අමරකීර්ති අතුකෝරල ඝාතන නඩුවේ සැකකරුවන් 39 දෙනා ඇප මත මුදා හැරීමට ගම්පහ ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝග කර තිබේ.Sri Lanka Latest News
දැනට රිමාන්ඩ් භාරයේ සිටින සැකකරුවන් 32 දෙදෙනා සහ මීට පෙර ඇප ලබා සිටින සැකකරුවන් 05 දෙනා රුපියල් ලක්ෂ පහක මුදල් සහ රුපියල් ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප හතරක් මත මුදාහරින්නැයි නියෝග කළෙය.
ඉකුත් වසරේ මැයි 09 වැනි දා ඇතිවූ කෝලහලයකි පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ පෞද්ගලික ආරක්ෂකයා නිට්ටඹුව නගරයේදී ඝාතනය කිරීම පිළිබඳ නඩුව අද යළි ගම්පහ මහාධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේ එම නියෝගය කළේය.
සහන් යාපා බණ්ඩාර, රශ්මි සින්ගප්පුලි සහ රුවන් පතිරණ යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ නඩුව විභාගය ගැනුණි.










