පසුගියදා ග්‍රේට් වෙස්ටර්න් කන්ද මුදුනේ තිබ්බ කාන්තාවගේ මල සිරුර ගෙන ඒමට ගිය හමුදා භටයෙක් හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් රක්ෂිතය තුලදී මියගිය පුවතක් වාර්තා විය. (Sri Lanka Latest News)
මෙලෙස මියගොස් ඇත්තේ අංක 32, එල්ලුම්ගස්යාය, දුටුවැව ගලෙන්බිදුණුවැව ලිපිනයේ පදිංචි කරුණානායක මුදියන්සේලාගේ සුදත් කුමාර හේරත් (36) නැමැති දැරිවියන් තිදෙනෙකුගේ පියෙකි.
මිය යනවිට 03 සිංහ රෙජිමේන්තුව නුවරඑළිය කඳවුරට අනියුත්තව සේවය කරමින් සිට ඇති අතර මොහු පුහුණු උපදේශකයකු වශයෙන් වවිනියාව ප්‍රදේශයේ කදවුරක සේවය තොට ස්ථාන මාරු ලබා ගොස් දින 15 ක් ගතවු පසු මෙලෙස රාජකාරි අතරවාරයේ මියගොස් ඇති බව වාර්තා වෙයි.
අංජලී පුර්ණිමා නිලක්ෂි හේරත් මියගිය තැනැත්තාගේ වැඩිමහල් දියණිය වයස අවුරුදු 13 වන අතර දුටුවැව මහ විදුහලේ 8 වසර ඉගෙනුම ලබයි.
මලිති දහම්ෂා හේරත් වයස අවුරුදු 8 කතා කිරිමට නොහැකි හරිහමන් විදිහට දෙපා වාරු නොමැති දියනියක් වන අතර, වලිප්පුව නැමැති රෝගයෙන් පෙළෙන බවත්, අනුරාධපුර ශික්ෂණ රෝහලෙන් මාස්පතා සායනික ප්‍රතිකාර ලබන බව ඇගේ වැඩිහිටියන් පවසන අතර, මියගිය හේරත්ගේ බාලම දියනිය වයස අවුරුදු එකක හමාරක් වන අතර ඇය සනුලි මහින්ෂා හේරත් බව වාර්තා වේ.
newscenter










