• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාතා මහතා උමාරා I Sri Lanka Latest News

August 11, 2023
in Exclusive, News
Reading Time: 9 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මීට ටික කාලයකට කලින්, ඒ කියන්නේ ශ්‍රී ලාංකේය සිනමාව කෙළින් කටින් හිටගෙන උන්න දවස්වල චිත්‍රපටයක් පටන්ගන්න කලින් සිංහ කොඩිය බොහොම විරාජමානව සුළඟේ ලෙළදෙනවා පෙන්වන දර්ශනයක් තිරය මත දිස්වෙන්නට හරින එක පුරුද්දක් ලෙස පැවැතුණා.(Sri Lanka Latest News)

ඒ සිරිත පුරුද්දක් ලෙස එහෙම දීර්ඝව ගෙන යන විදියට කටයුතු කෙරුවෙ කවුද? ඒ අදහස කාගෙදැයි යන්න කවුරුත් හරියටම දන්නෙ නැති වුණාට චිත්‍රපට දර්ශනයක් බලන්න ආව හැමෝම වාගේ තත්පර ගණනක පමණ කාලසීමාවක් තුළ ජාතික ගීයෙහි තේමා වාදනය සමග සැලෙන ඒ සිංහ කොඩිය වෙනුවෙන් තම අසුන්වලින් නැගිටලා හිටියා. එහෙම නැගිට්ටෙ ගෞරවයකටද කවුරුන් හෝ කරන නිසාදැයි කියන්න දන්නේ නම් නැහැ. ඒත් ජාතික මාමකත්වය ආරූඪ කරගෙන හෝ පොඩිහිටියගේ ඉඳන් වැඩිහිටියා දක්වාම ඉඳගෙන උන් තැනින් නැගිට්ටා. බොහොම ගැම්මට අත්පුඩියක් ගැහුවා.

කොහොමින් කොහොමින් හරි පස්සෙ කාලෙක ඒ සිරිත හෝ පුරුද්ද අභාවයට යන්න ගියා. මතකයේ හැටියට පස්සේ පස්සෙ සිංහ කොඩිය රිදී තිරය මත ලෙළදුන්නෙත් නැහැ. දැකපු නැති සිංහ කොඩියක් වෙනුවෙන් ප්‍රේක්ෂකයෝ නැගිට්ටෙත් නැහැ.

හැබැයි, එකක් කියන්න පුළුවන්.

සිංහ කොඩිය ආයෙම වතාවක් චිත්‍රපට හෝල්වල රිදී තිරය මත ලෙළදෙන්න ගත්තොත් නම් අපේ ශ්‍රී ලාංකිකයෝ ඉඳගෙන ඉන්න පුටුවෙන් නැගිටලා අත්පුඩි ගහලා විතරක් නවතින එකක් නැහැ. ඉන්තේරුවෙන්ම දණගහලා දොහොත් මුදුන් දීලා වඳිනවා සැක නැහැ.

ඇයි මේ එහෙම කියන්න හේතුව?

ඇයි මේ දවස්වල උමාරා සිංහවංශට අපේ සිංහලයෝ ගහන ගැහිල්ල දැක්කම උන්දැලාගේ ජාති ආලය වගේම ජාතික මාමකත්වය මොන තරම් උත්සන්නද කියන එක ගැන ආයෙ දෙපාරක් හිතන්න දෙයක් තියෙනවද?

ඔන්න ඔන්න උන්දැලාට නහුතෙට තද වුණා.

පොඩ්ඩක් හෝව්… මේ කියන්න හදන්නේ උමාරා ජාතික ගීය කියපු විදිය නියමයි කියලා එහෙම නම් නෙවෙයි. මේ කියන්න හදන්නේ ‘ෆේස්බුක්’ එක පුරා උමාරාට ගහන ගැහිල්ල ගැන වෙනම පැත්තකින් බලපු කාරණයක් ගැනයි.

මෙහිදී මුලින්ම කියන්නට තියෙනවා උමාරා ‘මාතා’ ‘මහතා’ සිදුවීම අව් අස්සේ කදිම පෝස්ටුවක් ෆේස්බුක් එකේ ෂෙයාර් වෙනවා. එහි ඇත්තේ ශලනි සහ උමාරා රිලේ ධාවන තරගයකට සහභාගි වන රූප පෙළකි. එහි එක් රූපයක ශලනි, උමාරාට දිවීම භාර දී පැත්තකට වන දර්ශනයක් දැක්වෙන අතර, එහි අවසානයට දිස්වන්නේ ධාවන තරගය අතරතුර තෙල් මිල ඉහළ ගිය නිවේදනය දැක්වෙන පින්තූර රාමුවකි. මෙයින් ගම්‍ය වන්නේ වැඩකට නැති දේ වෙනුවෙන් අප ෆේස්බුක් එකෙහි මීම්ස් දමමින් ජෝගි නටන විට හර්තාල් කිරීමට අවැසි දේ අපට නොපෙනෙන බවය. අපෙන් මගහැරෙන බවය.

මේ දවස්වල අපේ දේශමාමක දේශප්‍රේමීන්ගේ ලොකුම ප්‍රශ්නය වී ඇත්තේ උමාරා ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ආරම්භක උත්සවයට ගැයූ ජාතික ගීයෙහි ඇද පලුද්දය.
උමාරා හිතාමතාම ජාතික ගීය විකෘති කළා.

උමාරා කළේ ජාතික අපරාධයක්.

රජය උමාරා සිංහවංශට විරුද්ධව පියවර ගත යුතුයි.

වහාම උමාරා සිංහවංශට විරුද්ධව විමර්ශනයක් කළ යුතුයි.

‘මාතා’ වෙනුවට ‘මහතා’ යනුවෙන් ජාතික ගීයේ වචනයක් ප්‍රනවුන්ස් වූ නිසා ජාත්‍යාලය ප්‍රමුඛ කොට ගෙන ෆේස්බුක් එකෙහි යකා නටන පිරිස උමාරා සිංහවංශට විරුද්ධව කෑගසන්න අරන් තියෙන්නේ එවැනි වාග් ප්‍රහාරයක් සමගයි. ඒ අතර ජපන් තරුණියන් සුද්දන් සහ විවිධ ජාතීන්වල තව තව යුරෝපීය ගායිකාවන් අපේ ජාතික ගීය හොඳ අපූරුවට ගායනා කරන වීඩියෝද සමහරු උමාරාගේ ගීතය සමග කම්පෙයාර් කරමින් මුදාහැර ඇත.
‘උමාරා සිංහවංශ වහාම ජාතිය අමතා සමාව ගත යුතුයි…’

තවත් පිරිස් එහෙමද චෝදනා කොට ඇත. සමාව ගැනීමට තරම් වරදක් තමා කළේ නැතැයි කියමින් උමාරා ප්‍රකාශයක් නිකුත් කිරීමෙන් අනතුරුව ඇයට විරුද්ධව හඬ නගන්නන් වෙඩි වැදුණු වල් ඌරන් මෙන් කුපිත වී ඇත. ජාතිය ගීතයෙහි අනන්‍යතාව ගැන මීට පළමුවද නොයෙක් හැලහැප්පීම් සිදුවූවා මතකය. එහි එක් සිදුවීමක් වන්නේ ප්‍රවීණ සංගීත විශාරද සහ සංගීතඥ ප්‍රේමසිරි කේමදාසයන් ඔපෙරා විලාසිතාවට ‘පිරිනිවන් මංගල්‍යය’ සහ ‘මානසවිල’ යන සිය නිර්මාණ මෙහෙවර වෙනුවෙන් ජාතික ගීය භාවිතයට ගත් මොහොතේ ඔහුද ප්‍රවීණයන්ගේ පවා උපහාසයට බඳුන් විය.

මෙහිදී තවත් එක් සිදුවීමක් වන්නේ ලේක්හවුස් ආයතනයේ හිටපු සභාපති ප්‍රවීණ මාධ්‍යවේදී, එවක ලේක්හවුස් කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ බන්දුල පද්මකුමාර, විශාරද සනත් නන්දසිරි ඇතුළු කලාකරුවන් යොදාගෙන ජාතික ගීය නව ආරකට අනුව නිර්මාණය කරන්නට ගිය අවස්ථාවය. කෙසේ වෙතත් ඒ හැම අලකලංචියකටම වඩා උමාරා ‘මාතා’ සහ ‘මහතා’ කළ සංගදිය ඕනෑවට වඩා පත්තුවී ගියේය.

හොඳයි… මධ්‍යස්ථ තැනක ඉඳගෙන මේ සිදුවීම ගැන අපි මෙහෙම හිතන්න ගත්තොත් උමාරා ‘මාතා’ වෙනුවට ‘මහතා’ කියා ප්‍රනවුන්ස් කළා. ජාතිකය කියන හැඟීම ඈ තුළ තිබුණේ නැහැ. සියලු ශ්‍රැති වෙනස් කර ඇය එයට ඔපෙරා ස්වරූපයක් දුන්නා.

හරි. එහෙම කියා උමාරා වැනි සංගීත ශිල්පිනියකට කුරුසියේ තබා ඇණ ගසන තාලයේ දඬුවමක් දිය යුතුද? ඇයව දඬුකඳේ ගැසිය යුතුද? එහෙමත් නැතිනම් දඟගෙයි ලෑමට අවශ්‍ය ක්‍රියාමාර්ග ඈ වෙනුවෙන් ගත යුතුද? ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මේ සංසිද්ධිය වෙනුවෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නවාය කියා තිබියදීත් ෆේස්බුක් සහ සෝෂල් මීඩියාවල දවස ගතකරන්නන් මේ හැටි ඒ වෙනුවෙන් හර්තාල් කළ යුතුද? ඔවුන්ගේ හර්තාලයට හේතුව අවංකවම ජාතික ගීය ගැන තිබෙන ළෙන්ගතුකමෙහි කැක්කුමද?

බොහෝ විට එහි ඇත්තේ එහෙම කැක්කුමක් නෙමේය. ඇත්ත කතාව නම් මේ විකාරයෙහි ඇත්තේ රැල්ලක හිස් ගැම්මකි. කල දුටු කල වළ ඉහගන්නා ප්‍රවීණ කලාකරුවන්ගේ පෞද්ගලිකත්වයට නිකරුණේ මඩ ගසන පිරිස්ද නැතුවා නොවේ.

‘ඌරෝ කැකුණ තළනකොට හබන් කුකුළන්ට රජ මඟුල්’ කීවා සේ මේ පිරිස් මේ සිදුවීම හරහා උමාරාට විරුද්ධව තම බළකාය උසිගන්වමින් සිටින්නේය. ඒ උසිගැන්වීමට නතුව කෑගසන පිරිසක් සිටියද තවත් ඇතැම් පිරිස් හඬා වැළපෙන්නට තව දහසකුත් එකක් කාරණා රටේ තිබියදී ‘මාතා මහතා’ සිදුවීම මෙතරම් විශාල කලබැගෑනියක් කරගත යුතුදැයි යන මතය තුළ සිටිති.

‘මාතා මහතා නෙමේ. අන්න ආතා තෙල් මිල වැඩිකරලා…’

‘මාතා මහතා වෙච්ච එක අපේ උන්ට හෙන අවුල්. මාතා බංකොලොත් කළ එවුන් ගැන වගේවගක් නෑ…’

‘මාතාට මහතා කියපු එකීව කන්න හදන එවුන් රට කාපු එවුන්ට තවමත් රෙදි නැතුව කඩේ යනවා…’

ඒ, උමාරා සිංහවංශ ‘මාතා’ට ‘මහතා’ කී කාරණය අල්ලාගෙන යකා නටන එවුන් වෙනුවෙන් මුහුණු පොතේ සටහන් වූ කමෙන්ට්ස් කිහිපයකි. ඒ ප්‍රතිචාර ගණන් නොගෙන ඉන්නටද බැරිය. සත්තකින්ම කියනවා නම් උමාරා සිංහවංශට විරුද්ධව විමර්ශන කරනවා නම් විමර්ශන කළ යුතු තව දැවෙන ප්‍රශ්න රට තුළ තිබුණේය. අදටත් තිබෙන්නේය.

තෙල් පෝලිම්වල තාත්තලා මැරී වැටුණෝය.

ගෑස් ටැංකි පුපුරා මිනිස්සු මාරාන්තික තුවාල ලැබුවෝය.

කුසට කන්නට යමක් නැතුවත් දරුවන් දහස් ගණන් පාසල් යන්නේ නැත.

ඉන්ජෙක්ෂන් වැරැදී තරුණ දරුවෝ මයැදෙති. කල් ඉකුත් වූ බෙහෙතක් නිසා රෝගීන් අඳභාවයට පත්ව ඇත.

රෝහල්වල බෙහෙත් නැත.

රිජ්වේ ආර්යා රෝහලේ දරුවන්ට දෙන්න පෝෂණීය කෑම වේලක් නැත.

උමාරා සිංහවංශට විරුද්ධව විමර්ශන තියන අය ඉහත සිදුවීම් වෙනුවෙන්ද අනිවාර්යයෙන්ම විමර්ශන කළ යුතුය. එලෙසම ඉරාජ්ලා මිනිස්සුන්ව අවුලවද්දී සංගීත් විශාරද ඉන්දිකා උපමාලි මෙම සිදුවීමට මැදිහත් වෙමින් සටහන් කොට තිබුණේ, උමාරා ‘මහතා’ කියන්නේ නැති බවය….

‘උමාරා කුසලතා පිරි ගායිකාවක්. ඇය ‘මහතා’ කියන්නේ නැහැ. සිදුව ඇත්තේ ගායනයේදී ඇය විසින් ඇතිකරනු ලබන තාක්ෂණික කාරණා මුල්කරගෙන ‘හ’ යන්නක් ශබ්ද වීමයි. මෙය ගායනා කොට ඇත්තේ ඔපෙරා ශෛලියට නිසයි එහෙම වෙන්නේ….’ ඒ ඉන්දිකාගේ සටහනේ කොටසකි.

අවසානයට අපද මෙහෙම සටහනක් තබන්නෙමු.

උමාරා අතින් සිදුවූ ‘මාතා මහතා’ සංගදිය අපේ මිනිස්සුන්ට වැඩිම වුණොත් තව දවස් තුනකින් වාගේ අමතකව නොගියොත් එය පුදුමයකි. ලංකාවේ තියරිය ඒකය. කතා කරන්නට හර්තාල් කරන්නට දැවෙන ප්‍රශ්න බොහොමයක් රට පුරා ඇවිළෙද්දී අපේ මිනිසුන් කාගේ හෝ ඊට තරම් නොවන වෙනත් කාරණාවක් අල්ලාගෙන යකා නටන, මඩ බාල්දි ගණන් ගසන ඒ තියරියෙහි අවසානයක් ද නොවන්නේය.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

උමාරා සමාව ඉල්ලයි…

‘2023 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සමාරම්භක උත්සවයේදී මා විසින් ගායනා කරන ලද ජාතික ගීය සම්බන්ධවයි’

වර්ෂ 2023 වූ ජූලි මස තිස් වැනි දින LPL සමාරම්භක උත්සවයේදී ජාතික ගීය මා විසින් ගායනා කරන ලද අතර, සමහර වචන මා විසින් උච්චාරණය කරන ලද ආකාරය පිළිබඳව ගැටලුසහගත තත්ත්වයක් ඇතිවී ඇති බව මගේ අවධානයට යොමුවී ඇත.

මේ සම්බන්ධයෙන් මා කියා සිටින්නේ, ශ්‍රී ලාංකිකයකු වශයෙන් මම නිතරම ශ්‍රී ලංකා ධජය මහත් අභිමානයෙන් ඔසවා ඇති බවත්, තම මාතෘ භූමියට ආදරය කරන ගායිකාවක් වශයෙන් මා විසින් සෑම අවස්ථාවකදීම මගේ රටේ අභිමානය නගාසිටුවීම සඳහා ගීත ගායනයෙන් මෙන්ම විවිධ ආකාරයෙන් මගේ උපරිම ශක්ති ප්‍රමාණයෙන් කටයුතු කර ඇති බවයි. ජාතික ගීයේ වචන විකෘති කිරීමට හෝ කිසිදු ආකාරයක වැරැදි අර්ථකථනයක් සැපයීමට මා කිසි විටෙකත් අදහස් කළේ නැත.

මගේ රටේ ජනතාවගේ හැඟීම් මට වැටහෙන බැවින්, මගේ ගායනය නිසා පීඩාවට පත්වූ, සිත් රිදවීමට ලක්වූ ඕනෑම කෙනකුට මගේ හෘදයාංගම සහ අවංක සමාව අයැදිමි.

උමාරා සිංහවන්ස

SendShareShare
Previous Post

ඡන්ද එනවා, පාකිස්තානය-බංග්ලාදේශය පුපුරනවා, අපිට නම් ගානක්වත් නෑ I Sri Lanka Latest News

Next Post

විපක්ෂනායක දවල් පාර්ලිමේන්තුවේදී සැර කතාවක් කරයි! හවස බදුල්ල රෝහලේ කපපු විදුලිය යළිත් ලබා දෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.