• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

උස් තැන් දැක හැකිලෙන්නේ… මිටි තැන් දැක පුප්පන්නේ… නිවටුන් බව සිතමින්නේ… පොලීසියෙන් පිටවෙන්නේ… තරිඳු උඩුවරගෙදර අත්අඩංගුවට ගැනීමේ කතන්දරය I Sri Lanka Latest News

August 6, 2023
in Exclusive, News
Reading Time: 6 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

තරිඳු උඩුවරගෙදර අත්අඩංගුවට ගැනීමත්, ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කළ ආකාරයත් ගැන අපි ටිකක් කලබල වුණා. ඒකට හේතුව වෙන්නේ සහෘද මාධ්‍යවේදියෙක් අත්අඩංගුවට ගැනීම කියන කාරණයම නෙවෙයි. ඒ වගේම තරිඳු උඩුවරගෙදරත් එක්ක තියෙන අපේ පෞද්ගලික මිත්‍රත්වයක් හින්දමත් නෙවෙයි. තරිඳු උඩුවරගෙදර අත්අඩංගුවට ගැනීමත් එක්ක අපි දැක්ක සමහර කාරණා විවේචනාත්මකව විස්තර කරන්න සිදුවෙන බව අපිට හිතුණා.(Sri Lanka Latest News)

ඇත්තටම එහෙම විවේචනාත්මකව විග්‍රහ කරන්න සිද්ධ වෙන්නේ පොලිස් ක්‍රියාකාරකමක් නම්, රටේ ආරක්ෂාව සම්බන්ධ ක්‍රියාකාරකමක් නම්, පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධ ක්‍රියාකාරකමක් නම් ඒක ඉතා ශෝචනීය තත්ත්වයක්. එහෙම ශෝචනීය වෙන්නේ හෙට දවසේ මේ අත දිගු වෙන්නේ ඔබට හෝ මට විය හැකි නිසා. මේක ශෝචනීය වෙන්නේ හෙට දවසේ අත්අඩංගුවට ගැනීමට නියමිතව ඉන්නේ ඔබ හෝ මම විය හැකි නිසා. හෙට දවසේ මේ විදියට පහර කෑමට නියමිත වෙන්නේ ඔබ හෝ මම විය හැකි නිසා.

ඇත්තටම තරිඳු උඩුවරගෙදර අත්අඩංගුවට ගැනීමේදී පොලිසියේ ක්‍රියාකාරීත්වය පිළිබඳ අපි පළමුවෙන්ම ප්‍රශ්න කරනවා. ඒකට හේතුව තරිඳුව අත්අඩංගුවට ගනිද්දී ඔහුට පහර දෙන්න, ඔහුගේ කොණ්ඩෙන් අදින්න, ඔහුට රිදෙන ආකාරයෙන් ඔහුට ශාරීරිකව හානි වෙන ආකාරයෙන් කටයුතු කරන්න කියලා කවුරු හරි කෙනෙක් ඔවුන්ට උපදෙස් දුන්නද? මොකද ඒකට හේතුව මේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධ රූප රාමුවල අපි දැක්කේ හරිම ද්වේශසහගත හැසිරීමක්.

අපි නිකමට මෙහෙම හිතමු. කවුරු හෝ කෙනෙක් මේ පොලිසියට උපදෙස් දෙනවා තරිඳුව අත්අඩංගුවට ගන්න, ඕකට ගහලා අත්අඩංගුවට ගන්න කියලා. එහෙම කළ බවට කිසිම සාක්ෂියක් නැතිව අපි මේ කරන්නේ උපකල්පනයක් විතරයි. එහෙම කිව්වාම ගහන්න ඕනෙ කොහෙටද, ගහන්න ඕනෙ කොහොමද, ඔහුගේ ඔළුවෙන් අදින්න ඕනෙද, අත්අඩංගුවට ගැනීම සඳහා හැමෝම මැදිහත් වෙන්න ඕනෙද කියලා කවුරුත් උපදෙස් දෙන්න නැතිව ඇති.

පොලිසියටත් වගකීමක් තියෙනවා අත්අඩංගුවට ගැනීමකදී ඉතා මානුෂික වෙන්න. ඒකට හේතුව මේකයි. මේ මොහොතේදී පොලිසිය කොයි තරම් අමානුෂික වෙනවද කියන එක අපට පෙනුණට ඔවුන්ට උපදෙස් දුන්න අය අමානුෂික වූ ආකාරයක් අපට පෙනෙන්නේ නෑ. එතකොට මේ පොලිසියේ ඉන්න සාමාන්‍ය නිලධාරීන්. අපි දැක්කා එක තැනකදී බොරැල්ල ඕ.අයි.සී.ට කවුරු හෝ නිලධාරියෙක් කතාකරලා කියනවා ‘බොරැල්ල ඕ.අයි.සී. ඔහොම කරන්න එපා’ වගේ කතාවක්.

ඇත්තටම මේ නිලධාරීන්ට මෙහෙම කරන්න තියෙන හේතුව මොකක්ද? පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීම සඳහා පිළිගත් ක්‍රමවේදයක් තියෙනවා. අපි දැක්කා තරිඳුගෙ කොණ්ඩෙන් අදිනවා. තරිඳුගෙ කොණ්ඩෙන් ඇදලා මෙහෙම කරන්න කවුද උපදෙස් දුන්නේ? මේක ආණ්ඩුව අපහසුතාවට පත්කරන්න යොදපු උපක්‍රමයක්ද කියලත් අපට හිතෙනවා. මොකද, මේ වගේ මොහොතක, මේ වගේ පුද්ගලයෙක් අත්අඩංගුවට ගන්න මෙච්චර දඟලන්න ඕනෙද?

ඇත්තටම තරිඳු මේ රටේ ඉන්න ප්‍රධානම වැරැදිකාරයද? අපිට ඒ ගැන ප්‍රශ්නයක් තියෙනවා. ඒකට හේතුව අපිට තව අල්ලන්න මිනිස්සු ගොඩක් ඉන්නවා. පොලිසියට ඔයිට වඩා ආවේගශීලී වෙන්න කාරණා ගොඩක් තියෙනවා. අපි නිකමට මෙහෙම හිතමු. දැන් ලංකාවේ ඖෂධ සම්බන්ධව ඇතිවෙච්ච ප්‍රශ්නවලදී රෝගීන් විශාල ප්‍රමාණයක් මියගියා. මේ බෙහෙත් ලංකාවට ගෙන්නුවේ කවුද කියලා අපි තවම දන්නේ නෑ.

අන්න ඒ බෙහෙත් ගෙන්වපු එකා මුණගැහිලා පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගන්නවා නම්, ඒ වෙලාවේ පොලිසිය ආවේගශීලී වීම සම්බන්ධව යම් සාධාරණ හේතුවක් තියෙනවා. ඒකට හේතුව පොලිසිය දන්නවා මේ බෙහෙත් ප්‍රශ්නෙන් ලෙඩ්ඩු හය හත් දෙනෙක්ම දැන් මියගිහිල්ලා අවසානයි. අපේ නෑදෑයෙක්, අපේ දෙමාපියෙක්, අපේ හිතවතෙක් රෝහලකට අරගෙන යන්න අපිට බෑ, අපි ඉන්නේ බයවෙලා. ඒගොල්ලෝ කොයි වෙලාවේ මැරෙයිද කියන්න බැරි හින්දා.

ඒ වගේම අපි දන්නවා කැලණි පාලමේ වයර් කපපු, ඇණ ගලවපු කතන්දරයක් පහුගිය දවසක එළියට ආවා. අන්න ඒ ඇණ ගලවපු එකා අහු වුණා නම් පොලිසිය මේ වගේ හැසිරුණාට ප්‍රශ්නයක් නෑ, ඒකට හේතුව මේ ඇණ ගලවපු එකා ගලවලා තියෙන්නේ පාලමේ ඇණ විතරක් නෙවෙයි. හැමෝගෙම ඇණ. ඇත්තටම ඒක ඇණයක් විය යුතු ප්‍රශ්නයක්. ඒ නිසා ඒ ඇණේ අහු වුණා නම් මේ විදියට ආවේගශීලී වෙලා, කඩලා බිඳලා දැම්මට ප්‍රශ්නයක් නෑ.

මතක ඇති මනම්පිටිය හරියෙදී පාලමක් කඩාගෙන බස් එකක් වතුරට වැටුණු සිද්ධිය. 11 දෙනෙක් මියගියා. අන්න ඒ පාලම හදපු එකා, පාලම හදන්න සල්ලි පාස් නොකරපු එකා, මේ මිනිස්සු මැරෙන බව දැන දැනත් මේ විදියට පවත්වාගෙන ගියපු එකා අන්න අත්අඩංගුවට ගත්තා නම් ප්‍රශ්නයක් නෑ, ඒකට හේතුව මේ මැරුණේ අපේ මිනිස්සු, අපේ දරුවෝ, අපේ නෑදෑයෝ කියන හැඟීම තියෙන්න ඕනෙ. හැබැයි ඉතින් දැන් ඒ වගේ ප්‍රශ්නෙකදී පොලිසියට තියෙන හැඟීම මොකක්ද? ඒ වගේම තරිඳු උඩුවරගෙදර අත්අඩංගුවට ගැනීමේදී සිදුවූ සිදුවීම් පෙළ හරිම භයානක සහ හරිම ඛේදනීය තත්ත්වයක් තියෙන්නේ.

මේක ඇතුළේ සමහර තර්ක විතර්ක ඉදිරිපත් වුණා අපි දැක්කා. ඇත්තටම මාධ්‍යවේදියෙක් හැඳුනුම්පතක් දැරිය යුතුද? මාධ්‍යවේදියාගේ හැඳුනුම්පත ප්‍රශ්න කළ හැකිද? ඒ වගේම මාධ්‍යවේදියා සතුව හැඳුනුම්පතක් නැතිනම් ඔහු අත්අඩංගුවට ගත හැකිද? ඒ වගේම පාරේ යද්දී උද්ඝෝෂකයන් හා සම්බන්ධ වෙච්ච පුද්ගලයෙකුට තමන් මාධ්‍යවේදියෙක් යැයි හඳුන්වා දිය හැකිද? මේ වගේ ප්‍රශ්න කිහිපයක් තියෙනවා. මේවට විවිධ තර්ක විතර්ක ඉදිරිපත් වෙමින් තිබුණා. ඇත්තටම මාධ්‍යවේදියෙක්ට අපේ රටේ හැඳුනුම්පතක් නිකුත් කරනවා. මේ හැඳුනුම්පත නිකුත් කිරීමේ ක්‍රමවේදය පැහැදිලි නිවැරැදි ක්‍රමවේදයක් නෙවෙයි.

මෙහිදී හැඳුනුම්පත දැරිය යුත්තන්ට හැඳුනුම්පත් නොලැබීමත්, හැඳුනුම්පත් නොදැරිය යුත්තන්ට හැඳුනුම්පත් ලැබීමත් සිද්ධ වෙලා තියෙනවා. මේ ප්‍රශ්නෙ විසඳන්න කිහිප අවස්ථාවකම උත්සාහ කළා. නමුත් ඒක සාර්ථක නෑ. එය කළ හැකි දෙයක් නෙවෙයි කියලා අපි විශ්වාස කරනවා. නමුත් මාධ්‍යවේදීන් සතුව හැඳුනුම්පතක් තිබිය යුතුයි. මාධ්‍යවේදියාගේ හැඳුනුම්පත හෑල්ලු කරමින් මාධ්‍යවේදීන් නොවන බොහෝ දෙනෙක් සමාජ ජාලවල කියලා තිබුණා.

ඒ අය අතර හිටියා ලංකාව විනාශ කිරීම සඳහා ආන්දෝලනාත්මක තීරණ ගත්ත අයත්. අද පසුතැවිලි වෙන හෝ නොවන අද තමන්ගේ විශ්‍රාම දිවිය ඉතා සුව සේ ගතකරන මහත්වරු. ඒ මහත්වරුන්ට තියෙන අයිතිය මොකක්ද කියලා අපට ප්‍රශ්න කරන්නත් පුළුවන් මේ වගේ දේවල් ගැන. ඉතින් ඒක නෙවෙයි මම මේ කියන්න උත්සාහ කරන්නේ. රටක මාධ්‍යවේදියා සතුව හැඳුනුම්පත හෑල්ලු කරන්න බෑ. ඒක සත පහකට වැඩක් ඇති දෙයක් නෙවෙයි. හැඳුනුම්පතක් නිකුත් කිරීමේදී ඇතිවිය හැකි ප්‍රශ්න රාශියක් තියෙනවා. හැබැයි හැඳුනුම්පතක් නොදැරීම කියන වරද මතම පිහිටලා පුළුවන්ද පුද්ගලයෙක්ව අත්අඩංගුවට ගන්න? මෙතැන තියෙනවා ඉතා සාධාරණ සැකයට තුඩුදෙන කාරණයක්.

ඒ වගේම තරිඳු උඩුවරගෙදර සතුව හැඳුනුම්පතක් නැත්තේ ඇයි කියන එක සම්බන්ධයෙන්ද අපට ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම තරිඳු උඩුවරගෙදර කියලා කියන්නේ හැඳුනුම්පතක් නිකුත් නොකර ඉන්න තරම් ඉලක්කගත වෙච්ච මාධ්‍යවේදියෙක්ද? ඔහු එච්චරම ආන්දෝලනාත්මක දේවල් කරපු කෙනෙක්ද කියන එක ගැනත් අපට ප්‍රශ්නයක් තියෙනවා. මොකද හේතුව තරිඳු කියලා කියන්නේ සාමාන්‍ය මාධ්‍යවේදියෙක් විදියට සිය කාර්යභාරයක් සිදුකරමින් සිටි කෙනෙක්.

එහෙම නැතුව ආණ්ඩුවත් එක්ක හැප්පිලා, දේශපාලන වශයෙන් මහා ගැටුම් ඇතිකරගත්ත කෙනෙක් නෙවෙයි. තරිඳුට මොකක් හෝ හේතුවක් නිසා හැඳුනුම්පතක් ගන්න බැරිවෙන්න ඇති. අපි හිතනවා තමන් මාධ්‍යවේදියෙක් නම් තමන් මාධ්‍යයේ රාජකාරි කරනකොට හැඳුනුම්පතක් පැලඳ සිටීම ඉතා වැදගත්. ඊට හේතුව උද්ඝෝෂණ වැඩවර්ජන ආදී තැන්වලදී අපට මේක පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම අපි දැක්කා පහුගිය කාලේ මේ හැඳුනුම්පත පාවිච්චි කරලා වෙන වෙන වැඩ කරපු අයත් හිටියා. ඉතින් ඒගොල්ලන්ගේ හැඳුනුම්පත අහෝසි කරන්න පුළුවන්.

මාධ්‍ය ආයතනවල ඉන්න මාධ්‍යවේදීන් නොවන සමහර අය දැන හැඳුනුම්කම මතත් හැඳුනුම්පත් ගන්න අවස්ථා තිබුණා. හැබැයි රටේ තියෙන ප්‍රධාන පෙළේ පුවත්පත්වල ඉතා පරීක්ෂාකාරීව මේ හැඳුනුම්පත් නිකුත් කරන බවත් අපි දැක්කා. ඒ නිසා මේ හැඳුනුම්පතේ ප්‍රශ්නය නම් ඒ විදියටයි විසඳාගත යුත්තේ.

ඒ වගේම උද්ඝෝෂකයා සහ මාධ්‍යවේදියා කියන දෙදෙනා එක්කෙනෙක් විය හැකිද කියන ප්‍රශ්නය පහුගිය දවසක මතුවුණා. ඒකට සරල උත්තරය තමයි උද්ඝෝෂකයා හා සමානව මාධ්‍යවේදියා මැදිහත් නොවිය යුතුයි කියන එක. ඒ වගේම උද්ඝෝෂකයන් අත්අඩංගුවට ගැනීමේදී මාධ්‍යවේදියා තමන් මාධ්‍යවේදියෙක් යැයි හඳුන්වා දීමට උත්සාහ ගන්නවා නම් එතැනදී එය මාධ්‍යවේදියාට අදාළ උද්ඝෝෂණයක් නොවෙයි නම් එය මාධ්‍ය සදාචාරය සම්බන්ධ ප්‍රශ්නයක් කියලා අපි හිතනවා.

පහුගිය කාලේ අපි දැක්කා අරගල අවස්ථාවේදී මේ තත්ත්වය පැනනැගුණා. අරගලයට ගිය මාධ්‍යවේදීන් වැට පෙරළන්න උත්සාහ කරන්න බෑ. ඔහු දැනගන්න ඕනේ වැට පෙරළන අය වීඩියෝ කරන්න විතරයි. ඔහුට වැට පෙරළන්න අවශ්‍යතාවක් තියෙනවා නම් ඔහු ඔහුව හඳුන්වා දිය යුත්තේ තමන් උද්ඝෝෂකයෙක් විදියට. ඔහු උද්ඝෝෂකයෙක් නොවී, ඔහු මාධ්‍යවේදියෙක් නම් ඔහු මාධ්‍යවේදියාගේ රාජකාරිය කළ යුතුයි.

වැටක් පෙරළිය යුතු නම්, උද්ඝෝෂකයන් විසින් පොලිසියට පහර දෙනවා නම්, උද්ඝෝෂකයන් විසින් පොලිසිය යෙදූ බැරියර් එක පෙරළනවා නම්, උද්ඝෝෂකයන්ට පොලිසිය ඇතුළු වීමට අවසර නොදෙනවා නම් ඒ ඇතුළු වීමට අවසර ඉල්ලා තමා මාධ්‍යවේදියෙක් යැයි කියන්නටත්, උද්ඝෝෂකයෙක් ලෙස ඇතුළු වූ පසු උද්ඝෝෂකයන්ට දොර විවෘත කරන්නටත් මාධ්‍යවේදියාට අයිතියක් නෑ. ඒක මොන ආකාරයෙන් කතා කළත් ඒක තමයි ඇත්ත. මේක මේ විදියට ලිව්වාම කෙනෙක් කියන්න පුළුවන්, ආණ්ඩුවට හෝ පොලිසියට පක්ෂග්‍රාහීව මේ ලිපිය ලියනවා කියලා. නෑ, මාධ්‍යවේදියෙක් ලෙස අපි මෙය සරලව තේරුම්ගත යුතුයි. මාධ්‍යවේදියා සතු ගෞරවය ආරක්ෂා කිරීමත්, මාධ්‍යවේදියා සතු කාර්යභාරයක්.

කොහොම නමුත් තරිඳු උඩුවරගෙදර අත්අඩංගුවට ගෙන, ඔහුට පහර දීලා, ඔහුව අපහසුතාවට පත්කිරීම කියන මේ කාර්යය පිටිපස්සේ තියෙන්නේ නරක, වැරැදි පූර්වාදර්ශයක්. මේ විදියට කරන්න කිසි කෙනකුට බෑ. අපි දකිනවා ඔහු ඉන්නේ ත්‍රිරෝද රථයක් ඇතුළේ. ත්‍රිරෝද රථයක හිටපු පුද්ගලයෙක්ව ඇදලා එළියට අරගන්නවා. පොලිසිය පොරකමින් ඔහුව ඇදලා එළියට ගන්නේ. මේ මොන වුවමනාවකටද? ඔහුව ඇදලා ගන්න කවුද අණ දුන්නේ? කාගෙද මේ වුවමනාව? අපි දැක්කා පහුගිය කාලේ මේකෙ හරි රසබර සිදුවීම් දෙකක්.

ඒ දෙකත් සම්බන්ධ කරලා මේ ලිපිය අවසන් කරන්නම්. අර තාඹුගල කියන මහත්තයා. ඒ මහත්තයා මීට සති කිහිපයකට කලින් වෛද්‍යවරයෙක්ව ඉඳලා දැන් ආචාර්යවරයෙක් වෙච්ච කෙනෙක්. මොකද ඔය දෙකටම මුලට තියෙන්නේ ඩොක්ටර් කියන එකනේ. මුලින් ඔහු වෛද්‍යවරයෙක්. දැන් ඔහු ආචාර්යවරයෙක්. වැඩේ පත්තු වෙනවා කියලා දැනගත්තට පස්සේ එහෙම කළා කියලා තමයි සමාජ මාධ්‍යවල තියෙන්නේ. ඔහුව අපි දන්නේ නෑ. අපිට තේරෙන්නේ නෑ.

අපි ඔය මිනිස්සුන්ව අඳුනන්නෙත් නෑ. කොහොම නමුත් මේ තාඹුගල කියන මහත්තයා සම්බන්ධව අපි දැක්කා තරිඳු උඩුවරගෙදර ඉතා සවිස්තරාත්මකව විවේචනය කරනවා. මාධ්‍යවේදියෙක් සතු කාර්යභාරයට අදාළව විස්තර කිරීමක් මිස ඔහුව පුද්ගලිකව අපහාසයට ලක්කරන්න කරපු විස්තර කිරීමක් නෙවෙයි තරිඳු කරන්නේ. හැබැයි තරිඳුගේ විවේචනයට ලක්වුණු තාඹුගල පොලිසියේ ඕ.අයි.සී.ට තර්ජනය කරලා තියෙනවා.

ඔහු හරිම ලස්සනට ඉස්සරහින් යනවා. පොලිසිය සුවච කීකරු ගෝලයෝ වගේ ඔහුගේ පිටිපස්සෙන් යනවා. හැබැයි චෝදනාව තියෙන්නේ පොලිසියේ ඕ.අයි.සී.ට තර්ජනය කළා කියන එක. තරු පටි ගලවනවා කියලා තර්ජනය කළා කියන එක. කිව්ව දේ අහන්නෙ නැතුව වැඩ කරන්න ගිහින් පොලිසියට පාට් එකක් දාපු තාඹුගල, රජෙක් වගේ ඉස්සරහින් ගිහින්, පොලිසිය පස්සෙන් ගිහිල්ලා උසාවියට ඉදිරිපත් වෙනකොට තාඹුගලව විවේචනය කරපු මහජනතාවගේ පැත්තේ හිටපු මේ සාමාන්‍ය තරිඳු උඩුවරගෙදරට ගහලා, කොණ්ඩෙන් ඇදලා හරිම ද්වේශසහගත ලෙස ජීප් එකේ දාගෙන යන්න පොලිසිය උනන්දු වෙනවා.

සමහර විට අපට පේන්නේ මේක නිකන් පහත් තැනින් යයි ගලා ජලය වගේ කතන්දරයක් වෙන්නත් පුළුවන්. මොකද අපි දන්නවා තරිඳු කියන්නේ ලොකු ධන බලයක් තියෙන මනුස්සයෙක් නෙවෙයිනේ. තරිඳු කියන්නේ සාමාන්‍ය කොල්ලෙක්. තරිඳු වගේ අහිසංකයෙක්ට ගහලා පාට් දාන පොලිසියට කොන්දක් තිබ්බා නම් අර තාඹුගලට ගහන්න. අන්න ඒකට අපි ගෞරව කරනවා.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

මැරයන්ගෙන් බේරෙන්න බැරිම තැන යාපනේ වෛද්‍යවරයෙක් නිවෙස හැර යයි! පොලිසියට පැමිණිලි කළත් වැඩක් වෙලා නෑ! Sri Lanka Latest News

Next Post

කෝටි ගානක ලොතරැයියක් ඇදුණු කෙනාව පැහැරගෙන ගිහින් දස වධ දීපු 04ක් අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.