මස් වැද්දෙක්ගේ බඳින තුවක්කුවක් පත්තු වීමෙන් අග්බෝ ඇතාගේ ඉදිරි පාදයට දැඩි ලෙස හානි වී ඇති බව අද වනවිට ප්‍රසිද්ධ කාරණයකි. දැනට සති කීපයක සිට පණ්ඩුලගම පශු වෛi කාර්යාලය හා තිරප්පනේ වනජීවී කාර්යාලයේ නිලධාරීන් අග්බෝට ප්‍රතිකාර කිරීම ආරම්භ කර ඇත.(Sri Lanka Latest News)
පවතින අවම පහසුකම් යටතේ තම ජීවිත අවදානමද නොතකා මෙම නිලධාරීන් ඇතා සුවපත් කරගැනීමට දිවා රෑ සිදුකරන මෙහෙය අගය කළ යුතුය.
ප්‍රතිකාර කළ යුත්තේ කෙසේද, කුමන ක්‍රමයටද යන්න තීරණය කළ යුත්තේ අදාළ විෂය සම්බන්ධයෙන් ප්‍රාමාණික දැනුමක් ඇති වෛද්‍යවරුන් විසිනි. සමාජ මාධ්‍ය ඔස්තාර්ලා හා අනෙකුත් නඩ විසින් යෝජනා කරන දේවල් ක්‍රියාත්මක කිරීමට හෝ ඇහුන්කම් දීමට කාලයක් නැත. සිදුවිය යුත්තේ අඩුපාඩු ඇත්නම් නිවැරැදි කරගෙන අග්බෝට ප්‍රතිකාර කිරීම වේගවත් කිරීමයි. ප්‍රතිකාර කරන කණ්ඩායමට උපරිම සහයෝගය ලබාදීම අප සතු කාර්යයයි.
එසේ නිහඬව ඔවුන්ට සහයෝගය දෙන මිනිසුන් නැතිවාම නොවේ. ඔවුන් මුහුණු පොතේ හෑලි ලියන්නේ නැත. එසේ නොමැතිව හැම දෙයක්ම නිර්දය ලෙස විවේචනය කිරීම සමාජ වගකීම නොවේ.
අග්බෝට ප්‍රතිකාර කිරීම හා ඉන් එහාට අවශ්‍ය නම් රාජ්‍යතාන්ත්‍රික සහයෝගය ලබාගෙන ප්‍රතිකාර විධිමත් කිරීම බලධාරීන්ගේ යුතුකම හා වගකීම බව ලියුම්කරුගේ අදහසය.
කෙසේ හෝ අවසනදී සිදුවිය යුත්තේ සැමගේ සහයෝගයෙන් අග්බෝට ඉක්මන් ප්‍රතිකාර කොට සුව කරගැනීමයි.
තවද වනජීවී ප්‍රධාන කාර්යාලයේ නිලධාරීන්ගේ ඇල්මැරුණු ක්‍රියාකලාපය නිසා අඩු ලුහුඬුකම් සිදුවන බවක් පෙනෙන්නට තිබේ. එයින්ද ඇවැඩක් සිදුවන්නේ ප්‍රතිකාර කරන වෛi කණ්ඩායමටය. කෙසේ වෙතත් මෙම සත්වයාට ප්‍රතිකාර කිරීමේදී ප්‍රදේශවාසීන්ගෙන් ලැබෙන සහයෝගය ද අගය කළ යුතුය.
සමන් හල්ලොලුව











