• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාවම කළඹපු ශලනි තාරකා කතා කරයි I Sri Lanka Latest News

August 6, 2023
in Exclusive, News
Reading Time: 8 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මම ක්‍රිකට් ෆෑන් කෙනෙක් නෙමෙයි…

මට ක්‍රිකට් පෙන්නන්න බෑ…

මට ක්‍රිකට් කියන දේ තේරෙන්නෙ නෑ…

දැන් මම ගේම් එකට ආසයි…

මෙරට සමාජ මාධ්‍ය සහ ඇතැම් විද්‍යුත් මාධ්‍යවල පසුගිය සතියේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළම නිලධාරීන් පිරිසක් සමග ඔස්ටේ්‍රලියාවේ ක්‍රිකට් සංචාරයක නිරතව සිටි ජනප්‍රිය රංගන ශිල්පිනියන් කිහිප දෙනෙකි. එම ශිල්පිනියන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුදලින් සහ ඔවුන්ගේ අනුග්‍රාහකත්වය යටතේ ඔස්ටේ්‍රලියාවට ගොස් ඇති බවට චෝදනා කරමින් සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබුණු අතර, එම කතිකාව මේ වන විටද වරින් වර ඉස්මතු වෙමින් තිබෙනවා.(Sri Lanka Latest News)

ඔස්ටේ්‍රලියා සංචාරයට එක්ව සිටි ශිල්පිනියන් අතරින් ශලනි තාරකා සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ප්‍රහාරයන්ට ලක්ව සිටිනවා. ඒ අනුව, ශලනි තාරකා අදාළ චෝදනාවන්ට පිළිතුරු දීම සඳහා පසුගියදා කටයුතු කර තිබුණේ Rangana De Silva යූටියුබ් නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනුයි. අදාළ සංචාරය, ඊට මුදල් යෙදවීම, අනුග්‍රාහකත්වය ලබාගැනීම ආදී මෙරට ක්‍රිකට් රසිකයන් සහ සාමාන්‍ය පොදු ජනතාව නොදන්නා කරුණු රාශියක් එම සම්මුඛ සාකච්ඡාවේදී ශලනි විසින් හෙළිකරන අතර, ‘මව්රට’ පාඨක ඔබ වෙනුවෙන් අප එම සාකච්ඡාව මෙලෙස ඉදිරිපත් කරමු.

ශලනි, ශ්‍රී ලංකා ක්‍රිකට් එක්ක ඔබට තියෙන සම්බන්ධය මොකක්ද?

ලංකාවේ ක්‍රිකට් කිව්වාම ශලනි තාරකාව නැතුවම බැරි තැනට ඇවිල්ලා තියෙනවා. ක්‍රිකට් සහ ශලනි තාරකා අතර මාර බැඳීමක් තියෙන්නේ. ඇත්තම කතන්දරේ මම ක්‍රිකට් ෆෑන් කෙනෙක් නෙවෙයි. හැබැයි දැන් මම පට්ට ෆෑන් කෙනෙක්. මොකද මට කාලයක් තිබුණා ක්‍රිකට් කියන දේ තේරෙන්නේ නෑ, පෙන්නන්න බෑ. නමුත් පහුගිය කාලේ අපි ක්‍රිකට් මැච් බලන්න ගියා. ඒකෙන් පස්සේ මම ඒ ගේම් එකට හරි ආසා වුණා. ඒකත් එක්ක තමයි ක්‍රිකට් මැචස් බලන්න ගිහිල්ලා ක්‍රිකට් ෆෑන් කෙනෙක් වුණේ. ඕක තමයි මගේ ක්‍රිකට් එක්ක තියෙන සම්බන්ධය. හැබැයි සම්බන්ධයක් හදන්න ගොඩක් අය දඟලනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් හෝ ඊට සම්බන්ධ බලධරයන් එක්ක ගෑවිච්ච සම්බන්ධතා ඔබට ඇත්තෙම නැද්ද?

උපසභාපතිතුමා අපේ ෆිල්ම් කෝපරේෂන් එකේ හිටපු සභාපති. ඒ වගේම ‘රිදී රැයක්’ හරහා මම පුංචි කාලෙ ඉඳලා දන්න හඳුනන මනුස්සයෙක්. ඔහු, කලාකරුවෝ විදියට අපිට ගොඩක් උදව් කරපු මනුස්සයෙක්. මට පෞද්ගලිකව නෙවෙයි, සියලු කලාකරුවන්ට ලෙඩකදී දුකකදී හැම දේකදීම උදව් කරපු මනුස්සයෙක්. මම ඉහළින්ම ගරුකරන පුද්ගලයෙක් ඔහු. මගේ ජීවිතයේ මෝටිවේෂන් එකක්. ඊට එහා එතුමා එක්ක කිසිම සම්බන්ධයක් අපි කිසිම කෙනෙක් අතර නෑ. නමුත් හැම දේකදීම ඔහු අපිට ගොඩක් උදව් කරලා තියෙනවා. මට පමණක් නෙවෙයි. ඒ හිතවත්කම සහ දැන ඇඳුනුම්කම තමයි එතුමා සමග තියෙන්නේ.

නමුත් මෙතැන තියෙන ප්‍රශ්නය ලෝක කුසලාන තරාගවලිය නරඹන්න යන කණ්ඩායම තෝරාගනිද්දී ඒ සඳහා වන නාමලේඛනයේදී ඔබේ නම කතාබහට ලක්වෙනවා. මොකක්ද මේක?

මට ඒ ගැන කියන්න තියෙන්නේ, මට වීසා ලබාගැනීම සඳහා ඉල්ලුම් පත්‍රයක් ලබාදුන්නා. නමුත් වීසා දුන්නේ එම්බසි එකෙන්. මට වීසා ලබාගැනීමට අයැදුම්පත්‍රයක් ලබාදුන්නා කියන්නේ මම එතැන ඉන්න කා එක්කවත් සම්බන්ධයක් ඇති කරගත්තා කියන එක නෙවෙයි. ඔවුන් අපේ හිතවතුන් නිසා මට සහ මගේ යෙහෙළියකට ඒ වීසා ලබාගන්න ලෙටර් එකක් දුන්නා. ඊට එහා දෙයක් මට එතැනින් ලැබිලා නෑ. මගේ පෞද්ගලික ගමනක් මම ගියේ ඔස්ටේ්‍රලියාවට. ඔස්ටේ්‍රලියාවේ ගිය පළමු වතාවවත්, අවසාන වතාවවත් නෙවෙයි මේක. ඊට කලින් අනන්තවත් මම මගේ මුදලින් ගිහින් තියෙනවා. මේ අවුරුද්දෙත් මම ෂෝ එකකට ගියා. ඒකනම් ඇත්තටම ස්පොන්සර් කරලා ගෙනාවේ.

ලෝක කුසලානය බලන්න යන්න ටිකට් එකට සල්ලි දුන්නේ කවුද?

ටිකට් එකට ක්‍රිකට් බෝඩ් එකෙන් මට සල්ලි වියදම් කරලා නෑ. ඒක මම වගකීමෙන් කියනවා. හැබැයි මම ස්පොන්සර් ලෙටර් එකක් ගත්තා කියන එක අනිවාර්යයෙන් පිළිගන්නවා. එතැනදී මම ක්‍රිකට් බෝඩ් එකේ සල්ලි හොරාකාලා නම් අර ප්‍රින්ට් කරන්න ගිය රුපියල් 50 හෝ 100 ගෙවන්න සූදානම්. එතැනින් එහාට මම ශ්‍රී ලාංකික පුරවැසියෙක් විදියට නීතියට පටහැනි දෙයක් කරලා නෑ. හැබැයි යම් නීතිමය කාරණාවක් ඉස්මතුවුණොත් මම ඒ වෙනුවෙන් පෙනී සිටිනවා. මොකද මම ඊට වැඩිය දෙයක් මේ සම්බන්ධයෙන් කතා කළ යුතු නෑ කියලා හිතනවා. ඒකයි මම මුනිවත රකින්නේ. මම වැරැදිකාරයෙක් හින්දා නෙවෙයි. මේකට මුහුණ දෙන්න මට කිසිම බයක් නෑ. මොකද මම කිසිම වැරැද්දක් කරලා නෑ. අයුතු සම්බන්ධතා පවත්වලත් නෑ.

අර මන්ත්‍රීතුමා කියපු විදියට එතැනදී දීලා තියෙන්නේ වීසා ලබාගැනීමට අනුමැතිය ලබාදුන් ලිස්ට් එක කියලනේ. ඒක හරි. මගේ නම ඇතුළත්. මම වීසා සඳහා ලෙටර් එකක් ලබාගත්තා. ඊට එහා කිසිම වරප්‍රසාදයක් ලබාගෙන නෑ ක්‍රිකට් බෝඩ් එකෙන්.

ඔබට ඉතා පැහැදිලිව කියන්න පුළුවන්ද, ඒ වීසා ලෙටර් එකට අමතරව ක්‍රිකට් පාලක මණ්ඩලයේ හෝ ඔය සඳහන් වන නමකින් කිසිම වරප්‍රසාදයක් ගත්තේ නෑ කියලා?

ඔව්.

එතකොට ජයන්ත ධර්මදාස මහතා පිළිබඳ සෑහෙන කතාබහට ලක්වෙනවා. ඒ ගැන ඔබට තියෙන අදහස මොකක්ද?

කාට හරි මඩගහන්න චරිතයක් ලැබුණාම තමන්ගේ ඇරියස් කවර් කරගන්න ඕනෙ තරම් මඩ ගහනවා. එතැනදී මගේ නම ඇදිලා ආවට මම හරි සතුටුයි. මොකද මම ලංකාවේ කැරැක්ටර් එකක් කියන එක මිනිස්සු ඔප්පු කරනවා. මඩ ගහන්න දෙයක් නැත්නම් මොකක් හරි දෙයක් හොයාගත්තොත් ඒකට මීම්ස් හද හදා හරි ඒගොල්ලෝ වෙන ෆන් එකක් ගන්නවා. ඉතින් මමත් ඒකෙන් ෆන් එකක් ගන්නවා. ඒක තමයි වෙන්නේ. එහෙම නැතුව මම හිතන්නේ නෑ මට වඩා වයසින් ගොඩක් වැඩිමල් සහ මගේ තාත්තටත් වඩා වැඩිමල් මනුස්යෙක්. දැන් මට ඒ මනුස්සයව පාරෙදී දැක්කත් මූණ බලන්න බැරි තත්ත්වයක් ඇතිවෙලා තියෙන්නේ. මං දන්නෙ නෑ ඒ මනුස්සයා ඉදිරියට කලාකරුවන්ටවත් උදව් කරයිද කියලා මේ වෙන දේවල් එක්ක.

ඔහු මේ සම්බන්ධයෙන් ඊට පස්සේ ඔබට කතා කළාද?

මම එක වරක් ඔහුට කතා කළා. මම දන්නවා ඔහුත් ඉන්නේ මානසික පීඩනයකින්. ඊට එහා ඔහුත් එක්ක කතා කරන්න ඕනෙ නෑ. මම මේ සම්බන්ධයෙන් නීතිමය පැත්ත ලෝයර්ස්ලා එක්ක විතරයි කතා කරලා තියෙන්නේ. ලංකාවේ මිනිස්සු අහන්න කැමැති, තමන් අහන්න ආසා දේ විතරයි. මම ඔයාට කිව්වොත් මම මෙහෙම දෙයක් කරලා නෑ කියලා මිනිස්සු ඒක පිළිගන්නේ නෑ. මිනිස්සු කොට්ඨාසයක් ඉන්නවා ඔයාට කාඩ් එකක් ගැහුවොත් ඔයා එතැනින් එහාට යන්න බෑ. ඔයා ඒ කාඩ් එකේම ඉන්න ඕනේ, ඔයා මෙහෙම කෙනෙක් කියලා. එතකොට එයාලට අහන්න ඕනෙ කතාව විතරයි එයාල අහන්නේ. ඔයා බලන්න මේකට වැටෙන කමෙන්ට්ස්. නමුත් ඒ මිනිස්සුන්ට ගෙවල්වල ඇති ඊට වඩා ප්‍රශ්න.

මම පහුගිය දවසක මගේ පෙම්වතාට සුබ පතලා මගේ පබ්ලික් පේජ් එකේ පෝස්ට් එකක් දැම්මා. මොකද එයාගේ බර්ත්ඩේ එකට විෂ් කරන්න ඕනෙ ඒක පහුවෙලා නෙවෙයිනේ. මම ඒක කලින් ඉඳලා ප්ලෑන් කළා. මගේ විවාහය ළඟ හින්දා. ඉතින් මම දාපු ඒ පෝස්ට් එකට ගොඩක් අය බැණලා තිබුණා. මම වෙච්චර කල් ඒ කිසිම පෝස්ට් එකක් බැලුවේ නෑ. නමුත් ඒක මම බැලුවා. මොකද මිනිස්සුන්ගේ කුහක ගති මම දැනගන්න ඕනෙ හින්දා. එයින් 100ක් ගත්තොත් 99ක්ම පිරිමි. එක ගැහැනියයි එතැන හිටියේ. ඉතිං අන්න ඒ අයටද මම උත්තර දෙන්න ඕනෙ මෙතැනට ඇවිල්ලා? මම උත්තර දෙන්න ඕනෙ ප්‍රශ්නයක් තියෙනවා නම් නීතියට. හැබැයි ෆේස්බුක් අස්සේ ඉන්න කීබෝඩ් වීරයන්ට මම උත්තර දෙන්න යන්නේ නෑ.

පහුගිය දවස් ටිකේ සමාජ මාධ්‍යවල ශලනි තාරකා පිළිබඳවමයි කතාබහට ලක්වුණේ. මේසා විශාල කතාබහකට ලක්වෙන්න හේතුව විදියට ඔබ දකින්නේ මොකක්ද?

පළමු කාරණය රටේ ප්‍රසිද්ධ චරිතයක් නම් ඒකට අමු අමුවේ පහර දෙන්න පුළුවන් ෆේස්බුක් හරහා විතරයි. මූණට හම්බවුණාම ඔය කිසි කෙනෙක් කට අරින්නේ නෑ. ඒක තමයි ප්‍රධාන හේතුව. තමන්ට නැති දෙයක් තව කෙනෙක්ට ලැබෙනකොට ඒක දරාගන්න බරි මිනිස්සු මොනවා හරි පුංචි දෙයක් එළියට ආවම ඒකෙන් තව කතන්දර හද හදා ඒ මනුස්සයට මඩ ගහන්න බලාගෙන ඉන්නවා. ඒක තමයි මේ කතාවේ සාරාංශය.

කියවිච්ච නාමයන් යටතේ හෝ නොකියවිච්ච නාමයක් යටතේ ‘ෂුගර් ඩැඩි’ කෙනෙක් ඔබට ඉන්නවද?

ෂුගර් ඩැඩීස්ලා නම් මට ජීවිතේට ඉඳලා නෑ අවංකවම. මම මේ ක්ෂේත්‍රයට මම එන්නේ අවුරුදු 16න්. එදා ඉඳලා මට ෂුගර් ඩැඩීස්ලා ඉඳලා නෑ. අද වෙද්දී මගේ ගෙදර ලෝන් එකක් තියෙනවා. ෂුගර් ඩැඩී කෙනෙක් ඉන්නවා නම් මම ලෝන් එකක් දාගෙන ගේකට වෙලා ඉන්නේ නෑ. මම මේ වෙද්දී කලම්බු සෙවන් අපාර්ට්මන්ට් එකක් අරගෙන ලක්ෂරි ලයිෆ් එකක් ගතකරන්න ඕනෙ. මම ළඟදී ගත්තා හොන්ඩා වෙසල් එකක්. ඒ වාහනේ අරගෙන දීලා තියෙන්නෙත් ෂුගර් ඩැඩී කෙනෙක් කියලා මම දැක්කා යූටියුබ් නාලිකාවක කියනවා. ඒ වාහනේටත් ලක්ෂ 65ක ලීස් එකක් මම දාලා තියෙනවා. ඒ බැංකුවත් මට ඕනෙ නම් කියන්න පුළුවන්. කාට හරි අමාරුවක් තියෙනවා නම් ඒවා සර්ච් කරලා බලන්න වුණත් පුළුවන්.

ඔස්ටේ්‍රලියා සංචාරයට ඔබත් සමග තවත් රංගන ශිල්පීන් සහභාගි වුණාද?

මමයි, අනුරාධා එදිරිසිංහයි තමයි ඔස්ටේ්‍රලියා සංචාරයට සහභාගි වුණේ. මගේ හොඳම මිතුරිය ඉන්නේ ඒ රටේ. මම නිතරම යනවා ඒ හින්දා. එයාගේ ගෙදර තමයි අපි නවතින්නේ. ඔය යන එන හැම ගමනකදීම මගේ මිතුරිය මාත් එක්ක හිටියා එයාගෙ දරුවත් එක්ක. මගේ පෙම්වතා දන්නවා මම වීසා ලෙටර් එක ඉල්ල ගත්තා කියලා.

මම ගියේ කවදද, ගියේ කොහොමද, මම ගිහින් හිටියේ කොහෙද, කාත් එක්කද මම එළියට ගියේ කියලා එයා දන්නවා. ඒ නිසා මට ප්‍රශ්නයක් ඇතිවුණේ නෑ. කියන්න කනගාටුයි ලංකාවේ ඉන්නේ හරි කුහක මිනිස්සු. එයාටත් මැසේජ් කර කර දාලා තිබුණා මෙහෙමයි මෙහෙමයි කියලා. එයා දන්න හින්දා හොඳයි මේ මෝඩ මිනිස්සුන්ගේ හැටි.

ඔබලා දිරිගන්වන්න ගියා කියලත් කතාවක් ඇතිවුණා. ඇත්තටම මොනවද ඕගොල්ලෝ ක්‍රිකට්වල දිරිගැන්නුවේ?

අපි කාවවත් දිරිගන්වලා නෑ. නමුත් මම පෞද්ගලිකව අහනවා ප්‍රශ්නයක්, ඔයාට කවුරු හරි කිව්වොත් ක්‍රිකට් මැච් එකක් තියෙනවා බලන්න යන්න එන්න, අපි ටිකට් දෙනවා හරි, පාසස් තියෙනවා හරි කියලා. මම හිතන්නේ මට චෝදනා කරන කිසි කෙනෙක් බෑ කියලා ගෙදරට වෙලා ඉන්නේ නෑ.

අනිවාර්යයෙන් යනවා. උපසභාපතිතුමා අපේ හිතවතෙක් විදියට අපිට ආරාධනා කළාම ක්‍රිකට් මැච් එක බලන්න යන්න, ඒක ප්‍රතික්ෂේප කරන්න අපිට හේතුවක් නැත්නම් අපි සියලු දෙනාම ඒ මැච් එක බලන්න ගියා. එච්චරයි.

සැකසුම චානක ලියනගේ

SendShareShare
Previous Post

ලක්ෂ 41ක බිල ගෙවලා විදුලියත් අරන් සජිත් යළි මිහින්තලේට යයි! නාහිමියන් නාමල්ගේ විවාහයේ විදුලි බිල ගැන යළි සිහිපත් කරයි! ලයිට් කපලා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළේ කව්ද? මිහින්තලාව ආගමික සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ සැලැස්මක් හදන්න තීන්දු කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

තාජුඩීන් වාහනේ ඇතුළේ ගිනි තියලා අමුඅමුවේ මැරුවේ! රජ පවුලේ කුමාරයෙක්ගේ ගෑනු ළමයත් එක්ක යාළුවෙන්න එනවා කියලා! තාජුඩීන්ගේ ඇටකටු කොටස්වලට 2019න් පස්සේ වෙච්ච දෙයක් නෑ! අවුරුදු 5ක් විධායක ජනාධිපති-ආරක්ෂක ඇමැති වෙලා හිටපු මෛත්‍රීපාල හිටිහැටියේ තාජුඩීන්ගේ කේස් එක යළි එළියට ඇදලා ගනී! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News
Exclusive

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!
Exclusive

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවස් 8ට 8 වෙනි වෙඩිල්ලත් පත්තු වුණා..! අලුත්ම එක බෙල්ලන්විලින්! පාතාල මිනීමැරිල්ල දිගටම! Sri Lanka Latest News

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

Load More
රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Uncategorized

රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

තමා රටේ ජනතාව වෙනුවෙන් විපක්ෂයේ සිට සේවය කිරීමට ද විවිධ පාර්ශ්ව බනින බවත් තමාට සහ පක්ෂයට ලැබෙන මුදල් උපයෝගී කර...

Read more
බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.