දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම තුළ මෙරට වැඩකරන ජනතාවට එක් සැලකිල්ලක් සහ සුපිරි පොහොසතුන්ට එක සැලකිල්ලක් ලබා දීම තුළ යම් පුරවැසියකුගේ මුලික අයිතිවාසිකමක් මේ නිසා උල්ලංඝනය වී ඇති මොහොතක අධිකරණය හමුවට ගියහොත් අධිකරණයට මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් මතයක් පළ කිරීමේ අයිතියක් ඇති බව විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
එවැනි දෙයක් සම්බන්ධයෙන් අධිකරණයෙන් ලබා දෙන තීන්දුව පාර්ලිමේන්තුවේ අභියෝග කිරීමේ අයිතියක් නොමැති බවත් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් තිබේ නම් පුරවැසියන්ට තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන විට අධිකරණය හමුවට යා හැකි බවත් එහි දී අධිකරණයට මතයක් ප්‍රකාශ කළ හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (9) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි පරිච්ඡේදයේ මුලික අයිතිවාසිකම්වලට අනුව මේ රටේ පුරවැසියන්ට එක හා සමාන සැලකිල්ලක් ලැබිය යුතු වුවත් යම් රාජ්‍ය ක්‍රියාදාමයක් තුළ මෙරට පොදුජනතාවගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝනය වී තිබේ නම් එක හා සමාන සැලකිල්ලක් නොමැතිව විවිධාකාරයේ සැලකිල්ලක් ලැබේ නම් ඒ පුරවැසියාට අධිකරණයේ පිහිට පතන්න සිදුවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.










