• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගැරී ආනන්දසංගරීට ලංකාවේ දොර වහලා අපි ඉල්ලගෙන කෑවද I Sri Lanka Latest News

August 11, 2023
in Exclusive, News
Reading Time: 6 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලෝකයේ විවිධ රටවලින් අපට කලින් කලට විවිධ කතන්දර අසන්න ලැබෙයි. මෙම සමහර කතන්දර අපට මහත් පුදුමයක් සහ විස්මයක්ද ඇතිකරයි. එසේම තවත් සමහර වගතුග මහත් ආන්දෝලනයක්ද ඇතිකරයි. මේ ආකාරයට මෙයට දින කිහිපයකට ඉහතදී අපට අතිශය අපූරු වගතුගක් අසන්නට ලැබුණේය. බටහිර දේශයක් වන කැනඩාවෙන් මෙම වගතුග ලෝකය පුරාම ඇසෙන්නට විය.(Sri Lanka Latest News)

එහෙත් එය ශ්‍රී ලංකාවට වඩාත් වැදගත් වූයේ එය මෙරටට ආවේණික වූ කතාන්දරයක් හෙයිනි. එසේම එය ශ්‍රී ලංකාවේම අනන්‍යතාවක් පෙන්වන වගතුගක්ද වූ හෙයිනි. එහි අනෙක් සුවිශේෂත්වය වූයේ එම කතාව යම් වාර්තාවක්ද තබමින් ගොඩනැගුණු එකක් වූ හෙයිනි. එය ශ්‍රී ලංකාවටද වාර්තාවකි. එමෙන්ම කැනඩාවටද වාර්තාවකි. කුමක්ද මේ සුවිශේෂ වෘතාන්තය?

‘ශ්‍රී ලාංකික දමිළ ජාතිකයකුට කැනඩාවේ රජයේ කැබිනට් ඇමැති ධුරයක් හිමිවෙයි’ යන්න මෙම පුවතේ සිරස්තලය විය. මෙය මුලින්ම විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබිණි.

මෙම සුවිශේෂ පුවත තවදුරටත් ප්‍රකාශ වී තිබුණේ මෙසේය.

‘ඉතිහාසයක් නිර්මාණය කරනු ලබන මෙම කතාව 2023 ජූලි 26 වැනිදා වාර්තා විය. එනම් ශ්‍රී ලංකාවේ උපන් ශ්‍රී ලාංකික දමිළ ජාතිකයකු වූ කැනඩාවේ දේශපාලකයකු ලෙස කටයුතු කළ ගැරී ආනන්දසංගරීට කැනේඩියානු අගමැති ජස්ටින් ටෲඩෝ විසින් කැබිනට් ඇමැති දුරයක් පිරිනමා ඇත. මෙලෙස එරට කැනේඩියානු රජයේ ඇමැති මණ්ඩලයේ ඔටුන්න හිමි ස්වදේශික සබඳතා කැබිනට් අමාත්‍ය ධුරය ආනන්දසංගරීට හිමිව ඇත…’

මෙලෙස ගැරී ආනන්දසංගරී කැනඩාවේ කැබිනට් අමාත්‍ය ධුරයකට පත් ප්‍රථම ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයා ලෙස කැනේඩියානු ඉතිහාසයට එක්වනු ඇත. එසේම මෙය ශ්‍රී ලංකාවේ ඉතිහාසයටද එක්වනු ලබන සුවිශේෂ වාර්තාවක්ද වෙයි. එසේ වන්නේ ඔහු ශ්‍රී ලාංකිකයකු වන හෙයිනි. කෙසේ හෝ අප මෙතෙක් දන්නා තොරතුරුවලට අනුව ශ්‍රී ලාංකිකයකු මෙතෙක් ලෝකයේ බටහිර රටක රාජ්‍ය තන්ත්‍රයක කැබිනට් අමාත්‍යවරයකු ලෙස පත්වූ ප්‍රථම අවස්ථාවද වන්නට හැකිය.

ආසියාතික රටක් වන සිංගප්පූරුවේ නම් කැබිනට් අමාත්‍ය ධුරය සඳහා ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ලාංකිකයන් පත්වූ අවස්ථා ගැන අප අසා ඇත. බටහිර රටවල් කිහිපයක පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර සඳහා ශ්‍රී ලාංකිකයන් තේරී පත්වූ අවස්ථා තිබුණද මෙසේ ප්‍රධාන කැබිනට් අමාත්‍ය ධුරයක් ලැබීම අසන්නට නොතිබිණි. එහෙයින් මෙය සැබැවින්ම සුවිශේෂ වගතුගකි.

මෙලෙස දුර්ලභ වරප්‍රසාදයක් හිමිකර ගත් ගැරී ආනන්දසංගරී (Gary Anandasangaree) කවරෙක්ද? මොහුගේ සැබෑ නාමය වන්නේ සත්‍යසංගරී ආනන්දසංගරී වන අතර, එහෙත් ඔහු පසුව ගැරී ආනන්දසංගරී ලෙසට තම නාමය වෙනස් කරගෙන ඇත. දැනට 50 වැනි වයෙහි පසුවන ගැරී ආනන්දසංගරී යනු ශ්‍රී ලංකාවේ ප්‍රවීණ දෙමළ දේශපාලනික නායකයකු වන වී. ආනන්දසංගරීගේ පුත්‍රයාය. වී. ආනන්දසංගරී යනු වත්මනෙහි ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායකයා සහ සභාපතිවරයාද වෙයි. ඔහු දැනට 90 වැනි වියෙහි පසුවෙයි.

ඔහුගේ පුත්‍ර ගැරී ආනන්දසංගරී තම මව සමග කැනඩාවට සංක්‍රමණය වී තිබෙන්නේ 1983 කළු ජූලිය සමයේදීය. එනම් මෙයට හරියටම වසර 40කට පෙර ඔහු වයස අවුරුදු 10ක කුඩා දරුවකුව සිටියදීය. එම සංක්‍රමණයට කළු ූලි කලබල සමයද බලපා තිබිණි. ඉන් පසුව ඔහු පසුගිය වසර 40ක කාලයම ජීවත්ව ඇත්තේ කැනඩාවේය. එරට පාසල්වල ප්‍රාථමික අධ්‍යාපනය ලබා පසුව එහි විශ්වවිද්‍යාලයකින් දේශපාලන විද්‍යා උපාධියක්ද ලබාගනිමින් ඔහු වෘත්තියෙන් නීතිඥවරයකු ලෙස කටයුතු කළේය. ඔහු ඉන් පසුව එරට තුළ දේශපාලනයටද ක්‍රමානුකූලව පිවිසෙන්නේය.

ඒ ඇනුව ඔහු එරට ප්‍රධානතම දේශපාලන පක්ෂයක් වන ලිබරල් පක්ෂයට සම්බන්ධ වී කටයුතු කරන්නේය. එහිදී ඔහු එරට සිටින කැනේඩියානු පුරවැසිභාවය හිමි ශ්‍රී ලාංකික දමිළ ජනතාව සමගද බොහෝ සමීපව කටයුතු කරන්නේය. මේ ආකාරයට ඔහු එම පිරිස් සමග සහ කැනේඩියානු ජාතිකයන් සමගද සුහදත්වය දිනාගනිමින් කටයුතු කරන්නේය.

ගැරී ආනන්දසංගරී 2015 වසරේදී ලිබරල් පක්ෂ අපේක්ෂකයෙක් ලෙස ‘ස්කාර්බරෝ රෆ් පාක්’ (Scarborough Rouge Park) නමැති ආසනයට තරග කරමින් එම ආසනය බහුතර ඡන්දයෙන් දිනාගත්තේය. මේ ආකාරයට ඔහු මේ දක්වා වසර 08කට ආසන්න කාලයක් එම අසුනෙහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස කටයුතු කරන්නේය. ඔහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයත්, සංක්‍රාන්තියත් උදාවන්නේ හරියටම මෙයට දින කිහිපයකට උඩදීය.

එනම් පසුගිය 2023 ජූලි 26 වැනිදා කැනඩාවේ අගමැති ජස්ටින් ටෲඩෝ විසින් ගැරී ආනන්දසංගරීට කැබිනට් අමාත්‍ය ධුරය පිරිනැමීම එම සුවිශේෂ සිදුවීම විය. එය ස්වදේශ සබඳතා කටයුතු පිළිබඳ අමාත්‍ය ධුරය වූ අතර එහිදී එම අමාත්‍ය ධුරයේ කාර්යභාරය වන්නේ කැනඩාවේ ස්වදේශී නොහොත් ආදිවාසී ජනතාවගේ සුබසාධනය අධීක්ෂණය කිරීමය. කැනඩාවේ රාජ්‍ය පාලනයේ ආකාරයට මෙම අමාත්‍ය ධුරය ඉතා වගකීම්සහගත එකක් බව පැවැසෙයි. එනම් මෙම ස්වදේශී නොහොත් ආදිවාසී ජනතාවට ප්‍රධානතම ජන කොට්ඨාස තුනක් අයත් වන අතර, පුද්ගලයන් ලක්ෂ 19කට ආසන්න පිරිසක් එයට අයත් වෙයි.

ඉදිරියේදී මෙම සියලු ජනතාවගේ පූර්ණ සුබසාධනය භාරව කටයුතු කිරීමට සිදුවන්නේ ගැරී ආනන්දසංගරී අමාත්‍යවරයාටය. එම ස්වදේශී ජන කොට්ඨාසයන්ටද තමන්ගේ නායකයන් සිටින අතර, මේ වන විට ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ තමන්ගේ ජනයාගේ සුබසාධනය සාර්ථකව සිදුකිරීම නව ඇමැතිවරයාගේ වගකීමක් බවය. ඒ නිසා නව ඇමැතිවරයාගේ ක්‍රියාකලාපය කෙරෙහි බලාපොරාත්තු තබාගනු ඇතැයි ඔවුන් ප්‍රකාශ කර තිබිණි. මෙයට පෙර මෙම ස්වදේශී කටයුතු භාරව සිටි අමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු ලේකම්වරයා වශයෙන්ද ගැරී ආනන්දසංගරී කටයුතු කර ඇත. මේ නිසා ඔහු මෙම ජන කොට්ඨාසයන්හි සමාජ රටාව හොඳින් දන්නා බවටද කරුණු ප්‍රකාශ වෙයි. ඔහුට මෙම කැබිනට් අමාත්‍ය ධුරයක් පැවරීම බොහෝ සංකීර්ණ වූ කතාන්දරයකි.

කැනඩාව යනු සංක්‍රමණික දෙමළ ජනතාව විශාල වශයෙන් වාසය කරන රටක් වෙයි. මෙහිදී මෙරටින් කලින් කලට එසේ කැනඩාවට සංක්‍රමණය වූ දෙමළ ජනතාවද අතිවිශාල ප්‍රමාණයකි. මෙහිදී මෙම දෙමළ ජනතාවගේ ඕනෑ එපාකම් රැසක්ද සොයා බැලූ දේශපාලකයකු ලෙස ගැරී ආනන්දසංගරී ප්‍රකටව ඇත. එසේම දෙමළ කොටි සංවිධානයේ බොහෝ ක්‍රියාකාරී සාමාජිකයන් විශාල ප්‍රමාණයක් සිටින්නේද කැනඩාව තුළය.

එම වටපිටාවේදී ගැරී ආනන්දසංගරී වෙත සමහර පාර්ශ්ව චෝදනා කර සිටියේ ඔහු තම දේශපාලනය තුළදී හැම විටම දෙමළ ජනතාව සමග ජාතිවාදී අයුරින් කටයුතු කරන බවටය. එසේම ශ්‍රී ලංකා රජයට එරෙහිව විවිධ අදහස් ප්‍රකාශ කිරීමද ඔහු බොහෝ අවස්ථාවලදී සිදුකර ඇත. තමන් ජාතිවාදියකු නොවන බවත්, තමන් මෙලෙස බොහෝ විට සිදුකරන්නේ යථාර්ථය ගැන කතා කිරීමක් බවත් ඔහු ප්‍රකාශ කර තිබිණි. ඔහු මෙලෙස පසුගියදා ඉතා ආන්දෝලනාත්මක වගතුගක් මාධ්‍යයට ප්‍රකාශ කර තිබිණි. එය කුමක්දැයි බලමු.

‘ශ්‍රී ලංකාව තුළ හමුදාකරණය සහ බලය බෙදීම ආර්ථික සමෘද්ධිය සඳහා අවශ්‍ය වන ප්‍රධානතම සාධකයයි. එක්සත් ජාතීන්ගේ වාර්තාවක් මගින්ද මේ බව හෙළිකර තිබෙනවා. ශ්‍රී ලංකාව සතුව යුක්රේනයේ මිලිටරය මෙන් දෙගුණයක් විශාල වූ හමුදාවක් සිටිනවා. එම තත්ත්වය අනවශ්‍ය දෙයක්. මෙම තත්ත්වයට සාර්ව ආර්ථික දෘෂ්ටිකෝෂණයකින් බලා විසඳුම් සෙවිය යුතුයි.

ශ්‍රී ලංකාවේ උතුර සහ නැගෙනහිර පළාත් දැඩි ඌන සංවර්ධිත තත්ත්වයකයි තිබෙන්නේ. මෙම පළාත්වල කර්මාන්ත සහ අනෙකුත් අත්‍යාවශ්‍ය කටයුතු දියුණු කිරීම සඳහා ස්වයං පාලන රටාවක් අවශ්‍ය වෙනවා. එසේම උතුරු – නැගෙනහිර ආරථික නිමැවුම ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වෙළෙඳපළට උපරිම සහාය ලබාදුන්නා. ශ්‍රී ලංකාවේ සිදුවූ අපරාධ සම්බන්ධයෙන් වගවීම සහතික වීම සඳහා යම් ක්‍රියාවලියක්ද ස්ථාපිත කළ යුතුයි. දෙමළ ජනතාවට යුක්තිය ඉටුකිරීමේදී කැනඩාවටද යම් කාර්යභාරයක් තියෙනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට කැනඩාව විසින් යෝජනාවක් ගෙනාවේ ඒ නිසයි.

රාජපක්ෂ සහෝදරයන් දෙමළ ජනතාවට සිදුකළ අපරාධ සම්බන්ධයෙන් ඔවුන්ට සම්බාධක පනවන ලෙස අප ඉල්ලා සිටිනවා. ශ්‍රී ලංකාව කියන්නේ සැබැවින්ම අසාර්ථක බංකොලොත් රාජ්‍යයක් ලෙසට අපි හඳුන්වා දෙනවා. පසුගිය කාලයේ ශ්‍රී ලංකාව තුළ දෙමළ ජනතාවට එරෙහිව සිදුකරන ලද ම්ලේච්ඡත්වය වාර්ගික සංහාරයක් ලෙසද අපි පිළිගන්නවා…’

ඔහුගේ මෙම ප්‍රකාශය ඉතා තදබල එකක් වන අතර, ඔහු මෙම ප්‍රකාශය සිදුකර තිබුණේ 2023 මාර්තු මාසයේදීය. මෙම වගතුග ශ්‍රී ලංකාව සහ ලොව පුරා විශාල ආන්දෝලනයක් ඇතිකළ අතර, එහිදී කැනඩාවේ විදේශ ඇමැතිනී මෙලනි ජොලි මෙම ප්‍රකාශය තුළින් කැනඩාවේ මතිමතාන්තරය ප්‍රකාශ වන්නේදැයි කියා සිටීම ප්‍රතික්ෂේප කළාය.

කැනේඩියානු රජය පසුගිය 2023 ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ඉතා තදබල තීරණයක්ද ගත්තේය. එනම් වත්මන් කැනේඩියානු රජය විසින් ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරුන් දෙදෙනකු වන මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන්ට එරෙහිව සම්බාධක කිහිපයක්ම පනවනු ලැබුවේය. සිවිල් යුද සමයේදී මෙම දෙදෙනා මානව හිමිකම් උල්ලංඝනය කළේ යැයි පැවසෙන චෝදනාව එහිදී මූලික වී තිබිණි.

මෙම සම්බාධකවලට අනුව මෙම හිටපු ජනාධිපතිවරුන් දෙදෙනාට කැනඩාවට ඇතුළු වීම තහනම් කිරීම සහ ඔවුන්ගේ වත්කම් කැටි කිරීම වැනි ක්‍රියාමාර්ග ගැනීම සිදුවනු ඇත. මෙය දැනට ලෝකයේ බලවත්ම රටක් වන කැනඩාව මගින් රාජපක්ෂවරුන්ට එරෙහිව එල්ල කරන ලද ප්‍රබලතම ප්‍රහාරයක් ලෙස සැලකිය හැකිය.

ගැරී ආනන්දසංගරී අමාත්‍යවරයා දැනට වසර 02ක කාලයක සිට මෙසේ රාජපක්ෂවරුන්ට එරෙහිව කැනඩාව විසින් තදබල පියවර ගත යුතු යැයි අවස්ථා ගණනාවකදීම නිල මට්ටමින් ප්‍රකාශයන් සිදුකළේය. මෙම තත්ත්වය නිසාම කැනේඩියානු රජය මෙවැනි තදබල තීරණයකට පැමිණෙන්නට ඇතැයිද විවිධ පාර්ශ්ව කියා සිටියේය. ගැරී ආනන්දසංගරී මෙම ප්‍රකාශයන් සිදුකරනු ලබන්නේ ඔහු කැනේඩියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුව සිටින සමයේ සිටය. එසේම පසුගිය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභා සැසිවාරයේදීද ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන එන ලද යෝජනා සඳහා කැනඩාව පැත්තෙන් මූලිකත්වය ගෙන කටයුතු කර ඇත්තේද මෙම ශ්‍රී ලාංකික දෙමළ ජාතික ගැරී ආනන්දසංගරී අමාත්‍යවරයාය.

දැන් ඔබට මෙම වටපිටාව හොඳින්ම පැහැදිලි වනවා ඇතැයි සිතමි. දැන් එසේනම් මෙම කතාන්දරයේ කූටප්‍රාප්තිය ඇතිවන්නේ මෙතැනදීය. පසුගිය 2023 ජූලි මාසයේ මුල් භාගයේදී සිදුවූයේ එක්තරා සුවිශේෂ සිද්ධියකි. එනම් එවිට මන්ත්‍රී ධුරයක් පමණක් දරමින් සිටි ගැරී ආනන්දසංගරී ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණීම සඳහා ශ්‍රී ලංකා රජයෙන් වීසා බලපත්‍රයක් ඉල්ලා සිටියේය. එහෙත් සිදුවූයේ කුමක්ද? ශ්‍රී ලංකා රජය වහාම මොහුට වීසා බලපත්‍ර ලබාදීම ප්‍රතික්ෂේප කළේය. මෙම වගතුග මුලින්ම එම දිනවලදී දැනගන්නට ලැබුණේ ගැරී ආනන්දසංගරීගේ ට්විටර් පණිවුඩයක් හරහාය. ඔහු එම ට්විටර් පණිවුඩය නිකුත් කරමින් මෙසේ කියා සිටියේය.

‘ශ්‍රී ලංකාවේ සංචාරයක් සිදුකිරීම සඳහා මම අයැදුම් කළ වීසා බලපත්‍රය ශ්‍රී ලංකා රජය විසින් තරයේම ප්‍රතික්ෂේප කර තිබෙනවා. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මම පසුගිය කාලයේදී සිදුකරන ලද විවිධ ප්‍රකාශයන් එයට හේතු වෙන්න ඇති. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රශ්න සහ වෙනත් තත්ත්වයන් ගැන මම නිරන්තරයෙන්ම සත්‍ය කතා කළා. ශ්‍රී ලංකා රජය කවදාවත් තමන්ගේ අසාර්ථකත්වය නිවැරැදි කරගන්නේ නැහැ.

කතා කිරීමේ නිදහස ශ්‍රී ලංකා රජයට නොගැළපෙන එකක්. මේ නිසා මගේ වීසා බලපත්‍රය ඉතා කනගාටුදායක ලෙස ප්‍රතික්ෂේප කර තිබෙනවා. අපෙන් පළිගැනීමටයි ඔවුන් මේ දේ සිදුකරලා තිබෙන්නේ. ඒත් අපි ඉදිරියටත් නිහඬ වෙන්නේ නැහැ. අපට කුමක් ලැබුණත් නොලැබුණත් අප අසාධාරණ තත්ත්වයන්ට එරෙහිව හැම විටම සත්‍යය කතා කරනවා….’

මෙම ආන්දෝලනාත්මක සිදුවීම සිදුවී හරියටම සති දෙකක් යන්නට මත්තෙන් ගැරී ආනන්දසංගරී කැනඩාවේ රජයේ කැබිනට් අමාත්‍යවරයකු බවට පත්විය. ‘හොඳ හොඳ අඩව් සහ කස්තිරම් අල්ලන්නේ එළිවෙන ජාමෙට’ය යන අපේ ජන වහර ඔප්පු වෙමින් තිබෙන්නේය.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

ෆොන්සේකා මහසෙනගක් එක්ක ටවුන්හෝල් එකට එයි! පොලිසියත් ටවුන්හෝල් වටකරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

බිළිඳු මළ සිරුරක කොටස් යාපනයෙන් හමුවෙයි! Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.