විදුලි බිල නොගෙවීම නිසා සැපයුම විසන්ධි කිරිමට ගිය විදුලි සේවකයින් තිදෙනෙකු නිවෙස් හිමියෙකුගෙන් පහරකා රෝහල් ගතකර ඇති බව වාද්දුව පොලිසිය පවසයි. (Sri Lanka Latest News)
පහරදීම සිදුකල වාද්දුව, හබරලගහලන්ද ප්‍රදේශයේ පදිංචි සැකකරු ප්‍රදේශය හැරගොස් සිටින බවද උසස් පොලිස් නිළධාරීයෙක් කීය.
වාද්දුව හබරලගහලන්ද ප්‍රදේශයේ නිවසක මාස කිහිපයක විදුලි බිල නොගෙවීම සම්බන්දයෙන් රතු නිවේදනයක්ද නිකුත් කර, එයද නොසලකා හැරීම හේතුවෙන් විදුලිය විසන්ධි කිරීම සදහා විදුලි පෞද්ගලික සමාගමේ සේවකයින් තිදෙනෙකු නිවසට ගොස් ඇති අතර, සැකකරු ඒ මොහොතේ නිවසේ සිට නැතැයිද පොලිසිය කීය.
විදුලි සැපයුම විසන්ධි කරන අතරතුර සැකකරු නිවසට පැමිණ ඇති බවත්, එහිදී උරණවූ සැකකරු විදුලි සේවකයින් තිදෙනාට පහරදී නැවත විදුලි සැපයුම බලහත්කාරයෙන් ලබාගෙන ඔවුන්ව පිටත්කර හැර ඇති බවට පැමිණිල්ලේ සඳහන් බව පොලිසිය කීය.
පහරකෑ විදුලි සේවකයින් තිදෙනා පොලිසියට පැමිණ, පොලිසිය සමග නැවත අදාළ නිවෙසට ගොස් විදුලිය විසන්ධි කර ඇති බව පොලිසිය කීය.
පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ සිදුකරන නමුත්,සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවත්, කඩිනමින් අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බවත් උසස් පොලිස් නිළධාරීයෙක් කීය.
lankasara










