ද ෆිනෑන්ස් සමාගමේ තැන්පත්කරුවන්ගේ මුදල් සම්බන්ධයෙන් තමා මීට පෙර පාර්ලිමේන්තුවේ අවධානය යොමු කළත් ඒ සම්බන්ධයෙන් මේ වන තෙක් කිසිදු සාධනීය පියවරක් රජය විසින් ගෙන නොමැති බවත් නැවත වරක් එම තැන්පත්කරුවන්ගේ තැන්පතු සම්බන්ධයෙන් රජය ගන්නා පියවර කවරේද කියා විමසා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.Sri Lanka Latest News
ද ෆිනෑන්ස් ආයතනයේ තැන්පත්කරවන් 6400කගේ තැන්පතු බිලියන 11.6ක් සහ ආයතනයේ වත්කම් බිලියන 5.5ක් තිබෙන බවට 2019 සිදු කළ වත්කම් පරීක්ෂාවේදී තහවුරු වූ නමුත් වර්තමානයේ එම වත්කම්වලට විශාල වටිනාකමක් ලබා ගත හැකි හෙයින් මෙම සමාගම ඈවර කර අදාළ තැන්පත්කරුවන්ගේ මුදල් නැවත ලබා දී හෝ විදේශ සමාගමක් සමඟ ඒකාබද්ධව මෙම සමාගම ඉදිරියට ගෙන යාම හෝ සිදු කරන ලෙස විපක්ෂ නායකවරයා මෙහි දී මුදල් ඇමතිවරයාගෙන් ඉල්ලා සිටියේය.










