ජනාධිපතිවරයා බදාදා දින පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතව ඇති අතර එහිදී 13 වන ආණ්ඩු ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ආණ්ඩුවේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවත්, 13 වන ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනය කරලියට ගෙන එන්නේ ජනතාව මුලා කිරීමේ පටු අරමුණ පෙරදැරිකරගෙන බවත්, මෙය තේරුමක් නැති ඇස්බැන්දුමක් බවත් මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා කීය.Sri Lanka Latest News
නිදහස් ජනතා සභාවේ ප්රවෘත්ති සාකච්ඡාවට අද (07) පෙරවරුවේ එක්වෙමින් ඒ මහතා මේ බව කීය.
ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ කඹ ඇදීම හේතුවෙන් ගොවි පවුල් 50000ක් අනාථ වී ඇති බව කී මන්ත්‍රීවරයා ගොවි ජනතාවට අනිවාර්යෙන්ම ජලය ලබා දිය යුතු බවත්, එය රජයේ වගකීමක් බවත් කියා සිටියේය.
හැමදේම ස්වභාධර්මයට භාර දෙනවා නම්, ආණ්ඩුවකින් කිසිම ප්‍රයෝජනයක් නැති බව කී ඒ මහතා විදුලිබල ඇමතිවරයා විදුලි බිල වැඩි කිරීමේ දී ලබා දුන් ප්‍රතිඥාව වර්තමානයේදී අමු අමුවේ උල්ලංඝනය කරන බවත්, ජනතා ගැටළු වෙනත් මගකට යොමු කිරීමේ කූට උපක්‍රමයක් වශයෙන් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන බවත් කියා සිටියේය.
ජනාධිපතිවරයාට සෘජුව පැවරී ඇති වගකීම් එතුමා විසින් පැහැර හරින බව මෙහිදී කී මහාචාර්යවරයා දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය මගින් ලැබෙන ප්‍රතිවිපාක විඳින්න සිදුවන්නේ සාමාන්‍ය ජනතාවට බවත් පෙන්වා දුන්නේය.
ජනාධිපතිවරයාගේ යම් යම් ප්‍රකාශ ප්රජාතන්ත්රවාදයට තර්ජනයක් බවත්, 13 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව දේශපාලන පක්ෂ වල යෝජනා ලබා ගැනීම සඳහා ජනාධිපති කාර්යාලය මගින් ලිපියක් ඉදිරිපත් කර ඇති බවත්, එය ඇස්බැන්දුමක් වැඩක් බවත් පීරිස් මහතා කියා සිටියේය.
ජනතා නියෝජතයින් නොමැතිව බලය විමධ්‍යගත කරන්නේ කාට දැයි ප්‍රශ්නයක් මතුවන බව කී පීරිස් මහතා එය සිදු කළ යුත්තේ මහජන නියෝජිතයින් ගෙන් සැදුම්ලත් පළාත් සභාවලට බවත් පෙන්වා දුන්නේය.
මොන උප්පරවැට්ටි දැමුවත් ජනාධිපතිවරණය කල් දැමීමට නොහැකි බවත්, එය අනිවාර්යයෙන්ම තව වසරක් ඇතුළත පැවැත්විය යුතු බවත් ඒ මහතා අවධාරණය කළේය.










