• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලක්ෂ 41ක බිල ගෙවලා විදුලියත් අරන් සජිත් යළි මිහින්තලේට යයි! නාහිමියන් නාමල්ගේ විවාහයේ විදුලි බිල ගැන යළි සිහිපත් කරයි! ලයිට් කපලා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළේ කව්ද? මිහින්තලාව ආගමික සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ සැලැස්මක් හදන්න තීන්දු කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

August 5, 2023
in Exclusive
Reading Time: 7 mins read
A A
ලක්ෂ 41ක බිල ගෙවලා විදුලියත් අරන් සජිත් යළි මිහින්තලේට යයි! නාහිමියන් නාමල්ගේ විවාහයේ විදුලි බිල ගැන යළි සිහිපත් කරයි! ලයිට් කපලා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළේ කව්ද? මිහින්තලාව ආගමික සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ සැලැස්මක් හදන්න තීන්දු කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

නිල නිවාසවල සිටින මැතිඇමතිවරුන්ගේ විදුලි බිල්, කාල්ටන් නිවසේ පැවති නාමල් රාජපක්ෂගේ විවාහයට ගත් විදුලිය සඳහා වන බිල් නොගෙවන්නේ මන්ද කියා ගැටලුවක් ඇති බවත් කාල්ටන් නිවසේ සිටින පුද්ගලයන් ද ලංකාවේ පුරවැසියන් බැවින් ඔවුන්ට ද එක හා සමානව නීතිය ක්‍රියාත්මක විය යුතු බවත් මේ රට කිසිදු පාර්ශ්වයකට හෝ රජකුට හෝ රාජාණ්ඩුවකට සින්නක්කරව හෝ ලියා දී නොමැති බවත් ශ්‍රී ලංකාවේ සියලු දෙනාට ම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සමසේ ඇති බැවින් එක් පාර්ශ්වයකට පමණක් පක්ෂපාතීව කටයුතු කළ නොහැකි බවත් මිහින්තලේ රාජමහා විහාරාධිපති හා භාරකාර ආචාර්ය වළවාහැංගුණවැවේ ධම්මරතන නාහිමිපාණන් වහන්සේ පැවසීය.Sri Lanka Latest News

මිහින්තලේ රාජමහා විහාරාධිපති හා භාරකාර ආචාර්ය වළවාහැංගුණවැවේ ධම්මරතන නාහිමිපාණන් වහන්සේ මේ බව කියා සිටියේ අද (5) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මිහින්තලා පුදබිමේ සංචාරයක නිරත වූ අවස්ථාවේදී ය.

සාමාන්‍ය ජනතාවගේ විදුලි බිල රුපියල් 5000ට වැඩි වුනා නම් එය විසන්දි කළත් මැති ඇමතිවරුන්ගේ විදුලි බිල රුපියල් ලක්ෂ ගණනින් වැඩි වන විට එය කිසිදින විසන්ධි නොකරන බවත් අඛණ්ඩව විදුලිය සපයනවා කියන රජය උසස් පෙළ සමයේ විදුලිය පවා කැපූ බවත් මිහින්තලේ රාජමහා විහාරාධිපති නාහිමිපාණන් වහන්සේ පැවසීය.

එසේ ම දේශපාලන පක්ෂ භේදයකින් තොරව සැදැහැති දායකයකු ලෙස සහ ලාංකිකයකු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මැදිහත් වී මිහින්තලා පුදබිමේ විදුලි බිල ගෙවීමට මැදිහත් වීම සමස්ත ලාංකිකයන්ටත් බෞද්ධයන්ටත් සිදු කළ අමිල මෙහෙවරක් බවත් ඒ සඳහා පිං අයිති වන බවත් මහනායක හිමිපාණෝ තවදුරටත් පැවසීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ආගමික නිදහස්, බෞද්ධාගමට මුල් තැන දීම ආදී දේවල් පැවතියත් එය රට තුළ ක්‍රියාත්මක නොවන බවත් විදුලි කැපූ දිනයේ මිහින්තලාවට පැමිණි විදේශ සංචාරකයන් මෙරට ආණ්ඩුවේ සැබෑ තත්ත්වය දැන ගත් බවත් පැවසූ උන්වහන්සේ තවදුරටත් කියා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දී ඇති බවට සඳහන්ව තිබීමෙන් අන්‍යාගමික නායකයන්ගේ සහ මිතුරන්ගේ සිත් රිදවීමක් සිදු කර ඇති බවත් මේ සියලු දේ බලය වෙනුවෙන් වන ඇස් බැන්දුම් රැවටීම් පමණක් බවත් පැවසීය.

පාලකයන් 2048 දී අප රට සිංගප්පූරුවක් කිරීමට සූදානම් යැයි පැවසුවත් එය මුලාවක් බවත් සිංගප්පූරුවක් නොව පසුගිය කාලයේ පැවැති නිදහස් නිවහල් තත්ත්වයට රට නැවත ගෙන එන ලෙසත් මේ තත්ත්වයට රට පත්කළ සමහර පාලකයන් වසර 70ක පමණ සිට පාර්ලිමේන්තුවේ සිටියත් ඔවුන් රට වෙනුවෙන් කිසිවක් නොකළ බවත් උන්වහන්සේ තවදුරටත් පැවසීය.

තමා සමග රජයට පෞද්ගලික කෝන්තරයක් ඇත්නම් එය තමා සමග විසදා ගන්නා ලෙසත් රටේ ජනතාවගේ පිටින් ඒවා පිට නොකරන ලෙසත් අමානුෂික ලෙස රට පාලනය කරන මොවුන්ගේ සිත් තුළ මිනිසුන් වෙනුවෙන් කිසිදු හැගීමක් නොමැති බවත් ද උන්වහන්සේ පැවසීය.

මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ සිද්ධස්ථාන මූලික කර ගෙන පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදන ක්‍රමවේදයක් ඇති කළ යුතු බවත් ඒ සඳහා මිහින්තලා පුදබිම ඉලක්ක කර ගෙන ආරම්භ කරන බවත් ඒ සඳහා තමා ඇතුළු විපක්ෂය සූදානම් බවත් මැති ඇමතිකම් තිබුණ අයට වඩා මැති ඇමතිකම් නොමැතිව තමා ඇතුළු සමගි ජන බලවේගයේ පිරිස පසුගිය වසර කිහිපයේ රට වෙනුවෙන් සිදු කළ වැඩසටහන් විශාල බවත් පැවසීය.

එසේම මෙවැනි වැඩසටහන් සඳහා උදව් කිරීමට ඕනෑ තරම් පිරිසක් සිටින මුත් ඔවුන් අල්ලස දූෂණයට විරුද්ධ බවත් එබැවින් මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කළ යුත්තේ විනිවිධභාවයකින් යුක්තව බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.

දේශපාලනඥයන් කෙරෙහි ඇති මහජන විශ්වාසය බිද වැටි ඇති මේ මොහොතේ විපක්ෂයේ සිට වැඩකොටසක් සිදු කර ජනතාවට සැබෑ වෙනස ඔප්පු කර පෙන්වන බවත් බලය තිබුණත් නැතත් මේ කිසිදු වැඩසටහනක් නවත්වන්නේ නැති බවත් මහජන නියෝජිතයකුගෙන් සිදුවිය යුතු කාර්යභාරයෙන් සුළු කොටසක් ඉටු කරමින් මිහින්තලා පුදබිමේ විදුලි බිල ගෙවා දැමූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

මිහින්තලා පුදබිමේ විදුලිය කපා දමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම සිදු කර ඇත්තේ කුමන පාර්ශ්වයක් ද කියා සොයා බැලිය යුතු බවත් පූජනීය සිද්ධස්ථානයක විදුලිය විසන්ධි කරන්නත් පෞද්ගලික නිවසක සාදයක් සඳහා වැය වූ විදුලි බිල නොගෙවුවත් එය විසන්ධි නොකළ බවත් මෙවැනි දෙබිඩි පිළිවෙත් අනුමත කළ නොහැකි හෙයින් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ හඬක් නගන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

SendShareShare
Previous Post

තවම පාඩුයි! ලයිට් බිල ආපහු වැඩි කරන්න මණ්ඩලය ඉල්ලයි! වැඩි කරපු ගාණ හොඳටෝම ඇති! ‌උපයෝගිතා කොමිසම උත්තර දෙයි! I Sri Lanka Latest News

Next Post

ලංකාවම කළඹපු ශලනි තාරකා කතා කරයි I Sri Lanka Latest News

MORE NEWS

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News
Exclusive

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!
Exclusive

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවස් 8ට 8 වෙනි වෙඩිල්ලත් පත්තු වුණා..! අලුත්ම එක බෙල්ලන්විලින්! පාතාල මිනීමැරිල්ල දිගටම! Sri Lanka Latest News

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

Load More
රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Uncategorized

රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

තමා රටේ ජනතාව වෙනුවෙන් විපක්ෂයේ සිට සේවය කිරීමට ද විවිධ පාර්ශ්ව බනින බවත් තමාට සහ පක්ෂයට ලැබෙන මුදල් උපයෝගී කර...

Read more
බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.