අභයගිරි රාජ මහා විහාරස්ථානය වැද පුදාගැනීමෙන් පසු සජිත් ප්‍රේමදාස මහතා නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික ඇමැතිවරයා වශයෙන් කටයුතු කළ කාල වකවානුවේ ඉදිකළ අභයගිරි රජමහා විහාරස්ථානයේ දානශාලා ගොඩනැගිල්ලද නිරීක්ෂණය කළේය.Sri Lanka Latest News
එවකට අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් වහන්සේ මෙම දාන ශාලාව විවෘත කර තිබූ අතර අභයගිරි රාජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය කල්ලංචියේ රතනසිරි හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි සජිත් ප්‍රේමදාස මහතා මෙම දාන ශාලාව ඉදිකිරීමට මුල්ගල් තබා තිබුණි.




















