• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ණය ප්‍රතිව්‍යුහගත කළ වහා RCEP සාමාජිකත්වය ගන්නවා! ‘ආසියාන්’ සංවිධානයේ අනෙක් රටවල් එක්කත් වෙළෙඳ ගිවිසුම් ඇතිකරගන්නවා! ‘ආසියාන්’ දින සැමරුමේදී රනිල් කියයි! PHOTOS I Sri Lanka Latest News

August 10, 2023
in Exclusive
Reading Time: 5 mins read
A A
ණය ප්‍රතිව්‍යුහගත කළ වහා RCEP සාමාජිකත්වය ගන්නවා! ‘ආසියාන්’ සංවිධානයේ අනෙක් රටවල් එක්කත් වෙළෙඳ ගිවිසුම් ඇතිකරගන්නවා! ‘ආසියාන්’ දින සැමරුමේදී රනිල් කියයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ණය ප්‍රශස්තකරණ කටයුතු අවසන් වූ වහාම කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වයේ (RCEP) සාමාජිකත්වය ලබා ගැනීමටත් “ආසියාන්” සංවිධානයේ අනෙකුත් රටවල් සමග ද නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කර ගැනීම සඳහා සාකච්ඡා ආරම්භ කිරීමටත් බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.Sri Lanka Latest News

ඉන්දු පැසිෆික් කලාපය පිළිබඳ ‘ආසියාන්’ සංවිධානයේ ඉදිරි දැක්ම සමඟ එකඟ වන අතර එම දැක්ම ඉදිරියට ගෙන යාමට පූර්ණ සහාය දෙන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ පසුගිය 08වනදා කොළඹ ඉන්දුනීසියානු තානාපති කාර්යාලයේ පැවති 56 වන “ආසියාන්” දින සැමරුම් උත්සවයේදීය.

1967 අගෝස්තු 08 වන දින, ඉන්දුනීසියාව, මැලේසියාව, පිලිපීනය, සිංගප්පූරුව සහ තායිලන්තය යන රටවල විදේශ අමාත්‍යවරු පස් දෙනෙක්ගේ අත්සනින් යුතුව තායිලන්තයේ බැංකොක්හි විදේශ කටයුතු අමාත්‍යාංශ ගොඩනැඟිල්ලේ දී අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමය (ASEAN) පිහිටුවා ගත්හ. අද වන විට එය බෲනායි, කාම්බෝජය, ඉන්දුනීසියාව, ලාඕ‍සය, මියන්මාරය, පිලිපීනය, සිංගප්පූරුව, තායිලන්තය සහ වියට්නාමය යන රටවල් 10ක් සාමාජිකත්වය දරණ අන්තර් රාජ්‍ය සංවිධානයක් ලෙස පුළුල් වී තිබේ.
ආසියාන් සංවිධානයේ සාමාජික රටවල් විසින් සෑම වසරකම අගෝස්තු 08 වන දින ආසියාන් “ASEAN දිනය” සමරනු ලබයි.
එහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.
ආසියාන් (ASEAN) සංවිධානයේ 56 වන සංවත්සරය වෙනුවෙන් මගේ සුබ පැතුම් පිරිනමනවා. මෙම සංවිධානය සෙමින් නමුත් ක්‍රමික සහ පුළුල් අනාගතයක් සමඟ ලෝකයේ විශාලතම ආර්ථික හවුල්කාරිත්වවලින් එකක් ලෙස වර්ධනය වී ඉදිරියට ගමන් කරමින් තිබෙනවා. ආසියාව තුළ ඔබේ ක්‍රියාවලිය පහසු කටයුත්තක් නොවූවත් ඔබේ සාර්ථකත්වයේ කතාව නම් එය සාර්ථකව ක්‍රියාත්මක කිරීමට හැකි වීමයි.
මෙය සුබ පැතීමට මෙන්ම පසුතැවීමටද අවස්ථාව බව මම කියන්න කැමතියි. ඒ ඇයිද කිව්වොත් ආරම්භයේදීම ආසියාන් සංවිධානයට සම්බන්ධ වන ලෙස ශ්‍රී ලංකාවට ආරාධනා කෙරුණා. අප එය පිළිගත්තේ නැහැ. එම සිදුවීම පිළිබඳ මම සාක්ෂිකරුවෙක් වෙනවා මෙන්ම මගේ පියා ඊට සම්බන්ධ වූ එක් අයෙක් බව කියන්න කැමතියි.
1965 වසරේදී එක්සත් ජාතික පක්‍ෂය බලයට පත්වීමෙන් පසු රටේ ආර්ථිකය විවෘත කළ යුතු බවට යෝජනාවක් වගේම ඉල්ලීමකුත් පැවතුණා. පළමුවෙන්ම එවකට අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායක මැතිතුමා විසින් හරිත විප්ලවය නමින් ව්‍යාපාරයක් එළිදක්වනු ලැබුවා. එය සාර්ථක වුණා. එමඟින් එළිදැක්වුණු ෂෙනෝයි වාර්තාව, එවකට යුනිවර්සිටි කොලිජියේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු වූ මහාචාර්ය ෂෙනෝයි විසින් ශ්‍රී ලංකාවට පැමිණ සකස් කරන ලද වාර්තාවක්.

මගේ පියා යුනිවර්සිටි කොලීජියේ අධ්‍යාපනය ලබන අවධියේ දී මහාචාර්ය ෂෙනෝයි එහි ආචාර්වරයෙකු ලෙස කටයුතු කර තිබෙනවා. එවකට අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ ජේ.ආර්.ජයවර්ධන මහතාගේ ඉල්ලීමකට අනුව තමයි මහාචාර්ය ෂෙනෝයි ශ්‍රී ලංකාවට පැමිණියේ. මහාචාර්ය ෂෙනෝයි විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව අනුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය ලිබරල්කරණය සහ සමාජ සුභසාධනය පිළිබඳ රජයේ වගකීම සහතික කිරීමට හැකි වුණා.
දෙවනුව තමයි ශ්‍රී ලංකාවට ආසියාන් සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීම සඳහා ආරාධනාව ලැබෙන්නේ. දෙවන ලෝක යුද්ධ සමයේදී අප සියලු දෙනා එක්ව අග්නිදිග ආසියානු විධානය පිහිටුවා ගෙන තිබුණු නිසා එලෙස ආරාධනාවක් ලැබීම සාමාන්‍ය තත්ත්වයක්.
ඒ වන විට අග්නිදිග ආසියාවක් සැබවින්ම පැවතුණේ නැහැ. කෙසේ නමුත්, මෙම විවාදය ඉදිරියට ගියා. ඒ නිසා අපට අමතර කාලයක් ලැබුණා. ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා, ආමාත්‍ය මණ්ඩලයේ ඇතැම් ඇමතිවරුන්, ආමාත්‍ය මණ්ඩලයෙන් පිටස්තරව පාර්ලිමේන්තුවේ සිටි මගේ පියා වැනි පුද්ගලයන් සියලුදෙනාම ෂෙනෝයි ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන ලෙසත් ආසියාන් සංවිධානය සමඟ එක්වන ලෙසත් රජයට බල කරනු ලැබූවා.
නමුත් විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස ද කටයුතු කළ ඩඩ්ලි සේනානායක මහතාට අවාසනාවන්ත ලෙස මහා භාණ්ඩාගාර නිලධාරීන් උපදෙස් දී තිබුණේ ආර්ථිකය විවෘත කිරීමේ අවදානම නොගන්නා ලෙසයි. නොබැඳි ජාතීන්ගේ සංවිධානයේ අනුමැතිය හිමි නොවන නිසා ආසියාන් සංවිධානය සමඟ එකතු නොවන ලෙසටත් විදේශ කටයුතු නිලධාරීන් එතුමාට පවසා තිබුණා.
අපි දැන් වසර 56කට පසුව ආසියාන් සංවිධානයේ සිටිනවා. ආසියාන් සංවිධානයේ සාමාජිකත්වය දරන බොහෝමයක් රටවල් මේ වන විට සමෘද්ධිමත් රටවල් බවට පත්ව තිබෙනවා. අප මොකක්ද කළේ? වසර 3කට පසු එනම් 1970දී ශ්‍රී ලංකාව සමාජවාදී ආර්ථික ක්‍රමයකට පරිවර්තනය වූණා. අපි අපේ ප්‍රාග්ධන ව්‍යුහයන් බිඳ දමා ඉදිරියට ගියා. ඒ ආර්ථිකයේ විලංගුවලින් අප සම්පූර්ණයෙන්ම නිදහස් වී නැහැ.
මේ වන විට ඔබ සංවිධානය ලෝකයේ 5 හෝ 4 වන විශාලතම ව්‍යාප්ත වීමේ හැකියාව ඇති ආර්ථිකයන්ගෙන් එකක් බවට පත්ව තිබෙනවා. අපි වසර 55ක් අවසානයේ බංකොලොත් වී සිටිනවා. ඉතින් මෙය තමයි අපගේ පසුතැවීමට හේතුව.
නමුත් අපි මේ වන විට ඒ බංකොලොත්භාවයට මුහුණ දී එය පූර්ණ වශයෙන් පාලනයකට නතු කරගෙන තිබෙනවා. දැන් අපි වේගයෙන් ඉදිරියට යාමට අපේක්ෂා කරනවා. එහිදී අප ආසියාන් සංවිධානය පැමිණි ගමන් මඟ ආදර්ශයට ගෙන, ආසියාන් සංවිධානය සමඟ ඉතා සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා.
එය තමයි මගේ රජයේ ප්‍රතිපත්තිය. අනෙක් රජයන්ගේ ප්‍රතිපත්තිය ද එයම වෙයි කියා මම විශ්වාස කරනවා. අග්නිදිග ආසියාව සමඟ අපට ඇති සම්බන්ධතාවය වඩාත් ශක්තිමත් එකක් බව කිවයුතුයි. ඉන්දියාව සහ මාලදිවයින හැරුණුකොට අග්නිදිග ආසියාව සමඟ වඩාත්ම සමීප රට ශ්‍රී ලංකාවයි.
මහාවිහාර බුදුදහමේ ඉගැන්වීම් සමග ලාඕසය, කාම්බෝජය සහ වියට්නාමයේ කොටස් සමඟ පවතින ඉතාමත්ම සමීප සම්බන්ධතාවය සහ රටවල් අතර දීර්ඝ කාලීනව සිදුව ඇති අන්තර්ක්‍රියා දෙස බලන්න. සියලුම වර්ගවල මැලේ ජාතිකයින් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. අනුරාධපුර රාජධානියේ ශ්‍රී විජය රජුගේ රාජ්‍ය සමයේ පැවත ඇති සම්බන්ධතා ඉතා වැදගත් සන්ධිස්ථානයක්.

අප රටවල් අතර අතීතයේ සිට පවතින සම්බන්ධතාවන් මේ හරහා මැනවින් පිළිබිඹු කරනවා. අපට අපගේ සංස්කෘතික, ආර්ථික සහ දේශපාලන සම්බන්ධතා තවදුරටත් ගොඩනැඟිය යුතුව තිබෙනවා. එනිසා තමයි මම අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන අවධියේදී අත්‍යවශ්‍ය කරුණක් වන සිංගප්පූරුව සමඟ පළමුවෙන්ම නිදහස් වෙළෙඳ ගිවිසුමකට එළැඹීමට කටයුතු සම්පාදනය කළේ. අපට එය නැවත අලුත් කිරීමට හැකි වී තිබෙනවා.
ඒවගේම තායිලන්තය සහ අනෙකුත් ආසියාන් සංවිධානයේ රටවල් සමඟ ද මෙය ව්‍යාප්ත කිරීමට අප සාකච්ඡා සිදුකරමින් සිටිනවා. ඒ වගේම ශ්‍රී ලංකාව කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වයේ (RCEP) සාමාජිකත්වය ලබා ගැනීම සඳහා අයදුම් කිරීමට බලාපොරොත්තු වනවා. එහි චීනය, ජපානය, දකුණු කොරියාව සහ ඕස්ට්‍රේලියාව යන රටවල් සමාජිකතවය දරනවා. එය ලෝකයේ බලවත්ම රටවල් වලින් කොටසක් නියෝජනය කරනවා. කලාපයේ වෙනත් රටවල් කිසිවක් තවමත් මෙයට අයදුම් කර නැහැ. නමුත් ශ්‍රී ලංකාව එම සංවිධානය සමඟ එක් වීමට බලාපොරොත්තුවෙන් සිටිනවා.
ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තකරණ කටයුතු අවසන් වූ වහාම කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වයේ (RCEP) සාමාජිකත්වය ලබා ගැනීමටත්, ආසියාන් සංවිධානයේ අනෙකුත් රටවල් සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කර ගැනීම සඳහාත් සාකච්ඡා ආරම්භ කිරීමට අප බලාපොරොත්තු වනවා.
මෙය තමයි අපට සම්පූර්ණයෙන්ම ආසියාන් සංවිධානය වෙත ප්‍රවේශ වීම සඳහා ගත හැකි වඩාත් ඵලදායී ක්‍රියාමාර්ගය වන්නේ. අපි ආසියාන් සංවිධානයේ ආරාධනය ප්‍රතික්ෂේප කළ නිසා අපට එයට ඇතුළු වීමට නොහැකි වුණා. දැන් අප කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වය (RCEP) සමඟ සම්බන්ධ වී ඉදිරියට යා යුතුයි. එය ප්‍රතික්ෂේප කිරීමට අපට හේතුවක් නැහැ.
අප නැගෙනහිරත් සමඟ ආර්ථිකය දෙස බැලිය යුතුයි. සංවර්ධනය වන්නේ නැගෙනහිරයි. කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වය (RCEP) සමඟ ගිවිසුම්ගතවීමට සාකච්ඡා කරන අතරතුරම ඉන්දියාව, බංගලාදේශය සමඟ ද ගිවිසුම්ගතවීම සඳහා සාකච්ඡා කිරීමට අප බලාපොරොත්තු වනවා. එමගින් බෙංගාල බොක්ක ආශ්‍රිත කලාපයේ සිට නැගෙනහිර දෙසින් ජපානය දක්වා පවතින සියලුම රටවල් සමඟ තවදුරටත් සමීප සම්බන්ධතා ගොඩනඟා ගැනීමට අපට හැකියාව ලැබෙනවා.
අප විසින් අනුගමනය කරනු ලබන ආර්ථික හා දේශපාලනික උපායමාර්ගය මෙයයි. ඒ වගේම දේශපාලනික වශයෙන් ඉතාම සමීප සම්බන්ධතා පැවැත්වීම ඉතාම වැදගත්. අමාත්‍යාංශ මට්ටමින් මේ සන්නිවේදන සම්බන්ධතා පවත්වාගැනීම තහවුරු කරන ලෙස මම මගේ විදේශ කටයුතු අමාත්‍යවරයාට උපදෙස් ලබා දුන්නා.
ඒ වගේම මේ තත්ත්වයන් පිළිබඳව නිතරම විමසා බලා, නිතරම හමුවී සාකච්ඡා පවත්වා ගැටඵ පවතින්නේ නම් ඒවා විසඳා ගනිමින් ඉදිරියට යාමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් මම උපදෙස් ලබාදුන්නා. අපට ආපසු හැරී යා නොහැකියි. අප යා යුත්තේ ඉදිරියටයි. අප දැනට ජාත්‍යන්තරය තුළ පවතින තත්ත්වය පිළිබඳව ද අවධානයෙන් පසුවෙනවා. ඉන්දු පැසිෆික් කලාපය පිළිබඳ ආසියාන් සංවිධානයේ ඉදිරි දැක්ම සමඟ අපි එකඟ වනවා. එම දැක්ම ඉදිරියට ගෙන යාමට සහ ඒ හා අනුගත වෙමින් ඉදිරියට යාමට අපගේ පූර්ණ සහයෝගය ලබා දෙනවා.
සමුද්‍ර මර්මස්ථානයක් ලෙස ඉන්දුනීසියාවට අපේ සහයෝගය ලබා දෙනවා. අපි එයින් ඉවත්ව ගොස් නැහැ. අපි මේ අර්බුද ජයගැනීම සඳහා එක්ව ඉදිරියට යමු. ආසියාන් සංවිධානයේ දැක්ම විසින් එහි එක් අන්තයක් ලෙස ඉන්දියානු සාගර කලාපයත් අනෙක් අන්තය ලෙස පැසිෆික් සාගර කලාපයත් හඳුනාගෙන තිබෙනවා.

අපි ඉන්දීය සාගරයේ සිටින රාජ්‍යයක් වශයෙන් එය හමුදා මැදිහත්වීම්වලින් තොර කලාපයක් ලෙස ඉදිරියට ගෙනයාමට හැකි බව සහතික කිරීමට අපට පුළුවන්. එනිසා සාමාජිකයන් ලෙස අපගේත් ආසියාන් සංවිධානයේත් දැක්ම සහ ඉලක්ක එක ලෙස පවතිනවා. මෙම යෝජනාවට සහාය දැක්වීම සඳහා සෑම ක්ෂේත්‍රයකම අපි එකට වැඩ කළයුතුව තිබෙනවා.
මෙම මහා සාගරයේ අප සහ ආසියාන් රටවල් කුඩා මාළුන් බව මතක තබා ගන්න. පොඩි මාලුන් ලෙස වෙන වෙනම ඉන්න විට අපව ඩැහැගන්නට ඉතාම පහසුයි. එනිසා සෑම දෙනා සමඟම ගනුදෙනු කිරීම, සෑම දෙනා සමගම මිත්‍රතාවයන් පැවැත්වීම ඉතාමත්ම වැදගත්.ඒවගේම ඔබට ඉදිරියෙන් යාමට හෝ ඔබ අපගේ පසුපසින් තැබීමට අපට කිසිඳු තරගයක් නොමැති බව ද පැවසිය යුතුයි.
දේශගුණික විපර්යාස පිළිබඳව ද අප ඉතා සහයෝගයෙන් කටයුතු කළ යුතු වෙනවා. දේශගුණික න්‍යාය පත්‍රය කඩිනමින් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා විසින් සිදු කර ඇති කැඳවීම අනුව දේශගුණික විපර්යාසයන්හි අර්බුදයේ බරපතළකම ඔබට අවබෝධකරගත හැකියි.
දේශගුණික න්‍යායපත්‍රය පිළිබඳව අප එක්ව වැඩ කිරීම ඉතා අත්‍යවශ්‍ය කාරණයක්. ඒ වගේම නීල ආර්ථිකයේ විභවය අවබෝධ කර ගනිමින් ආසියාන් සංවිධානයේ අනෙකුත් රටවල් සහ ශ්‍රී ලංකාවට දේශගුණික න්‍යාය පත්‍රය සම්බන්ධයෙන් එක්ව කටයුතු කළ හැකි වෙනවා. එනිසා අපට එකට එක්ව සිදු කිරීමට බොහෝ වැඩකටයුතු පවතිනවා. මම එයින් කොටසක් මෙහි දක්වා තිබෙනවා. එනිසා අපට අත්වැල් බැඳගෙන ආසියාන් සංවිධනය සමඟ එකට වැඩ කිරීමට තිබෙනවා.
මෙහිදි අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපති ඩිවි ගුස්ටිනා ටෝබිං මහත්මිය,
මිලියන 670කට අධික ජනගහනයක් සහිත, ලෝක ජනගහනයෙන් ආසන්න වශයෙන් 8.8%ක් වන ආසියාන් සංවිධානය යනු ගෝලීය වශයෙන් තුන්වන විශාලතම වෙළඳපොළ යි. ආසියාන් සංවිධානය ශ්‍රී ලංකාව දෙස බලන්නේ වැදගත් කලාපීය හවුල්කරුවෙකු ලෙසයි.
ශ්‍රී ලංකාවේ ආසියාන් දූත මණ්ඩල විවිධ පාර්ශ්වකරුවන් ද සම්බන්ධ කරගනිමින් සාමූහිකව ක්‍රියාකාරකම් කිහිපයක් සිදු කර තිබෙනවා. එසේම ශ්‍රී ලංකාව සමඟ සමීප සබඳතාවක් ඇති කර ගැනීමට සහ ජනතාව අතර සබඳතා වැඩිදියුණු කිරීමටත් ආසියාන් සංවිධානය කැමැත්තෙන් සිටිනවා.ආසියාන් සංවිධානයේ අපේක්ෂාව වන්නේ සාමකාමී, ස්ථාවර සහ සමෘද්ධිමත් ඉන්දු – පැසිෆික් කලාපයක් ඇති කිරීමයි.
ඉන්දු- පැසිෆික් කලාපයේ අන්තර්ක්‍රියා ශක්තිමත් කිරීමට කැමති රටවල් සඳහා ආසියාන් සෑම විටම විවෘත බව කිව යුතුයි. ආසියාන් සංවිධානයේ සංවර්ධනයේ ප්‍රතිලාභ ශ්‍රී ලංකාවට ලබා දීම සඳහා අප ශ්‍රී ලංකාව සමඟ ද අඛණ්ඩව කටයුතු කරන බවත් ගතික සහ බහුවිධ හවුල්කාරිත්වයන් අත්‍යවශ්‍ය බව හඳුනා ගෙන ඇති බව මෙහිදී සඳහන් කිරීමට කැමතියි.
ආර්ථිකය, ආරක්‍ෂාව, සෞඛ්‍යය, පාරිසරික සහ සමාජ සංස්කෘතික සහ දේශගුණික විපර්යාස ඇතුළු පොදු අභියෝගවලට මුහුණ දීම සඳහා රීති මත පදනම් වූ ජාත්‍යන්තර ක්‍රියාවලිය ශක්තිමත් කිරීම ඇතුළු හවුල් වටිනාකම්, මූලධර්ම සහ අවශ්‍යතා, ලොව පුරා රටවල් සමඟ සබඳතා කළමනාකරණය කිරීමේ පදනම සකස් කරනු ලබනවා.
ඒ පදනම මත ශ්‍රී ලංකාව සමඟ ගොඩනැඟී ඇති හවුල්කාරිත්වය වසර ගණනාවක් සහ දශක ගණනාවක් පුරා අඛණ්ඩව වර්ධනය වනු ඇතැයි අප සැවොම දැඩිව බලාපොරොත්තු වෙනවා. ආසියාන්හි වසර 57 තුළ, පොදු අභියෝග එකට එක්ව ආමන්ත්‍රණය කිරීමට සහ සැමට වැඩි අවස්ථා ගෙන ඒම සඳහා එකිනෙකා අතර සහයෝගීතා‍වයේ ප්‍රතිඥාව අලුත් කරමු.

කතානායක මහින්ද යාපා අබේවර්ධන, අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන, කෙහෙළිය රඹුක්වැල්ල, විදුර වික්‍රමනායක, නසීර් අහමඩ්, ජීවන් තොණ්ඩමන්, නලින් ප්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය යන මහත්වරුන් ඇතුළු ඇමතිවරුන් ද, මැලේසියානු මහ කොමසාරිස් බඩ්ලි හිෂාම් ඇඩම්, තායිලන්ත තානාපති පොජ් හාර්න්පොල්, වියට්නාම තානාපති හෝ ති තන් ට්‍රක්, මියන්මාර තානාපති යූ හන් තු යන මහත්ම මහත්මීන් ඇතුළු තානාපතිවරුන් ද, ජාතික ආරක්ෂාව පිළිබඳ ‍ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2023-08-10

SendShareShare
Previous Post

කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදයක් ඇමෙරිකාවේ පැතිරෙයි! සෞඛ්‍ය අංශ සීරුවෙන්! Sri Lanka Latest News

Next Post

විදෙස් යුවලක් ගමන් කළ ත්‍රිරෝද රථය කළුතරදී බරපතළ අනතුරක! VIDEO ISri Lanka Latest News

MORE NEWS

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

දෙවිනුවර කාවඩි නටන්න ආ මීගමුවේ අයකු මත්ද්‍රව්‍ය එක්ක අල්ලයි! VIDEO I Sri Lanka Latest News

හිටපු ජනාධිපතිවරු පාර්ලිමේන්තුවට එන එක නවත්වන්න දයාසිරි අලුත් සටනක් අරඹයි! ජනාධිපති වරප්‍රසාද යටතේ ගේකුත් ‌ලැබෙනවා! පඩියකුත් ලැබෙනවා! වාහනයකුත් ලැබෙනවා! ආරක්ෂාවකුත් ලැබෙනවා! ඒකත් අරගෙන පාර්ලිමේන්තුවට ඇවිත් මන්ත්‍රීකමේත් ඉන්නවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

චමින්ද හිරේ ගියේ සමථ මණ්ඩලයට යන්න තිබ්බ දෙයකට! VIDEO I Sri Lanka Latest News

චමින්ද බදුල්ල බන්ධනාගාරයට අරන් ගිය හැටි! VIDEO I Sri Lanka Latest News
Exclusive

චමින්ද බදුල්ල බන්ධනාගාරයට අරන් ගිය හැටි! VIDEO I Sri Lanka Latest News

මධ්‍යම අධිවේගියේ පොතුහැර-රඹුක්කන කොටස හදන්න පටන් අරන්! බිම් සකස් කිරීම අවසන් අදියරේ! කාපට් කරන්න සියල්ල ලෑස්තියි! 2027 ජනවාරියේ වාහනේ යන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කහතුඩුවෙන් රුවන්පුර අධිවේගී මාර්ගය ඉදිකරන්න කැබිනට් අනුමැතිය හිමිවෙයි! I Sri Lanka Latest News

වලාන බාර ගත් ASP ඕලුගලට හදිසි කරදරයක්! ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ! I Sri Lanka Latest News
Exclusive

කංජිපානිගේ ප්‍රධාන ගෝලයා සයිමා මැලේසියාවේදී අල්ලා ගනී! අරන් එන්න ඕලුගල ඇතුළු කණ්ඩායමක් මැලේසියාවට! I Sri Lanka Latest News

නීතීඥ සංගමයේ සභාපති කියනවා ජනමත විචාරණයකට යන්න වෙයි කියලා! අධිකරණ ඇමැතියි සෞඛ්‍ය ඇමැතියි කියනවා ජනමත විචාරණයකට යන්න ඕන නෑ කියලා! බලමු කව්රු කියන එක හරි යයිද කියලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයේ සභාපති කියනවා ජනමත විචාරණයකට යන්න වෙයි කියලා! අධිකරණ ඇමැතියි සෞඛ්‍ය ඇමැතියි කියනවා ජනමත විචාරණයකට යන්න ඕන නෑ කියලා! බලමු කව්රු කියන එක හරි යයිද කියලා! VIDEO I Sri Lanka Latest News

Load More
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

දෙවිනුවර කාවඩි නටන්න ආ මීගමුවේ අයකු මත්ද්‍රව්‍ය එක්ක අල්ලයි! VIDEO I Sri Lanka Latest News

දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික පෙරහරේ කාවඩි නර්තන කණ්ඩායමක සාමාජිකයකු මත්ද්‍රව්‍ය සමග අද (28) දහවල් අත්අඩංගුවට ගත් බව...

Read more
හිටපු ජනාධිපතිවරු පාර්ලිමේන්තුවට එන එක නවත්වන්න දයාසිරි අලුත් සටනක් අරඹයි! ජනාධිපති වරප්‍රසාද යටතේ ගේකුත් ‌ලැබෙනවා! පඩියකුත් ලැබෙනවා! වාහනයකුත් ලැබෙනවා! ආරක්ෂාවකුත් ලැබෙනවා! ඒකත් අරගෙන පාර්ලිමේන්තුවට ඇවිත් මන්ත්‍රීකමේත් ඉන්නවා! VIDEO I Sri Lanka Latest News

චමින්ද හිරේ ගියේ සමථ මණ්ඩලයට යන්න තිබ්බ දෙයකට! VIDEO I Sri Lanka Latest News

චමින්ද බදුල්ල බන්ධනාගාරයට අරන් ගිය හැටි! VIDEO I Sri Lanka Latest News

චමින්ද බදුල්ල බන්ධනාගාරයට අරන් ගිය හැටි! VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගම් දිගට හරහට විරුද්ධ වෙද්දී ‘ජනවරමේ නීතීඥයෝ’ විනිසුරු විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට පක්ෂ වෙයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගම් දිගට හරහට විරුද්ධ වෙද්දී ‘ජනවරමේ නීතීඥයෝ’ විනිසුරු විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට පක්ෂ වෙයි! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

තීන්දුව යළි සලකා බලන්න! යාපන නීතීඥ සංගමයෙන් අනුරට ලියුමක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.