• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාවේ වෙළෙඳ පහසුකම් සැලසීමට රනිල් මුලපුරයි! ආර්ථිකය ඩිජිටල්කරණයට! PHOTOS I Sri Lanka Latest News

August 9, 2023
in Exclusive
Reading Time: 6 mins read
A A
ලංකාවේ වෙළෙඳ පහසුකම් සැලසීමට රනිල් මුලපුරයි! ආර්ථිකය ඩිජිටල්කරණයට! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

යල්පැන ගිය ආර්ථික ක්‍රමවේද භාවිතා කිරීම තුළින් මෙරට ආර්ථිකය ගොඩනැඟිය නොහැකි බවත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ‍‍ගොඩනැගීමට නම් 21 වන සියවස‍ට ආදාළ ආර්ථික ක්‍රමවේදයන් භාවිතා කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.Sri Lanka Latest News

ආර්ථිකය ඩිජිටල්කරණය කිරීම තුළින් සීඝ්‍ර සංවර්ධනයක් ළඟා කර ගත හැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ සඳහා නව නීති සම්පාදනය කළ යුතු බව ද කියා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවැති ශ්‍රී ලංකාවේ ප්‍රධාන වෙළෙඳ පහසුකම් සැලසීම සඳහා මුලපිරීමේ (Launch of Key Trade Facilitation Initiatives in Sri Lanka) උත්සවයට එක්වෙමිනි.

Trade Facilitation Initiatives in Sri Lanka වෙබ් අඩවිය ද මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත කෙරිණි.
වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය.

රට බංකොළොත් භාවයෙන් මුදවා ගැනීම සඳහා තරගකාරී ආර්ථිකයකට අප යොමු විය යුතුයි. එසේම අපනයන මත පදනම් වූ ආර්ථිකයක් ගොඩනැගීමට ද කටයුතු කළ යුතුයි.

ආර්ථිකය ප්‍රතිව්‍යුගත කිරීම හරහා පෞද්ගලික අංශයටත් ආර්ථිකයේ වැඩි අවස්ථාවක් ලබා දිය යුතු බව අප විශ්වාස කරනවා. මෙහිදී පෞද්ගලික අංශයට අවශ්‍ය පහසුකම් ලබාදීමට රජය සැම විටම සූදානමින් සිටිනවා.

මෙම වෙළඳ පහසුකරණ වැඩසටහන දියත් කිරීම තුළින් ලෝක වෙළඳාමට ශ්‍රි ලංකාවේ දායකත්වය ඍජු ලෙස සැපයීමට අවස්ථාව හිමි වනවා.
ඒ වගේම ආර්ථිකය ඩිජිටල් පරිවර්තනයකට ලක් කිරිම තුළින් සීඝ්‍ර ආර්ථික වර්ධනයක් ළඟා කර ගත හැකියි. අද ශ්‍රී ලංකාවට අවශ්‍ය 21 වන සියවසට ඔබින ආර්ථික ක්‍රමවේදයක්. 20 වන සියවසේ ආර්ථික ක්‍රමවේද තවදුරටත් මෙරට ආර්ථිකය ගොඩනැඟීමට ප්‍රමාණවත් වන්නේ නැහැ. එම නිසා 20 වන සියවසේ ක්‍රමවේද වෙනස් කරමින් සියලු ක්‍රියා පටිපාටි සඳහා ගතවන කාලය අවම කරන, ව්‍යාපාරික ප්‍රජාවට උපකාරී වන නව ක්‍රමවේදයක් අවශ්‍යයි. ඒ සඳහා ඩිජිටල්කරණය ඉතාම වැදගත් වෙනවා.
ආයෝජන, වෙළෙඳ මේ සියලු ක්ෂේත්‍ර තුළ නව ආර්ථික කොමිෂන් සභා නීතිය අනුව නිශ්චිත කාල සීමාවක් තුළ එම කටයුතු කඩිනමින් අවසන් කිරීමට සැලසුම් සකස් කළ යුතුයි. ඊට අනුරූපීව අප ද වෙනස් විය යුතුයි. එසේ නොමැති වුව‍හොත් රටක් හෝ ආර්ථිකයක් ඉදිරියට යන්නේ නැහැ. ආර්ථිකය ඩිජිටල්කරණයට යොමුවන විට සියලු ක්ෂේත්‍ර ඊට අනුගත විය යුතුයි.

රටක් ලෙස අප නව වෙළෙඳපොළ අවස්ථා සොයා බලා තිබෙනවා. නිදහස් වෙළෙඳ ගිවිසුම් අත්සන් තබා තිබෙනවා. එසේම කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරීත්වය (RCEP) සමඟ සම්බන්ධවීමට අවශ්‍ය පියවර මේ වන විට ගෙන තිබෙනවා. එය විශාල වෙළෙඳපළ අවස්ථාවක් ලෙස සැලකිය හැකියි. නමුත් වෙළඳ පහසුකම් සහ ඩිජිටල් පරිවර්තනයකින් තොරව එම වෙළඳපොළට පිවිසීමට අවස්ථාවක් නැහැ.
ඒ වගේම අප ඉන්දියාව සමඟ වෙළෙඳපොළ අවස්ථා පුළුල් කර ගැනීමට ද මේ වන විට සාකච්ඡා කරමින් සිටිනවා. ‍
අප යුරෝපීය සංගමය සමඟ හෝ ඇමරිකානු වෙළෙපොළ සමඟ ගනුදෙනු කරන විට වෙළඳ පහසුකම් සහ ඩිජිටල්කරණය මහත් ලෙස උපකාරී වනවා. එබැවින් මෙය අත්‍යාවශ්‍ය අනුගතවීමක් බව කිවයුතුයි.
ශ්‍රී ලංකාව රටක් ලෙස වෙළෙඳ ඒකාබද්ධතාවය ප්‍රවර්ධනය කරන අතර, වෙළඳ පහසුකම් ලබාදීම සහ ව්‍යාපාර කිරීමේ පහසුව පිළිබඳ දර්ශකයේ ශ්‍රී ලංකාවේ තත්ත්වය ඉහළ නැංවීමට බලාපොරොත්තු වෙනවා.
මෙම සියලු කටයුතු සඳහා ගෝලීය වෙළෙඳ පද්ධතියක් අවශ්‍ය වනවා. ලෝකයේ රටවල ආර්ථිකය ගොඩනැඟීමට ස්ථාපිත කළ ලෝක වෙළෙඳ සංවිධානයේ (WTO) නීති රෙගුලාසි පිළිපැදීම ආර්ථිකය ගොඩනැඟිම සඳහා ඉතා වැදගත්. දකුණු ආසියාවේ රටවල් මෙම ආර්ථික නීති රෙගුලාසි පිළිපදිමින් කටයුතු කරනවා. මෙහිදී වෙළෙඳ ඒකාබද්ධතාවය ප්‍රවර්ධනය කිරීමේදී අපට උපකාර කරන ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානය (ITC) වෙතද විශේෂයෙන් ස්තූතිවන්ත විය යුතුයි.
ගෝලීය ආර්ථික නීති වෙනස් කිරීමට අවශ්‍ය නම්, සියලු දෙනාගෙන් විමසා ඒ පිළිබඳ සියලු දෙනාගේ කැමැත්ත ලබා ගත යුතුයි. මන්ද, එම නීති ශ්‍රී ලංකාව ලෙස අපට ද බලපාන එක් ප්‍රශ්නයක් වන නිසයි. අලි රණ්ඩු වෙනකොට තණකොළ තමයි පෑගෙන්නේ. ඒ නිසා ලෝක වෙළෙඳ සංවිධානය නීති සම්පාදනය කළ යුත්තේ සියලුදෙනාට භාවිතා කළ හැකි ආකාරයටයි. දකුණු ආසියාව මෙන්ම ශ්‍රී ලංකාවද ලෝක වෙළෙඳ සංවිධානයේ නීති රීතිවලට අනුගතවිමට කැමැත්තෙන් පසු වෙනවා.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත්, ජර්මනියේ නියෝජ්‍ය තානාපති ඕලාෆ් මල්ෂෝ (Olaf Malchow) යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2023-08-08

SendShareShare
Previous Post

නවසීලන්ත පාර්ලිමේන්තුවේදී අපේ මන්ත්‍රීවරියන්ට ලොකු පිළිගැනීමක් හිමිවෙද්දී අපේ පාර්ලිමේන්තුව ඇතුළේ කාන්තාවන්ට සිදුවන ලිංගික හිංසන ගැන හොයන්න කමිටුවක් පත් කරයි! Sri Lanka Latest News

Next Post

ආණ්ඩුව නගිනවා නගිනවා කිව්වට ආර්ථිකය වැටෙන වැටිල්ල ඉරාන් දත්තත් එක්කම පෙන්වා දෙයි! ක්ෂේත්‍ර විදිහට අරගෙන පැහැදිලි කරයි! ආර්ථිකය ගොඩදාන්න ඕනනම් කරන්න ඕන දේත් ආණ්ඩුවට පෙන්වලා දෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News
Exclusive

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

Load More
කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිළිනොච්චිය, අක්කරායන්කුලම් වැටලීමක් අතරතුර වනජීවී සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් ප්‍රහාර එල්ල කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පුද්ගලයින්...

Read more
සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.