සෞඛ්‍ය සේවාවට අදාළ ගැටලු මාධ්‍යට නිරාවරණය කිරීම තහනම් කරමින් සෞඛ්‍ය ලේකම්වරයා නිකුත් කරන ලද චක්‍රලේඛයට එරෙහිව සෞඛ්‍යය වෘත්තිය සමිති හෙට දිනයේ දී සිදුකිරීමට නියමිත වූ වැඩ වර්ජනය පිළිබඳව සාකච්ඡා කිරීමට සෞඛ්‍ය ලේකම්වරයා අද දින සාකච්ඡාවක් කැඳවා තිබුණා.Sri Lanka Latest News
ආයතන සංග්‍රහයේ විධිවිධාන යටතේ සහ වෘත්තිය සමිති ආඥා පනත පනතට අදාළව වෘත්තිය සමිති නායකයන් සඳහා ඇති අනුග්‍රහයක් සෞඛ්‍ය ලේකම්වරයා නිකුත් කරන ලද චක්‍රලේඛ යෙහි සඟවා ඇති බව වෘත්තිය සමිති පාර්ශ්වයෙන් චෝදනා කරනු ලැබුවා. අද දින සාකච්ඡාවේ දී ආයතන සංග්‍රහය ට අනුකූලව සහ වෘත්තීය සමිති නායකයන් සහ වෘත්තීයවේ දී ආයතනවල ප්‍රධානීන්ට ඇති අයිතිය තමන් උල්ලංඝනය නොකරන බවත්, ඒ අයිතිය වෘත්තිය සමිති වලට තවදුරටත් තිබෙන බවත් සෞඛ්‍ය ලේකම්වරයා එහිදී ප්‍රකාශ කොට තිබුණා.
එසේම වෘත්තිය සමිති මර්දනය කිරීම සඳහා තමන් කිසිසේත්ම කටයුතු නොකරන බවත් සෞඛ්‍ය සේවාවේ යහපැවැත්ම වෙනුවෙන් අදහස් දැක්වීමේ දී සැලකිලිමත් වෙන ලෙස පමණක් සෞඛ්‍ය ලේකම්වරයා එහිදී ඉල්ලා සිටිනු ලැබුවා.
කෙසේ නමුත් මේ පිළිබඳව වෘත්තිය සමිති සහ සෞඛ්‍යය ලේකම්වරයා අතර ලිඛිත එකඟතාවයකට පැමිණීම හේතුවෙන් හෙට දවසේ ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටවීමට වෘත්තීය සමිති කමිටුව තීරණය කර තිබෙනවා.
සෞඛ්‍ය සේවාවේ යහපැවැත්ම වෙනුවෙන් සහ රෝගීන්ගේ අයිතිය වෙනුවෙන් ක්‍රියා කිරීමට තමන් බලාපොරොත්තු වෙන බවත් සෞඛ්‍ය සේවයට අදාළව වෙනත් ඉලක්කයක් එහි නොමැති බව වෘත්තිය සමිති විසින් එහිදී අවධාරණය කර තිබෙනවා” ඉ මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරන රවි කුමුදේශ් සභාපතිවරයා පවසනවා.
ඔහු සඳහන් කරන්නේ අදාළ චක්‍රලේඛය සාමාන්‍ය සෞඛ්‍ය කාර්යය මණ්ඩලයට පමණක් බලපවත්වන බවත් වෘත්තිය සමිති නායකත්වය සඳහා ඇති අනුග්‍රහයන්හි කිසිදු වෙනසක් නොමැති බවත් ලේකම්වරයා සමඟ ඇතිකරගත් එකඟතාවයට අදාළ වෙන බවයි. එසේ නමුත් අදාළ එකඟතාවය කඩ කඩකරමින් වෘත්තිය සමිති දඩයම් කිරීමට උත්සාහ ගන්නා ඕනෑම අවස්ථාවක හෝ අනවශ්‍යය විමර්ශන කැඳවමින් වෘත්තිය සමිති පීඩාවට පත් කරන ඕනෑම අවස්ථාවක නැවත වර්ජනය ක්‍රියාමාර්ගය දියත් කිරීමට සිදුවන බවයි ඔහු කියන්නේ.










