• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News

August 2, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ප්‍රවීන ගීත රචක ප්‍රේමකීර්ති ද අල්විස් ඝාතනය කළේ 1989 ජුලි 31 අද වැනි දිනකය.Sri Lanka Latest News

ප්‍රේමකීර්ති අල්විස් සියලු හැකියාවකින් පරිපූර්ණ මාධ්‍යවේදියෙකි. මරදානේදී 1947 ජුලි 03 සමරවීර මුදලිගේ දොන් ප්‍රේමකීර්ති ද අල්විස් උපන්නේය. ඔහුගේ පියා දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කළේය. ඝාතනය වන විට දෙදරු පියෙකි. සුරංගි අල්විස් දියණිය වූ අතර සහ සම්පත් අල්විස් පුත්‍රයා විය. ඔහු 1989 ජුලි 31 පස්වරු 8.30ට ඝාතනය වන විට 42 හැවිරිදිය. බිරිඳ වූයේ නිර්මලා අල්විස්ය. පුතු සම්පත්ගේ වයස ඒ වන විට මාස 11කි. රජරට සේවයේ සිට කොළඹට පැමිණි ප්‍රේමකීර්ති විසින් සිදු කල ප්‍රවෘත්තිමය වැඩසටහන සහ රූපවාහිනි සැරිසර වැඩසටහන එකල අතිශයින් ජනප්‍රිය විය.

ප්‍රේමකීර්ති ගුවන්විදුලියේ සහන නිවේදකයෙකු ලෙස 1967 දෙසැම්බර් 17 බැදුණු අතර ඝාතනය වන විට ප්‍රවෘත්ති සහ කාලීන වැඩසටහන් සම්පාදකවරයෙකි. එකල ප්‍රේමකීර්ති සහ බණ්ඩාර විජේතුංග ඇතුළු ගුවන්විදුලි සහ සිනමා කලාකරුවන් සමඟ නාරාහේන්පිට රන්දෝලියේ සහ නුගේගොඩ පුබුදුහි නිරතුරුව හමු වූ අයුරු ලේඛකයාට තවමත් මතකය. ප්‍රේමකීර්තිගේ ආදාහනයට බොරැල්ල කනත්තේදී ලේඛකයා සහභාගි විය. ඒ බොහෝ අය ඊට සභාගීවීමට පවා බිය ගත් කාලයකි.

හෝමාගම කටුවාන පාරේ නිවසින් පැහැර ගත් ප්‍රේමකීර්ති ද අල්විස් ප්‍රශ්න කිරීම සඳහා යැයි කියමින් කැරළිකරුවන් ඔහු මහ මගට ගෙන ගොස් හෝමාගම හන්දියට යාබදව වෙඩි තබා ඝාතනය කර තිබිණි. ඔහුගේ ඝාතනය සම්බන්ධයෙන් 1992 දෙසැම්බර් 17 කොළඹ මහාධිකරණය සමන් ප්‍රියංකර ගමගේ නැමති පුද්ගලයෙකුට දඬුවම් ලබාදී තිබේ. සමන් ප්‍රියංකර ගමගේට ඒ අනුව බරපතළ වැඩ ඇතිව ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කෙරිණි.

ජවිපෙ 2වැනි කැරළි සමය අවසන් වන විට එනම් 1986 සිට 1990 දක්වා මාධ්‍යවේදී 16ක් ඝාතනය වූ අතර 100කට ආසන්න සංඛ්‍යාවකට පැහැරගෙන යෑම්, ප්‍රහාරයන්, වධ බන්ධන, තර්ජන, බලපෑම්, රැකියා අහිමිවීම්, දේශපාලන රැකවරණය පතා විදේශගත වීම් ඇතුළු බොහෝ තාඩන පීඩන වලට මුහුණ දීමට සිදුවිය. ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන් 16 දෙනා ගෙන් ජවිපෙ කැරළිකරුවන් විසින් 9 දෙනෙකුද අතුරු හමුදා කණ්ඩායම් සහ ප්‍රා සංවිධානය මගින් 7දෙනෙකුද ඝාතනය කල බවට චෝදනා විය.

ස්වාධීන රූපවාහිනියේ නිසි බලධාරි සහ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති තනතුර මෙන්ම අධ්‍යක්ෂ ජනරාල් තනතුරද හෙබ වූ තේවිස් ගුරුගේ කැරළිකරුවන් විසින් ඝාතනය කළේ 1989 ජුලි 23ය. නාරාහේන්පිට පොල්හේන්ගොඩ පාරේ පාලම මතින් උදෑසන වෙළෙඳසැලකට තනිවම යමින් සිටියදී 65 හැවිරිදි ඔහු මරා දමා තිබිණි. තේවිස් ගුරුගේ එසේ ගියේ උදෑසන සිය ආහාරය සඳහා ආප්ප ගෙන ඒමටය. ටී.56 ස්වයංක්‍රීය ආයුධයකින් වෙඩි තැබීම සිදුකල අතර වෙඩි උණ්ඩ 5ක් ඔහුගේ සිරුරේ විය. ගුරුගේ හදිසි නීතිය යටතේ පැන වූ පුවත් වාරණයේ බලධාරියා වශයෙන් පත්වූයේ 1989 ජුලි 5දාය.

දකුණු ආසියාවේ පැරණිතම ගුවන්විදුලිය වූ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව එකල රේඩියෝ සිලෝන් නමින් හැඳින්වූ අතර එහි දෙවැනි නිවේදකයා වුයේ 1949දී බැදුණු තේවිස් ගුරුගේය. ජේෂ්ඨ මාධ්‍යවේදියෙකු වූ ඔහු මාධ්‍යවේදීන් අතර ඉතා ජනප්‍රිය පාලකයෙකු විය. පසුව 1983දි ඉන් විශ්‍රාම ලැබිය. පසුකාලීන ප්‍රකට ගුවන්විදුලි මාධ්‍යවේදීන් වූ බොහෝ දෙනාගේ ගුරුවරයා ඔහුය. තේවිස් ගුරුගේ ආදානය බොරැල්ල කනන්තේදී 1989 ජුලි 25 සිදුකරන ලදී.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ප්‍රධාන ප්‍රවෘත්ති කර්තෘවරයා වූ කුලසිරි අමරතුංග වෙඩිතබා ඝාතනය කළේ 1989 අගෝස්තු මස 13ය. ඒ රත්මලානේ ධර්මාරාම පාරේ සිය නිවසේ උදෑසන 8.35ටය. කැරළිකරුවන් දෙදෙනෙකු නිවසට ඇතුළු වී දුරකථනයේ වයර් කපා උරයේ එල්ලා තිබූ බෑගය ඇර මිලිමීටර් 7 රිවෝල්වරයකින් ඔහුට වෙඩි තබා මරා දමා තිබිණි. කැරළිකරුවන් පැමිණෙන විට කුලසිරි අමරසිංහ පුවත්පතක් බලමින් සිටි අතර වෙඩි තැබූ පසු කැරළිකරුවන් පාපැදියක නැගී කෙටි දුරක් ගොස් යතුරුපැදිවලට නැග පලා ගියහ.

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රවෘත්ති කර්තෘවරයෙකු වශයෙන් සේවය කල ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වූ කුලසිරි අමරතුංග මිය යන විට 55හැවිරිදි දෙදරු පියෙකි. එතෙර රටවල් ගණනාවක ප්‍රවෘත්ති වාර්තාකරණයෙන් ඔහු සේවය කර තිබිණි. ලාංකේය රේඩියෝ නාට්‍ය කලාවේ පදනම ශක්තිමත් කල ඔහු නෙවිල් ජයවීරගේ සරසවි මිතුරෙකුද විය. ඉතිහාසය සහ දර්ශනවාදය පිළිබදව ඔහුට පුළුල් දැනුමක් තිබිණි. ගුවන්විදුලිය තරංගනී සඟරාවේද කලක ඔහු කතුවරයා වශයෙන් සේවය කළේය.

ගුවන්විදුලියේ සිවි දෙනෙකු කැරළිකරුවන්ගේ ඝාතන ලැයිස්තුවේ විය. ඒ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් හඩ්සන් සමරසිංහ, ප්‍රවෘත්ති අංශයේ ප්‍රධානි පාලිත පෙරේරා, වැඩසටහන් නිෂ්පාදක ප්‍රේමකීර්ති ද අල්විස්, ගුවන්විදුලි පුහුණු ආයතනයේ වසන්ත ලංකාතිලකය. මරණ තර්ජන වලින් බේරීමට හඩ්සන් සමරසිංහ වැල්ලවත්තේ ඔමිගා ඉන් හෝටලය ඇතුළු ස්ථාන කිහිපයක නවාතැන් ගත් අතර පාලිත පෙරේරා රුක්මල්ගම සිය නිවස අතහැර ගොස් තිබිණි. වසන්ත ලංකාතිලක දෙමටගොඩ නිවසින් බැහැර විය. ප්‍රේමකීර්ති ද අල්විස් පමණක් සිය වාසස්ථානය වෙනස් නොකලේය. පාලිත පෙරේරා නෑකමින් ප්‍රේමකීර්තිගේ බාප්පාය.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්මන් වික්‍රමරත්න

SendShareShare
Previous Post

අපේ බණ්ඩාරවෙල ගෙදරට ගිහින් දෙන්නෙක් මවගෙන් ප්‍රශ්න කරලා! තරිඳු අද මාධ්‍ය හමුවට ඇවිත් කවුරුත් නොදන්න ‌කරුණු රැසක් හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

පෑවිල්ල දිගටම! ඔක්තෝබර් වෙනතුරු වැසි නෑ! Sri Lanka Latest News

MORE NEWS

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

ජපානය බලා ගිය ශ්‍රී ලන්කන් යානයක් පැය දෙකකට පසු යළි කටුනායකට අරන් එයි! රෝද වැඩ කරන්නේ නැතිව ගිහින්! I Sri Lanka Latest News
Exclusive

වැදිලා තියෙන හෙණ මදිවාට ශ්‍රී ලන්කන් යානයට අහසේදීත් හෙණයක් වදියි! I Sri Lanka Latest News

Load More
විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

උපරිමාධිකරණයේ පුරප්පාඩුව පවතින විනිසුරුවරුන්ගේ පත්වීම් ප්‍රමාදය පිළිබඳව අවධානය යොමු කරමින් වහාම එකී පුරප්පාඩු පිරවීමට ක්‍රියා කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන...

Read more
රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.