• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

උපාධිය ගත්ත දවසේ ජීවිතය අවසන් කරන්න තනියම තීරණය කරලා, කෞෂිකා ඇයි ඔයාට මෙහෙම දෙයක් වුණේ I Sri Lanka Latest News

August 5, 2023
in Exclusive, News
Reading Time: 5 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සමහර අයගේ ජීවිතවල ඇතැම් සිදුවීම් තියෙනවා දරාගන්න අමාරුයි. හරිම වේදනාකාරියි. ඒ හැම වේදනාවකින්ම මිදෙන්න බැරි වෙනකොට ජීවිතයෙන් පලායෑම හැරෙන්න වෙනත් විසඳුමක් නැහැ කියලා සිතෙන අවස්ථාත් අනන්තයි.(Sri Lanka Latest News)

ජීවිතයේ එවැනි කඩඉම්වලදී සමහරු තීන්දු ගන්නේ ක්ෂණිකවයි. හැම මතකයක්ම, හැම නැවතුමක්ම දාලා කොහේ හරි ඈතකටම යන්න තියෙනවා නම් කියලා හිතෙනවා ඒ වෙලාවට. සමහරු හිනාවෙලා හිටියට හිත ඇතුළෙන් දැවෙමින් ජීවත් වෙන්නේ. ප්‍රශ්න දරාගන්න ඒ තරමට අමාරුයි. ඒ දුක වේදනාව දැනෙන්නේ තමන්ටමයි. වෙන කෙනකුට දැනේනේ නැහැ කියලා හිතනවා. නමුත් මෙහෙම ක්ෂණිකව තීරණ ගැනීම හරිම අනුවණකමක්. ඒත් අපි බාහිරින් බලලා එහෙම කිව්වට ප්‍රශ්නයක් තමන්ගේ නොවන තාක් උත්තරය දාර්ශනිකයි.

දරුවෙක් කුසට ආ බව දැනගත්දා මවුපියන්ට දැනෙනේනේ මහත් සතුටක්. ඒ සතුට තවත් වැඩිවෙන්නේ තමන්ගෙ දරුවා බිහිවෙලා ටිකෙන් ටික ලොකු වෙලා අධ්‍යාපනය පැත්තෙන් ඉහළටම යනකොට. ඒ සතුට කියා නිමකරන්නට බැහැ. මේ විදියට ඉහළට යන දරුවන්ගෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනයට සුදුසුකම් ලබන්නේ ඉතා දක්ෂ, අතලොස්සක පිරිසක් විතරයි. අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ට තමන්ගේ පුතා දුව විශ්වවිද්‍යාල කඩඉම දක්වා ගෙන එන්න දුක් කම්කටොලු කන්දක් විඳින්න සිදුවෙනවා. ඒ විදියට දුක් විඳලා ඉහළටම ගෙනාපු ආදරණීය දියණියකට අත්වෙච්ච කනගාටුදායක ඉරණමක් පිළිබඳ පුවතක් අපට පසුගියදා වාර්තා වුණා.

උපාධිය ලබාගන්න දවස කියන්නේ දරුවකුගේ ජීවිතයේ පුංචි කාලේ ඉඳලා දැකපු හීනයක් සැබෑවීමක්. දරුවන් මේ හීනෙට යන්න ගොඩාක් කැපකිරීම් කරනවා, මහන්සි වෙනවා. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ උසස් ලෙස සමත් වුණු අයගෙන් අතලොස්සක් පිරිසකට තමයි අපේ රටේ විශ්වවිද්‍යාල වරම් ලැබෙන්නේ. ඉන් පස්සේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබාගන්නත් මේ දරුවන් විඳින දුක්, කරන කැපකිරීම් අපමණයි.

ජීවිතයේ මේ සුවිශේෂ අවස්ථාවට දරුවෙක් සැරසෙන්නේ දින ගණනක සිටයි. ඒ කළු ලෝගුවෙන් දරුවන් සැරසෙන්නේ හරියට තමන්ගේ මංගල දිනයට සූදානම් වනවා වගේ සතුටකින්. ඒ හැඟීම දන්නේ විශ්වවිද්‍යාල උපාධියක් ලබපු කෙනෙක් විතරයි. තමන්ව දස මාසයක් කුසේ තියාගෙන මෙලොවට බිහිකරපු අම්මාත්, ජීවිතයට මහා හයියක් ලබාදුන්න තාත්තාත් එක්ක ගිහින් ස්ටේජ් එකට නැගලා ලබාගන්නේ ජීවිතයේ දැකපු ඒ හීනයයි. ඒ දවස බොහෝ අම්මලාට තාත්තලාට දැනෙන්නේ තමන්ගේ දරුවා ගැන මහත් ආඩම්බරයක් සතුටක්.

ඒත් පසුගිය සතියේ අපට අහන්න ලැබුණේ ඊට වෙනස්ම කතාවක්.

සබරගමුව විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයේදී උපාධිය ලබාගෙන යාපනයේ වඩුක්කෝඩෙයි සශිපුරම්හි පදිංචි 27 හැවිරිදි සත්කුණරත්නම් කෞෂිකා ගෙදරට ආවේ තම අධ්‍යාපන සිහිනය සැබෑකර ගැනීමේ සතුට විඳින්න හිතාගෙනයි. ඒත් තම ආදරණීයයන්ගේ ප්‍රශ්න නිසා ඇය දැඩි මානසික පීඩනයට පත්ව පසුගිය 29 වැනිදා ගෙල වැලලාගත් කනගාටුදායක පුවතක් වාර්තා වුණා.

ඇය උපාධිය ලබාගෙන තිබුණේ පසුගිය 27 වැනිදා. නමුත් ඇය යාපනයේ තම නිවෙසට පැමිණ තිබුණේ දින දෙකකට පසුවයි. ඒ, පසුගිය 29 වැනිදායි. ඇගේ මවුපියන් අතර නිතර ඇතිවන බහින්බස් වීම් රණ්ඩ සරුවල් ඇය දරාගෙන සිටියත් ඇය බලාපොරොත්තුවෙන් ඉන්නට ඇති ඒ විශේෂ දවසේවත් තම මවුපියන් සතුටින් ඉඳීවි කියලා. අම්මා තාත්තා සතුටින් ඉඳියි, මට දෙන්නාගේම ආදරය ලැබෙයි කියලා. නමුත් බලාපොරොත්තු නොවූ ලෙස කෞෂිකාගේ මවුපියන් එදිනද බහින්බස් වී තිබුණා.

මේ පීඩාකාරී තත්ත්වය තවදුරටත් දරාගත නොහැකි වූ ඇය සියදිවි නසාගෙන තිබුණේ ගෙදර බාල්කයක ගෙල වැලලාගැනීමෙනුයි. ගෙල වැලලාගන්නා අවස්ථාවේ ඇගේ පියා ගෙදර නොසිට ඇති අතර, මවද ආහාර පිසිමින් සිට ඇත. කෙසේ වෙතත් පසුව මේ කනගාටුදායක සිදුවීම දැක ඇති ඇගේ මව අසල්වැසියන්ගේද සහාය ඇතිව කෞෂිකාව සංගන් දිසා රෝහලට ඇතුළත් කර තිබුණා. රෝහලට ඇතුළත් කරන අවස්ථාවේද ඇය මෙලොව හැරගොස් තිබුණු බවයි වාර්තා වුණේ.

පොලිස් විමර්ශනවලදී හෙළිව ඇත්තේ මවුපියන් නිතර ආරවුල් ඇතිකරගැනීම හේතුවෙන් ඇතිවූ සිත් තැවුල් මත කෞෂිකා සියදිවි හානි කරගෙන ඇති බවයි. ඇගේ පියා සහ මව පවුල් ආරවුලක් මත වෙන වෙනම ජීවත්ව තිබුණා. නමුත් කෞෂිකාගේ ඉල්ලීමක් අනුව එදින ඔවුන් දෙදෙනාම ඇගේ උපාධි ප්‍රදානෝත්සවයට පැමිණියත්, පෙර පරිදිම ඔවුන් අතර බහින්බස් වීමක් සිදුව තිබුණා. නිවෙසට පැමිණි පසුවද එම ආරවුල උත්සන්න වී ඇති නිසා ඇය දැඩි මානසික කම්පනයට පත්ව සිට ඇති බවයි විමර්ශනවලින් අනාවරණ වී තිබුණේ.

මවුපියන්ගේ ආරවුල්, බහින්බස් වීම් දරුවන්ගේ ජීවිතවලට කොයි තරම් නම් බලපානවද? කෞෂිකා ජීවිතය දිනුවත් පවුල් ආරවුල්වල පීඩනය දරාගන්න බැරි තත්ත්වයකට ඇය පත්වුණේ කාගේ වරදින්ද කියන දේ අප සිතා බැලිය යුතුයි.

එසේම කෞෂිකා විශාදය කියන මානසික රෝගී තත්ත්වයෙන්ද පෙළී ඇති බව සඳහන්ය. එම තත්ත්වය ගණන් නොගෙන ඉන්න හොඳ නැහැ. ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබාගත යුතුමයි. එසේ නොකළහොත් එය උග්‍ර අතට හැරී සියදිවි හානි කරගැනීමක් දක්වා වර්ධනය වෙන්නට පුළුවන්.
විශාදයෙන් පීඩා විඳින කෙනෙක් මුහුණු පොතේ පිටුවක මනෝ වෛද්‍ය උපදෙස් පතා පළකර තිබූ සටහනක් අපට හමු වුණේ මේ අතරයි.

‘නින්ද යන්නෑ
එක එක දේවල් මතක් වෙනවා.
කන්න පිරියක් නෑ. කාත් එක්කවත් කතා කරන්න හිතෙන්නෑ.
හැමෝගෙන්ම ඈත්වෙන්න හිතෙනවා.
බෙල්ලෙ වැලදාගන්න හිතෙනවා.

පිහියකින් ඇනගෙන මැරෙන්න හිතෙනවා.
මගෙ අත් දෙකෙන්ම බෙල්ල තද කරලා හුස්ම නවත්තගන්න හිතෙනවා.
වැඩක් කරන්න හිතෙන්නෑ.

පැයකට දෙකකට කලින් කරපු වැඩේ මතක නෑ.
අඬන්න හිතෙනවා කඳුළු නෑ.
පපුව පිච්චෙනවා වගේ…’

මිනිස්සුන්ට ජීවිතයේ විවිධාකාර ප්‍රශ්න තියෙනවා. එහෙමයි කියලා දිවි නසාගැනීම නෙවෙයි පිළිතුර. ඒ ප්‍රශ්නවලට මුහුණ දීලා ඒවාට පිළිතුරු සොයන එකයි කළ යුත්තේ. විශාදය කියන දේ විහිළුවට ගන්න එපා. දුක සතුට වේදනාව කියන දේ දැන් ඇති කියලා දැනෙන ඒ වෙලාවට ඕනෙම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෙම දෙයක් කරන්න පුළුවන්. දැන් මේ ජීවිතය ඇති කියන තැනට එනවා.

එතකොට ජීවිතයෙන් පලායෑම හැර වෙන විසඳුමක් නැහැ කියන තීරණයට එනවා. මෙවැනි අවස්ථාවල පවුලේ ආදරණීයන් ඔවුන්ට ආදරය ලබාදිය යුතු වෙනවා. ඔබේ ආදරණීයයකුට මානසික ආතතිය ඇත්නම් ඒ සඳහා මානසික උපදේශන සේවා සඳහා යොමුකළ යුතු බව හොඳින් මතක තබාගන්න. සිත සන්සුන් කරන භාවනාවක් හුරුකිරීම, මෙත් වැඩීම වැනි දේවලිනුත් මානසික ආතතිය සමනය කරගන්න පුළුවන් බව පර්යේෂණවලින් පවා තහවුරු වී තිබෙනවා. එසේම ප්‍රශ්නවලට මුහුණදීමට හැකි මනා පෞරුෂයක් ගොඩනගාගැනීම හරහාද අනවශ්‍ය ලෙස ප්‍රශ්නවලින් පීඩාවට පත් නොවී සිටීමට අප හැමටම හැකියාව ලැබෙනවා.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

වගා කරන්න වතුර ඉල්ලා ගොවීන් මහ පාරට බහී! කෘෂි ඇමැතිගේ නිවස ඉදිරිපිටත් උද්ඝෝෂණ! VIDEO I Sri Lanka Latest News

Next Post

ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත නිගමනයක් කතානායකවරයාට! Sri Lanka Latest News

MORE NEWS

එළියෙ ඉන්න ජනාධිපති අනුරව විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවට අරන් ආපු හැටි! පාර්ලිමේන්තුවේ පළමුවැනි දවසෙම සජිත් කරපු වැඩේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව නැමෙයි! සජිත් මන්ත්‍රීවරුන්ට වැඩ බාරදෙයි! I Sri Lanka Latest News

දෙපාරක්ම රහස් ඡන්දෙන් තෝරගන්න බැරිවුණා! තුන්වැනි වතාවේ සුදු දුමාරය පිටවුණා! ඉතිහාසයේ පළමු වතාවට පාප් වහන්සේ අමෙරිකාවෙන් පත්වුණා!  I Sri Lanka Latest News
Exclusive

මැල්කම් රංජිත් හිමියන්ගේ කාලය අවසන්! වතිකානුවෙන් අලුත් අගරදගුරුතුමෙක් පත්කරන්න ලෑස්තියි! ලංකාවෙන් නාමයෝජනා 3ක්! I Sri Lanka Latest News

පොලිස්පතිවරයා ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණයේ පාර්ශ්වකරුවකු වෙලා! පොලිස්පතිවරයා කරපු ප්‍රකාශයෙන් පැමිණිලිකරු අපරාධකරු වෙලා! වහාම ආරක්ෂාව සපයන්න! මන්ත්‍රී ජගත්‌ගේ වරප්‍රසාද කඩවීම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබය කරපු චෝදනාව තහවුරුයි! මාලිමාව ප්‍රා. සභාවල බලය අල්ලලා තියෙන්නේ මුදල් අල්ලස් දීලා! හඬපටත් එළියට එයි! බුලත්සිංහල සජබ මන්ත්‍රීවරු පස්දෙනා දොට්ට දැමූ හේතුව ජගත් විතාන පහදයි! VIDEO I Sri Lanka Latest News

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News

ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News
Exclusive

ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News

මහින්ද මැදිහත් වෙයි! ලංකාව සහ ඇන්ටිගුවා සහ බාබ්‍යුඩා රජය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහින්ද ලංකාවට එන්න කලින් අන්තිම ගේමත් ගහලා! I Sri Lanka Latest News

Load More
එළියෙ ඉන්න ජනාධිපති අනුරව විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවට අරන් ආපු හැටි! පාර්ලිමේන්තුවේ පළමුවැනි දවසෙම සජිත් කරපු වැඩේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව නැමෙයි! සජිත් මන්ත්‍රීවරුන්ට වැඩ බාරදෙයි! I Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත්ද පසුගිය සතියේ සිය මන්ත්‍රී කණ්ඩායමේ කිහිප දෙනකු කැඳවා මෙහෙයුම් කිහිපයක්ම ඔවුන්ට භාරදීමට පියවර ගත්තේය. ඉන් පළමු වැන්න...

Read more
දෙපාරක්ම රහස් ඡන්දෙන් තෝරගන්න බැරිවුණා! තුන්වැනි වතාවේ සුදු දුමාරය පිටවුණා! ඉතිහාසයේ පළමු වතාවට පාප් වහන්සේ අමෙරිකාවෙන් පත්වුණා!  I Sri Lanka Latest News

මැල්කම් රංජිත් හිමියන්ගේ කාලය අවසන්! වතිකානුවෙන් අලුත් අගරදගුරුතුමෙක් පත්කරන්න ලෑස්තියි! ලංකාවෙන් නාමයෝජනා 3ක්! I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

පොලිස්පතිවරයා ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණයේ පාර්ශ්වකරුවකු වෙලා! පොලිස්පතිවරයා කරපු ප්‍රකාශයෙන් පැමිණිලිකරු අපරාධකරු වෙලා! වහාම ආරක්ෂාව සපයන්න! මන්ත්‍රී ජගත්‌ගේ වරප්‍රසාද කඩවීම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

සජබය කරපු චෝදනාව තහවුරුයි! මාලිමාව ප්‍රා. සභාවල බලය අල්ලලා තියෙන්නේ මුදල් අල්ලස් දීලා! හඬපටත් එළියට එයි! බුලත්සිංහල සජබ මන්ත්‍රීවරු පස්දෙනා දොට්ට දැමූ හේතුව ජගත් විතාන පහදයි! VIDEO I Sri Lanka Latest News

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.