කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය කරන ජල ධාරිතාව සමනළ වැව ජලාශයෙන් නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. Sri Lanka Latest News
කැබිනට් මණ්ඩලය වැඩිදුරටත් තීරණය කර ඇත්තේ ජාතික විදුලි බල අවශ්‍යතාවය සඳහා විකල්ප ක්‍රමවේද සෙවීමටය.
ඒ අනුව කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය ජලය උඩවලව ජලාශයට නිකුත් කිරීමට මේවන විටත් අදාළ බලධාරීන්ට දැනුම් දී ඇතැයි විදුලි බල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා සඳහන් කළේය.










