• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘අද තරිඳුට-හෙට මට-අනිද්දා උඹට..!’ තරිඳු ගැන මාධ්‍ය සගයන්- දේශපාලඥයන්-වෘත්තීය සංවිධාන කියපු කතා! VIDEO I Sri Lanka Latest News

July 29, 2023
in Exclusive
Reading Time: 24 mins read
A A
බොරැල්ලේ විරෝධතාවක් අතරතුරදී ත්‍රීවිලරයක සිටි මාධ්‍යවේදී තරිඳු පොලිසියෙන් කුදලගෙන යයි! අවයවත් මිරිකලා! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

බැංකු පොළී අනුපාතය වැඩි කිරීමට එරෙහිව තැපැල් වෘත්තීය සමිති විසින් පැවැත්වූ විරෝධතාවය අතරතුර දී පොලිසිය විසින් මාධ්‍යවේදී තරිදු උඩුවරගෙදර අත්අඩංගුවට ගෙන තිබුණා. මෙම විරෝධතා පාගමන විසුරුවා හැරීම සඳහා පොලීසිය බොරැල්ල වනාතමුල්ල ප්‍රදේශයේ දී ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක්ද එල්ල කළා. කම්කරු අරගල මධ්‍යස්ථානය විසින් මෙම විරෝධතා පාගමන සංවිධානය කර තිබෙනවා.Sri Lanka Latest News

මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර පොලිසිය විසින් පහර දී, හිසකෙස්වලින් ඇද තමන් බාරයට ගත් බවයි මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයවන වීඩියෝ දර්ශන වලින් දකින්නට ලැබෙන්නේ.

මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර අත්අඩංගුවට ගැනීමත් අත්අඩංගුවට ගත් ආකාරයත් පිළිබඳව විවිධ පුද්ගලයන් සහ සංවිධානය විසින් සිය සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් තබා තිබුණා. ඒවායින් සාතිශය බහුතරයක් එම සිදුවීම හෙලා දකින සටහන් වීම විශේෂයක්.

පහත පලවන්නේ එම සටහන් කිහිපයකි.

………………….

චන්දන වික්‍රමරත්න මහතා,

පොලිස්පති,

පොලිස් මූලස්ථානය,

කොළඹ

මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදරට පහර දී අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් වහාම පියවර ගැනීම

විරෝධතාවක් අතරතුරදී සටහන් රේඩියෝහි අධ්‍යක්ෂ, මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදරට පොලිසියෙන් පහරදී, අත්අඩංගුවට ගැනීම තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ලෙස අපි පිළිකුලෙන් හෙළාදකිමු.

මාධ්‍යවේදියකු සහ සිවිල් ක්‍රියාකාරිකයකු වන තරිඳු උඩුවරගෙදර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සුරක්ෂිත කර ඇති භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිය භාවිත කිරීමේදී අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ පැවති උද්ඝෝෂකයකට සහභාගී වී එහි දර්ශන වීඩියෝ ගත කරමින් සිටියදී ඔහුද ඇතුළුව මාධ්‍යවේදීන් සිටි දෙසට පොලිසිය ජල ප්‍රහාරයක් එල්ල කර ඇති අතර, උද්ඝෝෂණය අවසන් වී ත්‍රීරෝද රථයක යමින් පොලිස් ජල ප්‍රහාරක රථ වීඩියෝ කරමින් සිටිය දී පොලිසිය පහරදී අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලිස් ජීප් රථයට නංවාගන්නා අවස්ථාවේ දී ද හිසකෙස්වලින් ඇද වධහිංසාවට භාජනය කරනු වීඩියෝ සාක්ෂි මගින් තහවුරු කළ හැකිය. එසේම ජිප් රියේදී පොලිසිය ඔහුට පරුෂ වචනයෙන් බැණ වැදී හිසට ප්‍රහාරයක් එල්ල කර ඇත.

ජනතාවගේ මූලික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සහ විරෝධතා අවස්ථාවල දී පොලිසිය කටයුතු කළ යුත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු ගණනාවක් සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා නිර්දේශ ගණනාවක් ලබා දී ඇති තත්ත්වයක් තුළ පොලිසියේ මෙම හැසිරීම අතිශය නිර්ලජ්ජිත ය.

කෘර, අමානුෂි සහ අවමන් සහගත හැසිරීම්වලින් මිදීමට ඇති අයිතිය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කර තිබිය දී, ශ්‍රී ලංකා පොලිසිය තරිඳු උඩුවරගෙදර අත්අඩංගුවට ගැනීමේදී පහර දෙමින්, හිසකෙස්වලින් අදිමින් කෘර,අමානුෂික සහ අවමන් සහගත ලෙස සලකමින් අත්අඩංගුවට ගෙන ඇති අතර එය 1994 අංක 22 දරණ වධදීමට සහ අනිකුත් කෘර අමානුෂික නින්දිත සැලකීමට හෝ දඬුවම්වලට එරෙහි වූ සම්මුති පනත යටතේ ද දඬුවම් ලැබිය හැකි වරදකි.

තරිඳු උඩුවරගෙදර අත්අඩංගුවට ගන්නේ ඔහු ජංගම දුරකතනයකින් වීඩියෝ කරමින් සිටියදී වන අතර මහජන මුදලින් නඩත්තුවන නිලධාරීන් පොදු ස්ථානයක දී හැසිරෙන ආකාරය සම්බන්ධයෙන් වීඩියෝ කිරීමට ඕනෑම පුරවැසියකුට අයිතියක් තිබේ. මාධ්‍යවේදියෙක් එම කටයුත්ත සිදුකිරීම භාෂණයේ ප්‍රකාශනයේ නිදහස මෙන්ම තොරතුරු දැන ගැනීමට පුරවැසියාට ඇති අයිතියේද කොටසකි.

එසේ තිබියදී කිසිදු නීති විරෝධී කටයුත්තක් හෝ සංඥය වරදක් නොකළ තරිඳු උඩුවරගෙදර අත්අඩංගුවට ගැනීම මගින් ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් රටේ මූලික නීතිය ඇතුළු නීති අමු අමුවේ උල්ලංඝනය කර තිබේ. මෙය සුළුවෙන් තැකිය නොහැකි බරපතල තත්ත්වයකි.

එසේ හෙයින්, තරිඳු උඩුවරගෙදර අත්අඩංගුවට ගැනීමට දායක වූ සියලු පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් ඉහත සඳහන් කළ වධහිංසා පනත යටතේත්, අයුතු අවහිරය, සාපරාධී බලහත්කාරය පෑම , පහරදීම ඇතුළු තවත් වැරදි සම්බන්ධයෙන් සාමාන්‍ය අපරාධ නීතිය යටතෙත් පියවර ගන්නා ලෙස අපි ඉල්ලා සිටිමු.

ඊට අමතරව පහරකෑමට ලක්වූ තරිඳු උඩුවරගෙදර කඩිනමින් රෝහල් ගත කරන ලෙසත්, කඩිනමින් මහේස්ත්‍රාත්වරයකු හමුවට ඉදිරිපත් කරන ලෙසත් ඉල්ලා සිටිමු.

ස්තූතියි.

තරිඳු ජයවර්ධන

සභාපති,

තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

…………………..

රටේ පවතින ආගමන , විගමන නීතිය අනුව එක දවසක් එක පැයක් රට තුළ රැදී ඉන්න අවසර නැති, අත්අඩංගුවට ගෙන වහා අධිකරණයට ඉදිරිපත් කර රටින් පිටුවහල් කළ යුතු ‘ඩයනා ගමගේ’ ගේ නම ඇහෙන කොටත් ඇදගෙන ඉන්න යුනිෆෝම් එකේ ‘මළපහ’ වෙන පොලීසිය පත්තර කාරයෙක්, විශ්ව විද්‍යාල සිසුවෙක් දුටු සැණින් බෝටුවෙන් අල්ලා ගැනීම පොලීසියේ මහා වීර ක්‍රියාවක්ද?

පොද්දල ජයන්ත

…………………….

පොදු ස්ථානයක් විශේෂයෙන් මහජන මුදල් මත යැපෙන ඕනෑම පුද්ගලයෙක්, මහජන මුදලින් ක්‍රියාත්මක ඕනෑම ආයතනයක ඕනෑම ක්‍රියාවක් වීඩියෝ කිරීමට, ඡායාරූපයක් ගැනීමට සහ ඒ පිළිබද විමසීමට පුරවැසියෙක්ට අයිතියක් තියනවා. ඒකට විශේෂ හැදුනුම්පතක් ඕන නෑ. විශේෂයෙන් මාධ්‍යවේදී හැදුනුම්පතක් ඕනම නෑ. ඒක නිසා පොලීසියේ බබාලටයි සහ ඒ බබාලට කත් අදින අයටයි කියන්නේ තියෙන්නේ තව දුරටත් වහල්ලු වෙන්න එපා.

වහාම තරිඳු නිදහස් කළ යුතුය!!!

සම්පත් සමරකෝන්

…………………………..

තරිඳු අත්අඩංගුවට ගැනීම අවසන් සිදුවීමයයි අප නිහඬ වන්නේනම් අපේ මුග්ධ බවට නිසි ප්‍රතිචාර ඉක්මනින් ලැබෙනු ඇත.

තරිඳු වෙනුවෙන් පෙනී සිටිමු.

චූලානන්ද සමරනායක

……………………………

තරිඳු උඩුවරගෙදර මාධ්‍යවේදියා අනීතික අත්අඩංගුවට ගැනීම තරයේ හෙලා දකිමු,

ජනෝදානය

…………………….

දැන් තරිඳු ඇතුළේ. ඒ කියන්නෙ ඊළඟට මා, ඔබ ඔක්කොම ඇතුළේ. ඇහැ ඇරවා ගන්න තමන්ගේ ම හෘද සාක්ෂ්‍යය. මේ මර්දනයට තිත තියමු. තරිඳුගේ ඇත්ත රූපය සහ සුජිත් රත්නායක සහෝදරයා මැවූ පරිකල්පන රූපය අතර පරතරය නැති වෙන්නයි යන්නෙ.

ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි

…………….

පොලිස් අත්අඩංගුවට ගත් මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර වහා නිදහස් කරනු !!

එරංග ගුණසේකර

……….

තරිඳු උඩුවරගෙදර වහා නිදහස් කරනු!

අද අපේ සහෝදරයා, මාධ්‍යවේදී සහ කම්කරු ක්‍රියාකාරික තරිඳු උඩුවරගෙදර අත්අඩංගුවට ගත්තා. ඔහු කම්කරුවන්ගේ විරෝධතාවක් ආවරණය කිරීමට උත්සාහ කරමින් සිටියදී පොලිසිය විසිනි. ඔහු රඳවා සිටින්නේ බොරැල්ල පොලිස් ස්ථානයේදී පොලිස් නිලධාරීන් කිහිප වතාවක්ම පහර දී ඇත.

අද විරෝධතාව පැවතියේ ආණ්ඩුවේ අනවසර හා ප්‍රජාතන්ත්‍ර විරෝධී උත්සාහයට එරෙහිවයි. කම්කරුවන්ගේ සේවක අර්ථසාධක අරමුදල් සොරකම් කිරීම සහ සම්පූර්ණයෙන්ම කම්කරු නීති ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට එරෙහිවයි. එයට දැඩි කඳුළු ගෑස් ප්‍රහාරයක්, ජල ප්‍රහාරයක් පොලිසියෙන් එල්ල විය.

විරෝධතාව මර්දනය කිරීම සහ තරිඳු ඉලක්ක කර අත්අඩංගුවට ගැනීම, පහරදීම සහ රඳවා තබා ගැනීම, කම්කරුවන් සහ සිවිල් වැසියන්ට තර්ජනය කිරීම, බිය ගැන්වීම සහ නිශ්ශබ්ද කිරීමේ පැහැදිලි උත්සාහයන් වේ.

Unite සාමාජිකයින් ලෙස අපි මෙම පිළිකුල් සහගත අත්අඩංගුවට ගැනීම තරයේ හෙළා දකිමු. තරිඳු නීති විරෝධී ලෙස රඳවා තබා ගැනීම වහාම නතර කර නිදහස් කරන ලෙසට බලකරමු.

Unite Collective (වෘත්තීය සමිති සහ බහුජන ව්‍යාපාරවල එකතුව)

………..

පොලිසිය තරිඳුව නොදන්න විදියක් නැහැ. මට පේන හැටියට මේ පහර දීලා ඉතාම අමානුෂික විදියට අත්අඩංගුවට ගත්තෙ තරිඳු එක්ක තියෙන ඇරියස් එකක් කවර් කර ගන්න. කොණ්ඩෙන් ඇදල ගන්නෙ. කොණ්ඩෙන් ඇදලයි ජීප් එකට දාගන්නෙත්. තරිඳු අයුක්තියට එරෙහිව සටන් කරන මාධ්‍යවේදියෙක්. අනික මාධ්‍යවේදියෙකුට විතරක් නෙමෙයි ඕනම පුරවැසියෙකුටත් පොලිස් නොපනත්කම් විඩියෝ කරන්න අයිතිය තියෙනව. ඒකට මාධ්‍ය හැඳුනුම්පත් ඕන නැහැ. මේ අත්අඩංගුවට ගැනීම හෙලා දකිමු. පුදුම මාධ්‍ය නිදහසක් දෙන්න යන්න මානවම්මගෙ පාලනය. මේ නීති විරෝධී අත්අඩංගුවට ගැනීමේ විඩියෝ නඩුකාර උන්නාන්සේලා දකීවා!

උවිඳු කුරුකුලසූරිය

………..

සියලුම බලගතු අපරාධකාරයන් – දූෂකයන් – භීෂකයන් – සොරුන් – මංකොල්ලකාරයන් ඉදිරියේ සැලියුට් ගසා දෙකට නැමී ඇඹරෙන පොලීසිය ඔබේ තොරතුරු දැනගැනීමේ හා අදහස් ප්‍රකාශකිරීමේ අයිතියට අරුතක් ලබාදීම උදෙසා පෙනීසිටි මිනිසකු කුදලාගෙන ගොසිනි.

අත පොලීසියේ වුවත් අණ අන්තැනක ය! මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර වහා නිදහස් කරවු!!!

සනත් බාලසූරිය

…………

මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර වහා නිදහස් කරනු.. !

ලංකා බණ්ඩාරනායක

………….

මිනිසුනි, ආණ්ඩුවේ උම්මත්තක හැසිරීමට එරෙහි වෙමු!

පාලකයිනි; අසාධාරණ ලෙස අත්තඩංගුවට ගත් මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර වහා නිදහස් කරනු.!!

අවිශ්ක බී. එල්.ටී.

………..

බොරැල්ල පොලිසිය විසින් පහර දී අත්තනෝමතිකව අත්අඩංගුවට ගත් මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර නිදහස් කරනු!

මාධ්‍ය නිදහසට අත නොතබනු!

අසේල නවරත්න

…………

අත්අඩංගුවට ගත් මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර වහා නිදහස් කරනු!

ප්‍රතිවාදී

……….

මේ මොකුන්ද……… පොලීසියේ මැරයෝද

තරිඳු උඩුවරගෙදර ට එල්ල කළ ප්‍රහාරය හෙළා දකිමු

අයේෂ් ෂශිමල්

………

තරිඳු උඩුවරගෙදර එක්ක තියෙන ඇරියස් එක පේනව නේද? මේ තනි මිනිහෙක් කියල හිතුවට තනි මිනිහෙක් නෙවි. වහාම බලු පොලීසිය කළ පාහර වැඩේ නිවැරදි කරනු.

ප්‍රගීත් රත්නායක

………….

පොලීසියේ නින්දාසහගත හැසිරීම් වීඩියෝ කරන්න මාධ්‍යවේදියෙක්ට විතරක් නෙමේ, ඕනෑම පුරවැසියෙක්ට අයිතියක් තියෙනවා. විඩීයෝ ගත කළාම කොන්ඩෙන් ඇදලා පහරදීලා අත් අඩංගුවට ගන්න තරම් පොලීසිය ඉතාම බරපතල විදිහට ඒකාධිපති පාලනයකට යමින් ඉන්නවා.

මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර අත් අඩංගුවට ගැනීම හෙළා දකිමු !

වහා නිදහස් කරනු…!

ගයාන් ගාල්ලගේ

……….

තරිඳු උඩුවරගෙදර මාධ්‍යවේදියෙකි. තරිඳු වසරේ පුවත්පත් මාධ්‍යවේදියාට පිරිනැමෙන මර්වින් ඩි. සිල්වා සම්මානය සහ වසරේ තරුණ පුවත්පත් මාධ්‍යවේදියා ලෙස ඩෙන්සිල් පීරිස් සම්මානයද දිනා ගත්තෙකි. එම සම්මාන දෙකම දිනූ එකම ශ්‍රී ලාංකේය මාධ්‍යවේදියා තරිඳු පමණක් විය හැක.

තරිඳු නිකම්ම නිකන් රස්සාවක් නැතිකමට මීඩියාකාරයෙක් වූවෙක් නොවේ. ඇඟ පුරාම අමාරුව ඇති එකෙක්ය. අරක්කු බෝතලයකට, තුමෙක් හමු වී වැඩක් කරගැනීමට මාධ්‍යවේදි හැඳුනුම්පත වෙන්දේසි කරන මාජ්ජවේ*යන් අතරේ හැබෑ මීඩියාකාරයෙකි.

දන්නා තරමින් තරිඳු, පහේ ශිෂ්‍යත්වයෙන් කොළඹ ඇවිත් කොළඹම නැවතීමට තීරණය කරන්නේ, ඩී.එස්. එකේ ඉගෙන ගැනීම් අවසන් කරමින් ‘රාවය’ ට එකතු වෙමින්ය. රාවයෙන් අනිද්දා පත්තරයට ගිය තරිඳු පුවත්පත්වලට වඩා සමාජ මාධ්‍යවල ‘බර’ වැඩිවෙද්දි යූටියුබයට මාරු වන්නේය.

Satahan radio යූටියුබ් චැනලය තරිඳුගේ ය.

අද, තරිඳුව වනාතමුල්ලේ දි අත්අඩංගුවට ගන්නේ උද්ඝෝෂණයක් වාර්තා කරන අතරතුරය. මාධ්‍යවේදියෙක් සේම සමාජ ක්‍රියාකාරියෙක් ලෙස ද හඳුනාගත හැකි තරිඳු අත්අඩංගුවට ගැනෙන්නේ ත්‍රීවිල් එකක හිඳගෙන සිටිය දී ය. අත්අඩංගුවට ගැනීමට තරිඳු විසින් කරන ලද වරද්ද කුමක්දැයි අදාළ වීඩියෝ නැරඹීමෙන් පැහැදිළි වන්නේ නැත.

කෙසේ නමුත් තරිඳුගේ යූටියුබ් චැනලයේ වීඩියෝවක් දෙකක් නැරඹීමෙන් අත්අඩංගුවට ගත්තේ ඇයිදැයි දළ අදහසක් ලබාගත හැකි යැයි සිතමු.

වරුණ සුදන්ත හේරත්

………

මම තරිඳු දන්නවා. මිනිහ ඉන්න තැනටත් ගිහිං තියෙනව. හොඳ මිනිහ. ඒත් තරිඳු පහුගිය කාලෙ හැසිරුණේ පොලීසිය අතිශයින් ම කුපිත කරන ආකාරයට. මාධ්‍යවේදියෙක් විදියට නම් නෙමෙයි. මාධ්‍යවේදීයෙක් කියන්නෙ පුද්ගලත්වය ඉක්මවා ගිය වෘත්තිකයෙක්. මම වීඩියෝ දෙක තුනක්ම දැකල තියෙනව. ඒ වගෙ අවස්ථාවල කිසිම රටක ඉවසන්නෙ නැති ඉවසීමක් මම දැකල තියෙනව පොලීසියෙන්. අපි තේරුම් ගන්න ඕන, යුනිෆෝර්ම් ඇන්දට ඒව අස්සෙ ඉන්නෙ මිනිස්සු කියල.

මහින්ද පතිරණ

……..

තරිඳු වෙනුවෙන් කට අරිමු ..!

තරිඳු මම ළඟින් ඇසුරු කරලා නෑ ..

නමුත් හෙට මට වෙන දේ අද මම තරිඳු ට උන දෙයින්

දකිනවා ..!

තරිඳු මම නෙමෙයි,!

ඒත් හෙට මම තරිඳු වෙනවා, .. !

ඉතින් හෙට මම වෙනුවෙන් අද

මම තරිඳු වෙනුවෙන් පෙනී සිටිනවා,… !

අද තරිඳු ට හෙට මට අනිද්දා උබට …!

සුනිල් හඳුන්නෙත්ති

SendShareShare
Previous Post

ම්ලේච්ඡ ලෙස අත්අඩංගුවට ගැනීමක්! වහාම නිදහස් කරන්න! වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයත් මැදිහත් වෙයි! I Sri Lanka Latest News

Next Post

ඉන්දියා – ඇමෙරිකා සබඳතාවන් අන් කවරදාටත් වඩා ශක්තිමත්!

MORE NEWS

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

Load More
Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News අද (04) දිනයේදී මෙරට...

Read more
අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.