ලාංකිකයන්ගේ ඩිජිටල් තාක්ෂණය මෙන්ම සන්නිවේදන හා චින්තන කුසලතාවන් වර්ධනය කර ගැනීම උදෙසා සියලුම ලාංකිකයන්ට නොමිලේ AI, කෝඩින් සහ රොබෝටික්ස් උගන්වනු ලබන DP EDUCATION IT CAMPUS ආයතනයක් පසුගිය දිනෙක තිස්සමහාරාමයේ උද්ධකන්ධර රජමහා විහාර පරිශ්‍රයේ විවෘත විය.Sri Lanka Latest News
ධම්මික පෙරේරා සහ ප්‍රිසිලා පෙරේරා පදනමේ නිර්මාතෘ සහ සභාපති කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ආයතනය විවෘත විය.
දැයේ දරුවන්ට නොමිලේ තොරතුරු තාක්ෂණ දැනුම ලබා දීමේ අරමුණින් ආරම්භ කරන ලද DP EDUCATION IT කැම්පස් ව්‍යාපෘතියට මේ වනවිට මාස 6ක් සම්පූර්ණ වී තිබේ.
ගෙවුණු මාස 6 ඇතුළත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් IT කැම්පස් 50ක් විවෘත කොට ඇති අතර එහි නොමිලේ අධ්‍යාපනය ලබන සිසුන්ගේ සංඛ්‍යාව 40000කි.
ධම්මික පෙරේරා මහතාගේ ඉලක්කය වී ඇත්තේ වසරක් ඇතුළත මේ ආකාරයට IT කැම්පස් 110ක් විවෘත කිරීමටත්, සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම එක් IT කැම්පස් එකක් බැගින් IT කැම්පස් 331ක් විවෘත කිරීමටත්ය.
DP EDUCATION IT කැම්පස් වෙතින් AI, CODING, ROBOTICS යන පාඨමාලා නොමිලේ ඉගැන්වෙන අතර රුහුණු, කැලණි සහ මොරටු විශ්වවිද්‍යාල සමග ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.


















