ප්ලාස්ටික් නිෂ්පාදන කිහිපයක් ඉදිරි සති දෙක තුළ තහනම් කිරීමට පියවර ගෙන තිබේ.
අමාත්‍ය නසීර් අහමඩ් මහතා පැවසුවේ, ඒ අනුව ප්ලාස්ටික් මල්මාලා, වරක් පමණක් භාවිත කරන ප්ලාස්ටික් හැඳි, ගෑරුප්පු, යෝගට් හැඳි, ප්ලාස්ටික් බීම බට, ඉඳිආප්ප සෑදීමට ගන්නා ප්ලාස්ටික් තට්ටු වැනි නිෂ්පාදන කිහිපයක් ඉදිරි සති දෙක තුළ තහනම් කෙරෙන බවයි.
ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් පරිසර අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.
newsfirst










