මිහින්තලේ විදුලි බිල නාටක පිටපත තව ටිකක් හොඳට බුද්ධිමත්ව සිතා ලිව්වා නම් රාජ්‍ය නාට්‍ය උළෙලේ දී සම්මාන පවා ලබන්නට තිබූ බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.Sri Lanka Latest News
මිහින්තලේ ලයිට් කැපුවා යැයි හාමුදුරුවන් කියූ සැනින්ම නාට්ටියේ ඊළඟට සිදු වන්නේ සජිත් ප්‍රේමදාස නළුවා වහා ඉදිරියට පැන ලයිට් බිල ගෙවා දැමීමේ ජවනිකාව බව බුද්ධිමත් ප්‍රේක්ෂකයන්ට කලින්ම තේරුම් ගොස් තිබූ බවත් ප්‍රේක්ෂකයන් සිතූ පරිදිම සියල්ල සිදු වූ බවත් එජාප මහලේකම්වරයා සඳහන් කළේ ය.
හොඳ නාට්‍යයක ඊළඟ ජවනිකාව ගැන ප්‍රේක්ෂකයාට කුතුහලයක් තැබිය යුතු නමුත් “මිහින්තලේ ලයිට්” නාටකයේ දී සජිත් ප්‍රේමදාස නළුවා මෙන්ම සහාය නළුවා ද වෙනදා වගේම හොඳටම නාගත්තේ යැයි එජාප මහලේකම්වරයා කීය.
පන්සලේ ලයිට් බිල ගෙවන්නට කියා ටිකට් විකුණා සොයන මුදලට කළේ කුමක්දැයි වෙනම පරීක්ෂණයක් කරන ලෙස මිහින්තලේ පුදබිම වන්දනා කරන්නට රට වටින් එන අහිංසක දුප්පත් දායකයන් ඉල්ලීම් කර තිබෙන බවද එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.
ලක්දිවට බුදු දහම රැගෙන මිහිඳු මාහිමියන් වැඩම කළ උතුම් මිහින්තලේ නාමය ජඩ දේශපාලන නාටකවලට යොදා ගන්නට එපා යැයි ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටින බවද එජාප මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
-ලංකාදීප










