රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන අධිකරණයකට, විනිශ්චය සභාවකට හෝ ආයතනයට අපහාස කිරීම පිළිබඳ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ විභාගයක් පැවැත්වූ ශ්‍රේෂ්ඨාධිකරණය, එහි රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත යොමුකරන බව නිවේදනය කර ඇත.Sri Lanka Latest News
අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන, කොළඹ නීතිඥ සංගමය, ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පාර්ශව පහක් විසින් පෙත්සම් ඉදිරිපත් කර තිබිණි.
එම පෙත්සම් මුර්දු ප්‍රනාන්දු, ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පූලි යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙරේදා (03) දිනයේත් අද දිනයේ විභාගයට ගැනිණි.
ඊයේ (04) පෙත්සම්කාර පාර්ශවය හා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා විසින් කරුණු ඉදිරිපත් කිරීම අවසන් කළේය.
ඉන් අනතුරුව අදාළ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත යොමුකරන බවත් විනිසුරු මඩුල්ල නිවේදනය කළහ.
පෙත්සම්කරුවන් කියා සිටින්නේ, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන අදාළ පනත් කෙටුම්පත තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවය.
එබැවින් එය සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් අනුමත වී ජනමත විචාරණයකින් ද අනුමත වියයුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්රුසම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියහ.










