සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය අද (03) සිය පළමු නිල ලිපිය මැතිවරණ කොමිසම වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කළේය.
එම ලිපිය මගින් මැතිවරණ කොමිසම වෙත දැනුම් දී ඇත්තේ සමගි ජන බලවේගය ඉදිරි මහමැතිවරණයට තරග කිරීමට කටයුතු කරන බවකි.

එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ අස්සනින් යුතුව මෙම ලිපිය යොමු කොට තිබේ.










