ලංකා ප්‍රිමියර් ලීගයේ පිටිය මැද අනිසි ලෙස හැසිරීම මත ක්‍රීඩකයන් සිව් දෙනෙකුට තරග දීමනාවෙන් සියයට ගණනක් දඩ ගසා ඇත. (Sri Lanka Latest News)
හසන් අලි (15%), නසීම් ෂා (15%), කුසල් මෙන්ඩිස් (10%), චාමික කරුණාරත්න (60%) මෙලෙස දඩ මුදල් ගෙවීම් නියම වූ ක්‍රීඩකයන් ය.
කුසල් මෙන්ඩිස් විසින් එළවාගෙන ගොස් චාමික කරුණාරත්නට කුණුහරුපයෙන් බනින ආකාරය රූපවාහිනියෙන් හොඳාකාරව පෙනුනු අතර, කුණුහරුප කියන්න එපා යනුවෙන් කියූ චාමිකට 60% ක දඩයකුත් කුණුහරුප කියමින් දිව ආ කුසල් මෙන්ඩිස්ට ( 10% ) දඩයකුත් නියම කිරීම තරග තීරකවරයාගේ කැකිල්ලේ තීන්දුවක් ලෙස ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ පවසති.
මෙසේ කුසල් මෙන්ඩිස්ට අඩු දඩයක් පැනවූ තරග තීරකවරයා මොරටු ප්‍රදේශයේම වසන තවත් මෙන්ඩිස් කෙනකු වීමද කැපී පෙනේ.
එම සිදුවීම දැක්වෙන වීඩියෝව පහතින්.
lankasara









