මෙරට ඉන්ධන වෙළෙදාමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබෙන සිනොපෙක් සමාගම අඩු මිලට ඉන්ධන නිකුත් කිරීම සඳහා ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාවෙන් ඉල්ලීමක් කර තිබේ.Sri Lanka Latest News
නමුත් එම ඉල්ලීමට තෙල් සංස්ථාව මෙතෙක් ප්රතිචාර දක්වා නැත.
සිනොපෙක් සමාගම ඉල්ලා ඇත්තේ තෙල් සංස්තාවේ ඉන්ධන මිල ගණන් වඩා සෑම වර්ගයකම ඉන්ධන ලීටරයක් රුපියල් තුනක් මිල අඩුවෙන් අලෙවි කිරීමටයි.
සිනොපෙක් සමාගමට ඉන්ධන පිරවුම්හල් එකසිය තිහක් මේ වන විටත් පවරා දී ඇති බව වාර්තා වන අතර සමාගම සමග ගිවිසුමට අදාලව තවත් ඉන්දන පිරවුම්හල් විස්සක් ලබාදීමට නියමිතව තිබේ.
මේ වන විටත් එම සමාගම සිය පළමු ඉන්ධන තොගය මෙරටට ගෙන්වා ගබඩා කර ඇති අතර ඉදිරි දින කිහිපය ඇතුළත ඔවුන් සිය ඉන්ධන අලෙවි කිරීම ආරම්භ කිරීමට නියමිතය.










