චෝදනා කිහිපයකට වරදකරුවන් වූ 05 දෙනකුට කුවේට් රාජ්‍යය පසුගිය 27 වැනිදා මරණ දඬුවම ක්‍රියාත්මක කළ අතර, මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් වරදකරු වූ ශ්‍රී ලාංකිකයෙකු ද ඒ අතර වෙයි. (Sri Lanka Latest News)
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේල 43 හැවිරිදි ශ්‍රී ලාංකිකයකු මෙලෙස එල්ලා මරාදමා ඇති බවය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණි සෙනරත් යාපා මහතා,
මොහු සන්තකයේ තිබිලා තියෙනවා අයිස් නමැති මත්ද්‍රව්‍ය කිලෝ එකහමාරක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ භාගයක්. ඒවා සන්තකයේ තබාගැනීමේ වරදට තමයි මොහුව අත්අඩංගුවට අරගෙන තියෙන්නේ. අනතුරුව ඔහුව එල්ලා මරණයට පත්කරනවා. ඔහුගේ අවසාන ඉල්ලීමක් තිබුණා මෘත දේහය මෙරටට ගෙන්වලා ඔහුගේ මවට ලබාදෙන්න කියන එක. ඒ අවශ්‍ය කටයුතු අපි කඩිනමින් කරනවා.
adaderana










