• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලොව ප්‍රථම සාමූහික ඊමේල් සේවාව Zapmail ලංකාවෙ දක්ෂයො පිරිසක් හඳුන්වා දෙයි! Sri Lanka Latest News

July 30, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ලොව ප්‍රථම සාමූහික ඊමේල් සේවාව Zapmail ලංකාවෙ දක්ෂයො පිරිසක් හඳුන්වා දෙයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලොව ප්‍රථම සාමූහික ඊමේල් සේවාව වන Zapmail හඳුන්වා දීම පසුගියදා සිදු විය. වෘත්තීය අවශ්‍යතාවලදී වඩාත් කාර්යක්ෂම ලෙස සන්නිවේදනයෙහි යෙදීමට පරිශීලකයන්ට අවස්ථාව සලසා දීම Zapmail සේවාවේ අරමුණයි. ශ්‍රී ලාංකිකයන් කණ්ඩායමක් විසින් Zapmail නිර්මාණය කර ඇති අතර, සාමූහික සන්නිවේදන කටයුතුවලදී මතුවන අකාර්යක්ෂමතා අවම කරගනිමින්, සන්නිවේදනය වඩාත් විධිමත් හා සරල කරන අතරම, පරිශීලකයන්ගේ කාලය ඉතිරි කරමින් ඵලදායීතාව වැඩි කළ හැකි ආකාරයට එය නිර්මාණය කර තිබේ. (Sri Lanka Latest News)

“සාම්ප්‍රදායික ඊමේල් සේවාවන් කණ්ඩායමක සාමූහික සන්නිවේදන කටයුතුවලට ගැළපෙන පරිදි සැලසුම් කර නැහැ. එම නිසා සංවාද අවිධිමත් වීම, අදාළ තොරතුරු සොයා ගැනීම දුෂ්කර වීම සහ කාලය අපතේ යාම වැනි ගැටලු නිතර මතුවනවා. එම නිසා, කණ්ඩායම්වලට ඔවුන් කොහේ සිටියත් සජීවී ලෙස සන්නිවේදනය කිරීමට අවස්ථාව ලබාදෙන විසඳුමක් නිර්මාණය කිරීමට අපට අවශ්‍ය වුණා. සාම්ප්‍රදායික ඊමේල් සේවාවන් හරහා ගනුදෙනු කිරීමේදී අපගේ කණ්ඩායම් මුහුණ දුන් ගැටලු අප හොඳින් දුටුවා.

ඊමේල් මඟින් සන්නිවේදනය කිරීමෙන් ලැබෙන වාසි එලෙසින්ම ලැබෙන, එහෙත් වඩාත් කාර්යක්ෂම ලෙස සාමූහිකව සන්නිවේදනය කළ හැකි ක්‍රමයක් නිර්මාණය කිරීමට අප කටයුතු කළේ ඒ නිසයි.

ලොව පුරා කණ්ඩායම් සමඟ එක්ව සිදු කළ පර්යේෂණ සහ සංවර්ධන කටයුතුවලින් අනතුරුව Zapmail හඳුන්වා දීමට අපට හැකි වුණා. මෙය සංවාදමය ඊමේල්, Spam රහිත inbox එකක්, වඩාත් විධිමත් threads සමඟ කණ්ඩායම්වලට එක්ව කටයුතු කිරීමේ හැකියාව සහිත සුවිශේෂී ඊමේල් සේවාවක් ලෙස හඳුන්වා දීමට පුළුවන්.” Zapmail හඳුන්වා දීමේ අවස්ථාවේදී අදහස් දක්වමින් Zapmail නිර්මාතෘවරුන් වන ෂෝන් සමරසිංහ, මාර්ක් සචින්ත, ශේ ඇන්තනි, දෙව්මින් අබේසේන සහ මෙරඩිත් අයිවර් පැවසූහ.

සමාගමක හෝ ආයතනයක සන්නාමය නියෝජනය කරන අතරම, වෘත්තීය පසුබිමක් තුළ සාමූහිකව කටයුතු කිරීමට කණ්ඩායම්වලට අවස්ථාව ලබාදෙන ආකාරයේ විසඳුමක් හඳුන්වා දීම Zapmail නිර්මාතෘවරුන්ගේ අරමුණ විය. එම නිසා ව්‍යාපාර, සමාගම්, ආයතන සහ විශ්වවිද්‍යාල ආදියෙහි සාමාජික සාමාජිකාවන්ට Zapmail මඟින් ප්‍රයෝජන රාශියක් අත්විඳීමට අවස්ථාව හිමි වී තිබේ. Zapmail යනු ක්ලවුඩ් තාක්ෂණය පදනම් කරගත් සේවාවක් වන නිසා ඕනෑම උපාංගයක් භාවිතයෙන් එයට පිවිසිය හැකි අතර, එමගින් කණ්ඩායම්වලට තම සංවාදයක් ලොව ඕනෑම තැනක සිට සිදු කළ හැකි වේ.

dinamina

SendShareShare
Previous Post

මුන්ට මෙහෙම පුළුවන්ද? මහ පාරේ ප්‍රසිද්ධියේ මිනිස්සුන්ට චණ්ඩි පාට් දාන්න? VIDEO I Sri Lanka Latest News

Next Post

අපි වැරැද්දක් කළේ නෑ! අපි කළේ කැබිනට් මණ්ඩල තීන්දුව ක්‍රියාත්මක කරපු එක! ඊට වඩා දෙයක් කියන්න අපිට බෑ! පඬු කරඳ ගහ කපලා දාපු නිලධාරියා කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News

Read more
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.