්ථිකය ශක්තිමත් කිරිමට වැඩපිළිවෙළක් දියත් කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News
විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද (10) පාර්ලිමේන්තුවේ දී උඩරට වතු ප්‍රජාව සම්බන්ධයෙන් වන විවාදයට එක්වෙමිනි.
ආර්ථික වශයෙන් ක්‍රියාකාරී වතු ප්‍රජාව ලක්ෂ 4ක් සහ ආර්ථික වශයෙන් ක්‍රියාකාරී නොවන ලක්ෂ 3කට ආසන්න වතු ප්‍රජාවක් සිටින බවත් මීට වඩා විධිමත්ව සැබවින්ම වතු ප්‍රජාව සිටින තත්ත්වය ගැන අවබෝධයක් තිබිය යුතු බවත් පැවසු විපක්ෂ නායකවරයා කියා සිටියේ වතු ප්‍රජාව මුහුණ දෙන ප්‍රශ්න රාශියක් ඇති බව යි.
මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් වතු ප්‍රජාව මුහුණ දෙන ගැටලු රාශියක් පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කර ඒ සඳහා වහාම විසදුම් ඉදිරිපත් කළ යුතු යැයි ද පැවසීය.










