අද සවස අප වෙබ් අඩවිය මගින් අනාවරණය කළ පරිදිම එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ‘අලියා’ ලකුණ යටතේ තරග කිරීමට තීන්දු කර ඇත.
මෙහිදී සජිත් ප්‍රේමදාස, රංජිත් මද්දුමබණ්ඩාර, කබීර් හෂීම්, තලතා අතුකෝරාල, සුජීව සේනසිංහ, චන්ද්‍රානි බණ්ඩාර ඇතුළු පිරිසක් පෙන්වා දී ඇත්තේ නව සන්ධානයක් යටතේ තරග කරන බැවින් ‘දුරකතනය’ ලකුණ යටතේ තරග කළ යුතු බවකි.
නමුත් වික්‍රමසිංහ පාර්ශ්වය අදහස් දක්වමින් අලියා ලකුණ යටතේ තරග කළ යුතු බව ප්‍රකාශ කොට තිබේ.
ඒ අනුව කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බහුතරය අලියා ලකුණ යටතේ තරග කළ යුතු බව කීම නිසා මේ වනවිට ප්‍රේමදාස පාර්ශ්වය වෙනම තරග කිරීමට තීන්දු කොට ඇති බව වාර්තා වේ.
එය හෙට (02) දිනයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවද වාර්තා වේ.










