• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රිජ්වේ රෝහලේදී මියගිය දරුවාගේ වකුගඩු දෙකෙන් එකක් හොයාගනී! අනෙක් වකුගඩුවට මොකද වුණේ? I Sri Lanka Latest News

August 10, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
කෑම නැති එක ළමයින්ට දරුණු ලෙස බලපායි! ළමා රෝහලට ඇතුළත් කළ 53කින් 11කට මන්දපෝෂණය! ළමයි බේරගන්න ගෙදර මඤ්ඤොක්කා හරි වවන්නලු!
Share on WhatsAppShare on Facebook

රිජ්වේ ආර්යා ළමා රෝහලේදී අවුරුදු තුනක පිරිමි දරුවකුගේ සැත්කමක් මඟින් ඉවත් කළ වකුගඩු දෙකෙන් එකක් පමණක් රෝහලේ රසායනාගාරයේ තිබෙන බවත් අනෙක් වකුගඩුව සොයා විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් බොරැල්ල පොලිසිය ඊයේ (9) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය වෙත කරුණු වාර්තා කළේය.Sri Lanka Latest News

දරුවාගේ වකුගඩු සැත්කමේදී වම් වකුගඩුව සමඟ දකුණු වකුගඩුව ද ඉවත් කළ බවට කරුණු සඳහන් කළත් රෝහල් රසායනාගාරයේ එක් වකුගඩුවක් පමණක් තිබෙන බවට පොලිසිය අධිකරණය හමුවේ පැවසීය.

සිද්ධියට අදාළව දරුවාගේ සායනික සියලු වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් කරමින් බොරැල්ල පොලිසිය මේ බව අධිකරණයට දැනුම් දුන්නේය.

දරුවාට උපතින්ම එක් වකුගඩුවක් පිහිටා ඇති බවට අධිකරණ වෛද්‍ය රුහුල් හක් මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව මඟින් අධිකරණයට දැනුම් දී ඇතත් දරුවාගේ සායනික වෛද්‍ය වාර්තා අනුව ඔහුට වකුගඩු දෙකක් තිබූ බවට කරුණු අනාවරණය වන බවත් එකී අධිකරණ වෛද්‍යවරයා නිකුත් කර ඇති මරණ පරීක්ෂණ වාර්තා සම්බන්ධයෙන් දැනටමත් මතභේද ඉදිරිපත් වී ඇති බවටත් ඉකුත් දින මහේස්ත්‍රාත්වරිය පොලිසියට කරන ලද දැනුම්දීමකට අනුව පොලිසිය ඊයේ (9) මෙම වාර්තා අධිකරණයට ඉදිරිපත් කර තිබිණ.

අගතියටපත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී විමර්ශනයක් සිදු කරන ලෙසට පොලිසියට නියෝගයක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙහිදී මරණ පරීක්ෂණ සාක්ෂි මියගිය දරුවාගේ පියා ලබා දුන්නේය.

බොරැල්ල පොලිසියේ මෙහෙයවීම මත සාක්ෂි දෙමින් ඔහු පවසා සිටියේ කොළඹ කාසල් කාන්තා රෝහලේදී 2020/04/11වන දින 3 kg 550g උපත් බර සහිතව සිය දරුවා ප්‍රසූත කළ බවත් මාස හයක් වන විට උදරයේ යම් ගෙඩියක් වැනි දෙයක් දක්නට ලැබුණු බවත්ය.

පුද්ගලික රෝහලක විශේෂඥ වෛද්‍යවරයකුට පෙන්නා දරුවාගේ වම් වකුගඩුවෙ යම් ආබාධයක් ඇති බවට පරීක්ෂණ මඟින් එකී වෛද්‍යවරයා සොයා ගත් බව පැවසූ සාක්ෂිකරු 2022/12/24 විශේෂඥ වෛද්‍ය නවීන් විජේකෝන් මහතා විසින් බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේදී වම් වකුගඩුව ඉවත් කිරීමේ ශල්‍යකර්මය සිදු කළ බව පැවසුවේය.

දකුණු වකුගඩුව 90% ක්‍රියාකාරී තත්වයේ තිබෙන නිසා වකුගඩු බද්ධ කිරීමට අවශ්‍ය නැති බවත් වම් වකුගඩුව දරුවා ලොකු වෙනකොට යම් ආසාදිතයන් වර්ධනය විය හැකි බැවින් එය ඉවත් කරන ලෙසට වෛද්‍ය රන්දුල රණවක මහතා දැනුම් දුන් බව පැවසුවේය. ළමා රෝහලේ වාට්ටු අංක පහට ඇතුළත් වෙලා චෛද්‍ය නවීන් විජේකෝන් මහතා සැත්කම සිදු කළා.

ශල්‍යකර්මයෙන් පසු දින (25) දරුවා මුත්‍රා පිට නොකිරීම හේතුවෙන් ස්කෑන් පරීක්ෂණයක් සඳහා ඔහු යොමු කළ බවත් එහිදී වෛද්‍යවරුන්ගේ අත්වැරදීමකින් දරුවාගේ දකුණු වකුගඩුව ඉවත් කර ඇති බවට වෛද්‍ය මලික් සමරසිංහ හා වෛද්‍ය රන්දුල රණවක මහත්වරුන්ගෙන් දැනගන්නට ලැබුණු බවට ඔහු සඳහන් කළේය.

වරදක් වී ඇති බව වෛද්‍යවරුන් පිළිගත්තා. ඊට විකල්පයක් ඇති බවත් තව මාස තුන හතරකින් වකුගඩුවක් බද්ධ කළ හැකි හැකි බවට ඔවුන් පැවසුවා.

ඒ අනුව දරුවාගේ වකුගඩු දෙකම ඉවත්ව ඇති අතර, 2023/1/26 නිවසට ගොස් දිනයක් ඇර දිනයක් දරුවාගේ රුධිර කාන්දුකරණය සඳහා රෝහලට පැමිණි බවත් වරින් වර දරුවා අසාධ්‍ය වී රෝහල්ගත කර ඇති බවත් සාක්ෂි දෙමින් මව පැවසුවාය.

මාස කිහිපයක් ගත වුවද වෛද්‍යවරුන් දරුවා බලන්න ආවේ නෑ පසුව අපි පුද්ගලිකව චැනල් කරලා වෛද්‍යවරයා හමුවන්න ගියා. වෛද්‍ය මලික් සමරසිංහ මහතා හරි උත්තරයක් දුන්නේ නැහැ.

වකුගඩු බද්ධ කිරීම සඳහා තුන්දෙනෙක් රෝහල වෙත රැගෙන ගියා. ඉන් එක් අයෙකුගේ වකුගඩුවක් සැසඳුණා. එහෙත් වෛද්‍යවරු කිසිදෙයක් කිරීමට පෙලඹුණේ නැතැයි සාක්ෂිකරු අධිකරණය හමුවේ පැවසීය.

සුපුරුදු පරිදි දරුවා අසාධ්‍ය වී 2023/6/13 වන දින රෝහල්ගත කළ බවත් 2023/7/27 වන දින දරුවා නැති වූ බවට පියා විසින් සාක්ෂි ලබාදෙමින් පැවසුවේය.

මියගිය දරුවා මාලිගාවත්ත මුස්ලිම් පොදු සුසාන භූමියෙහි භූමිදානය කළ බවත් ඔහුට වකුගඩු දෙකම ඉවත් කළ නිසා මෙම මරණය සිදුවන්නට ඇතැයි හෙතෙම සාක්ෂි දෙමින් සඳහන් කළේය.

අදාළ කරුණ සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය වැඩිදුර සාක්ෂි විභාගය මෙ මස 23 වන දිනට කල් තැබුවාය.

SendShareShare
Previous Post

අද පැති කීපයකට වහිනවා! I Sri Lanka Latest News

Next Post

ධනුෂ්කට දවස් 2ක චාන්ස් එකක් දෙයි! I Sri Lanka Latest News

MORE NEWS

‘පාර්ලිමේන්තු කැන්ටිමේ ගෑනු දෙන්නෙක් එක්ක කෑම කකා හිටියා! නිකමටවත් අපිත් එක්ක කතා කළේ නෑ!’ පරාටේ නීතිය ගැන කතාකරන්න පාර්ලිමේන්තුවට ගිය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඇමැති චතුරංගව ඉවරම කරයි! මන්ත්‍රීකම ගන්න තරු පහේ හෝටලයක කරපු උදව්ව ගැනත් මතක් කරයි! අපි රැවටුණා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනිවාර්යයෙන් විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කරනවා! නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ නීතීඥ සංගමයටත් අභියෝගයක් කරයි! විජේදාස ගැන හරි විජේදාසගේ පුතා ගැන හරි නීතීඥ සංගමය ප්‍රකාශයක් කරනවා නම් හරි සතුටුයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

නීති රකින පොලිස් නිලධාරීන් අතරේ මේ වගේ දැන දැන නීති කඩන OICලාත් ඉන්නවා! I Sri Lanka Latest News

ලංකාව ගැන ජපානයෙන් හරියටම කියයි! I Sri Lanka Latest News
Exclusive

පිච්චි පිච්චි හිටපු අයට හෙට ඉඳන් පොඩි සැනසීමක්! I Sri Lanka Latest News

2026 වසර නීතියටම වෙන් කරයි! කිසිම දරුවෙක් මත්ද්‍රව්‍යට ගොදුරු නොවන රටක්! කාටවත් ගැති නොවන ස්වාධීන විදෙස් ප්‍රතිපත්තියක්! අනුර නුවරඑළියේදී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව අද කැබිනට් මණ්ඩලයට! අපි කිව්වා අනිවාර්යයෙන් කරන්න තීන්දු කළා කියලා! I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

දෙපැත්තම යුද්ධය නතර කළා…! බොර තෙල් බැරලය බැස්සා! I Sri Lanka Latest News

සර්වපාක්ෂික ආණ්ඩු කතා කුඩේ කුඩු! මෙන්න පළමු දවසෙම ද්‍රවිඩ මන්ත්‍රී කෙනකුට කරපු පහත් වැඩේ! ඔන්න අහගන්න! බොරුව තේරුම් ගන්න! (VIDEO)
Exclusive

දෙමළ මුස්ලිම් පක්ෂ එකමුතුවේ සාකච්ඡාවට පාර්ලිමේන්තු කමිටු කාමරයක් දෙන්න කතානායකතුමා බෑ කියයි! ශානක්‍යයන් කේන්තියෙන් සාකච්ඡාවෙන් නැගිට යයි! උඩින් ආපු කෝල් එකකින් කාමරය ලෑස්ති කරයි! I Sri Lanka Latest News

Load More
‘පාර්ලිමේන්තු කැන්ටිමේ ගෑනු දෙන්නෙක් එක්ක කෑම කකා හිටියා! නිකමටවත් අපිත් එක්ක කතා කළේ නෑ!’ පරාටේ නීතිය ගැන කතාකරන්න පාර්ලිමේන්තුවට ගිය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඇමැති චතුරංගව ඉවරම කරයි! මන්ත්‍රීකම ගන්න තරු පහේ හෝටලයක කරපු උදව්ව ගැනත් මතක් කරයි! අපි රැවටුණා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනිවාර්යයෙන් විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කරනවා! නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ නීතීඥ සංගමයටත් අභියෝගයක් කරයි! විජේදාස ගැන හරි විජේදාසගේ පුතා ගැන හරි නීතීඥ සංගමය ප්‍රකාශයක් කරනවා නම් හරි සතුටුයි! I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම අනිවාර්යයෙන් සිදුකරන බවත්, නීතීඥ සංගමය හිටපු අධිකරණ ඇමැතිවරයා ගැන හෝ ඔහුගේ පුතා ගැනත් ප්‍රකාශයක් කරන්නේ...

Read more
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

නීති රකින පොලිස් නිලධාරීන් අතරේ මේ වගේ දැන දැන නීති කඩන OICලාත් ඉන්නවා! I Sri Lanka Latest News

ලංකාව ගැන ජපානයෙන් හරියටම කියයි! I Sri Lanka Latest News

පිච්චි පිච්චි හිටපු අයට හෙට ඉඳන් පොඩි සැනසීමක්! I Sri Lanka Latest News

2026 වසර නීතියටම වෙන් කරයි! කිසිම දරුවෙක් මත්ද්‍රව්‍යට ගොදුරු නොවන රටක්! කාටවත් ගැති නොවන ස්වාධීන විදෙස් ප්‍රතිපත්තියක්! අනුර නුවරඑළියේදී! PHOTOS I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව අද කැබිනට් මණ්ඩලයට! අපි කිව්වා අනිවාර්යයෙන් කරන්න තීන්දු කළා කියලා! I Sri Lanka Latest News

රාගම ශාන්ත අන්තෝනි පෙරපාසලේ වාර්ෂික සිඟිති ක්‍රීඩා උත්සවය – 2026 හරසරින් පැවැත්වෙයි! Sri Lanka Latest News

රාගම ශාන්ත අන්තෝනි පෙරපාසලේ වාර්ෂික සිඟිති ක්‍රීඩා උත්සවය – 2026 හරසරින් පැවැත්වෙයි! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.