ජනාධිපතිවරයාත් ආණ්ඩුවත් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් උපදෙස් ගන්නේ පාර්ලිමේන්තුවෙන් පමණක් බවට කළ ප්‍රකාශය හරහා අධිකරණයට ඒ සම්බන්ධයෙන් නියෝග-නිර්දේශ ඉදිරිපත් නොකරන ලෙසට පණිවුඩයක් ලබා දී ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේය.Sri Lanka Latest News
විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා පෙන්වා දෙන්නේ එවැන්නක් කිරීමට ආණ්ඩුවට සදාචාරාත්මක අයිතියක් නොමැති බවත්, එය නීතිවිරෝධී කටයුත්තක් බවත්ය.
අධිකරණයට ඒ සම්බන්ධයෙන් නිර්දේශ නිකුත් කිරීමේ සහ තීන්දු දීමේ අධිකරණ බලයක් පවතින බවද විපක්ෂනායකවරයා කියා සිටියේය.










