• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොලිසිය කුඩු I Sri Lanka Latest News

July 27, 2023
in Exclusive, News
Reading Time: 4 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සුරාබදු දෙපාර්තමේන්තුව කියා එකක් තිබුණාට ගමක කසිප්පු වඩියක් පෙරන එකා වැඩිපුරම බය පොලිස් රාලහාමිටය. ඊට හේතුව නීති විරෝධී මත්පැන් ජාවාරම අල්ලන්නට ලංකාවේ නම්දරා සිටින්නේ සුරාබදු දෙපාර්තමේන්තුව නොව, පොලිස් දෙපාර්තමේන්තුව වීමය. කසිප්පු පමණක් නොව ඕනෑම හොරකමක් වංචාවක් කරන ඕනෑම අයෙක් පොලිස් නිල ඇඳුමට අසීමිත බියක් දක්වන්නේය. ඊට හේතුව නීතිය ක්‍රියාත්මක කිරීමේ වඩාත් ප්‍රාථමික ඒකකය පොලීසිය වීමය.(Sri Lanka Latest News)

ගංජාකාරයෙක් දෙන්නෙක් ගමක සිටියත් අතීතයේ මත්ද්‍රව්‍ය කියා දෙයක් ලංකාවේ එහෙමට පැතිර තිබුණේ නැත. එහෙත් සංචාරකයන්ගේ ආගමනයත් සමග ලංකාවේ නානාප්‍රකාර මත්ද්‍රව්‍ය හමුවන්නට විය. එම තත්ත්වය කෙතරම් දුරදිග ගියේද යත් පොලිසියට වෙනමම මත්ද්‍රව්‍ය නාශක අංශයක් පිහිටුවන්නට පවා සිදුවිය. ඒ, ශ්‍රී ලාංකික තරුණ පරපුර මත්ද්‍රව්‍යවලින් බේරාගන්නටය. එහෙත් දැන් සිදුව ඇත්තේ ඊට ඉඳුරාම වෙනස් දෙයකි. වර්තමානයේ පොලිස්පතිතුමාට සිදුව ඇත්තේ පොලිසිය මත්ද්‍රව්‍යවලින් බේරාගන්නටය.

මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන එකී ජාවාරම මඬින්නට බලය ඇති පොලීසිය මත්ද්‍රව්‍යවලින් බේරා ගැනීමට සිදුවීම වූ කලී පොලිසියේ පමණක් නොව සමස්ත සමාජයේම පිරිහීමේ කතාවේ එක් දිගුවකි. ඇතැම් පොලිස් නිලධාරීන් රාජකාරි කරන ආකාරය දෙස බැලීමේදී ‘මුං නිකං ගංජා ගහලා වගේ’ යැයි පවසන සිරිතක් සමාජයේ විය. විශේෂයෙන්ම රථ වාහන නඩු ගන්නා ට්‍රැෆික් පොලිස් රාලහාමිලාට මේ චෝදනාව එල්ල විය. එහෙත් මේවා හුදු කටට ආවාට කීවා මිස ඔප්පු කරන්නට සාක්ෂි සහිතව ඉදිරිපත් වූ ඒවා නොවේ. එමෙන්ම කිසිම කාලෙක පොලිසිය තම නිලධාරීන්ට එරෙහිව නැගෙන එකී චෝදනා පිළිගත්තේද නැත. එහෙත් මෑතදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ නිහාල් තල්දූව කළ ප්‍රකාශයකින් මෙතුවක් කල් පත්තු නොවූ පොලිස් නිලධාරීන්ගේ මත්ද්‍රව්‍ය භාවිත කිරීමේ කතාන්දරය එක්වරම පුපුරා ගියේය.

මාධ්‍ය හමුවේ කරුණු දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ අයිස්, හෙරොයින් මත්ද්‍රව්‍ය භාවිතය සඳහා ඇබ්බැහිව සිටින පොලිස් නිලධරීන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස්පතිවරයාගේ නියමයෙන් බුද්ධි නිලධාරීන් යොදවා ඇති බවය. ඒ කියන්නේ පොලීසියට දැන් රටේ හොරු මදිවාට පොලිසියේ හොරුත් අල්ලන්නට සිදුව තිබෙන බවය. පොලිස් ස්ථානවල එවැනි මත්ද්‍රව්‍ය භාවිත කරන බවට සැක කරන නිලධාරීන් සම්බන්ධයෙන් අවධානය යොමුකර බුද්ධි නිලධාරීන් යොදවා ඔවුන්ගේ ක්‍රියාකලාපය නිරීක්ෂණ කරන ලෙසට පොලිස්පතිවරයා සියලු උසස් පොලිස් නිලධාරීන් දැනුවත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

මත්ද්‍රව්‍යවලින් පොලිසිය මුක්ත කිරීමේ කටයුත්තේදී පොලීසිය කටයුතු කරන ආකාරය පිළිබඳ අදහස් දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනුයේ ගංජා පානය කර හසුවන පොලිස් නිලධාරීන් හට එසේ හසුවන පළමු අවස්ථාවේදී ස්ථාන මාරුවක් ලබාදීමට ක්‍රියා කරන බවය. එහෙත් හොරොයින් හෝ අයිස් (Crystal Methamphetamine) මත්ද්‍රව්‍ය පානය කරන බව තහවුරු වන පොලිස් නිලධාරීන් සම්බන්ධව ඊට වඩා දැඩි ක්‍රියාමාර්ගයක් ගැනීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේය. ඒ අනුව අයිස් හෝ හෙරොයින් භාවිත කර අසුවන පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව පොලිස් සේවයෙන් ඔවුන් නෙරපා හැරීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය.

පොලිසියේද සිටින්නේ මිනිසුන් නිසා අරක්කු ටිකක් බීම ගංජා ටිකක් බීම මහ දෙයක්දැයි ඔබටද සිතෙන්නට පුළුවන. එහෙත් දැනට වාර්තා වන ආකාරයට ඇතැම් පොලිස් නිලධාරීන් මත්ද්‍රව්‍ය භාවිත කරනුයේ රාජකාරියේ යෙදී සිටින අතරතුර‍ය. එය අතිශය බියකරු සිදුවීමක් වන්නේ නීතිය ක්‍රියාත්මක කරන ප්‍රධානතම ආයතනයක වගකිවයුතු නිලධාරීන් මත්ද්‍රව්‍ය භාවිත කර අසිහියෙන් කටයුතු කරන්නේ නම් එම රටේ නීතිය වල්වැදීම අරුමයක් නොවීම නිසාය.

පොලිස් සේවයේ යෙදෙන්නන් මත්ද්‍රව්‍ය භාවිතය නිසා ඍජුවම අගතියට පත්වන්නේ සේවය පතා පොලිසිවලට යන්නෝ පමණක් නොවේ. පොලිස් සේවයේම යෙදෙන්නෝද ඉන් බරපතළ අගතියකට පත්වෙති. පසුගිය සතියේ වාර්තා වූ එවැනි එක් සිදුවීමක් කදිම උදාහරණයක් සපයයි. සිද්ධියේ බරපතළ බව ඔබට දැනගනුවස් සැකෙවින් පහත දක්වමි.

පොලිස් මූලස්ථානයට අනුයුක්තව රාජකාරි කරන පොලිස් කොස්තාපල් වරයෙක් තම පෙම්වතිය වූ පොලිස් කාන්තාවකගේ නග්න ඡායාරූප සමාජ මාධ්‍ය අඩවියක උඩුගත කිරීම නිසා පරිගණක අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි. ඔහු සිය ජංගම දුරකතනයෙන් සිය පෙම්වතිය වූ පොලිස් කාන්තාවට දෘශ්‍ය ඇමතුමක් ලබාගෙන ඇත. එහිදී ඔහු තම පෙම්වතිය හමුවේ පින්සෙණ්ඩු වෙමින් ඇගේ උඩුකය නිරුවත් කර පෙන්වන ලෙස ඉල්ලා ඇත. ඒ මොහොතෙදීත් එම පොලිස් කාන්තාව සිට ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථානයක රාජකාරි කරමිනි.

සිය පොලිස් පෙම්වතාගේ ඇවිටිල්ලෙන් බේරෙනු බැරි තැන එම පොලිස් ස්ථානයේ කාන්තා නිවාසය වෙත යන ඕ, පොලිස් ඇඳුමේ උඩු කොටස උනා සිය නිරුවත් ළැම පොලිස් කොස්තාපල් පෙම්වතාට පෙන්වා තිබේ. එය සැණින් පටිගත කරගත් පෙම්වතා පසුව ප්‍රයෝජනයට ගැනීමට එය ආරක්ෂිතව තබාගෙන තිබේ. කෙසේ වෙතත් මෙම පොලිස් කොස්තාපල්වරයාගේ හැසිරීම දිනෙන් දින වෙනස් වීම නිසා පොලිස් පෙම්වතියට ඔහු එපා වී තිබේ. ඔහු කිසියම් මත්ද්‍රව්‍යයක් භාවිත කරන බව ඇයට තහවුරුව ඇත. එහෙයින් මෙම පොලිස් කාන්තාව වහා තම සබඳතාව නතරකර දැමීමට තීරණය කළාය.

එම තීරණයෙන් කිපුණු පොලිස් පෙම්වතා වහා තමා සතු වීඩියෝ සියල්ල සමාජ මාධ්‍යයේ උඩුගත කළේය. තම නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යයේ හුවමාරු වන බව පොලිස් පෙම්වතිය දැනගන්නේ මෑතකදීය. ඒ අනුව කළ පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට පත්වන්නේය. එහිදී සැකකරු පරීක්ෂා කළ වෛද්‍යවරු, ඔහු මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වී ඇති අයෙක් බව වාර්තා කර ඇත.

කාන්තාවන් රවටා මේවැනි නොපනත්කම් කරන තක්කඩියන් වහා අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරීම පොලීසියේ වගකීමය. එහෙත් මේ සිදුවීමට අදාළව වින්දිතයා සහ සැකකරුවා යන දෙදෙනාම පොලිස් සේවයේය. මේ වන විට සිය පෙම්වතියගේ නිරුවත් උඩුකය ඡායාරූප සමාජ මාධ්‍යයට මුදාහළ පොලිස් පෙම්වතා අත්අඩංගුවේය. පොලිස් ප්‍රේමවන්තයාට නිල ඇඳුම උනා නිරුවත් ළැම පෙන්වූ පොලිස් කාන්තාවගේද වැඩ තහනම් කර ඇත. ඒ, පොලිස් නිල ඇඳුම ඉවත් කර නිරුවත පෙන්වීම නිසාය.

මේ එක සිදුවීමක් පමණි. තවත් වාර්තා නොවන මෙන්ම ඉහළ නිලධාරීන්ගේ සහාය ඇතිව යට ගසන සිදුවීම් කොපමණ ඇත්දැයි කිසිවකුටත් උපකල්පනය කළ නොහැකිය. පොලිස් මූලස්ථානයේ ආරංචි මාර්ගවලට අනුව මත්ද්‍රව්‍ය භාවිත කිරීමේ චෝදනාවට මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇති සියලු දෙනා කනිෂ්ඨ පොලිස් නිලධාරීහු වෙති. අත්අඩංගුවට ගත් පිරිස අතර නවක උපපොලිස් පරීක්ෂකවරුන් දෙදෙනකු ද වන බව සඳහන් වෙයි. එහෙත් පොලිසිය මත්ද්‍රව්‍ය භාවිතයෙන් මිදී ඇති බව ඉන් අදහස් නොවේ. මීට අමතරව මත්ද්‍රව්‍ය භාවිත කර හසුවන නිලධාරීන්ගෙන් වැඩි පිරිසක් බස්නාහිර පළාතේ අය බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.

පොලිස් නිලධාරීන් මත්ද්‍රව්‍ය ලබාගන්නේ නඩු භාණ්ඩ ලෙස අත්අඩංගුවට ගන්නා නියැදිවලින් බවට මතයක් සමාජයේ වෙයි. එය එසේ නම් තත්ත්වය වඩාත් බරපතළය. එය එකවරම බැහැර කළ නොහැක්කේ පොලිස් නිලධාරීන් මත්ද්‍රව්‍ය මගින් අයථා ඉපැයීම කරන බවට කලකට පෙර චෝදනා එල්ලවූ බැවිනි. මේ සම්බන්ධව බී.බී.සී. සිංහල වෙබ් අඩවියට කරුණු දක්වන විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න පවසනුයේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සියලු අධ්‍යක්ෂවරුන්ගේ සහ කාර්යාංශය භාරව සිටි සියලු නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ ක්‍රියාකලාපය පිළිබඳ විශේෂ විමර්ශනයක් පැවැත්විය යුතු බවයි.

ඊට අමතරව එම කාර්යංශයේ සේවය කරන සියලු දෙනාගේ වත්කම් පරීක්ෂා කළ යුතු බවත්, එක් අයකුට එහි සේවය කළ හැකි උපරිම කාලය වසරකට සීමාකළ යුතු බවත් ඔහු පවසයි. එහෙත් මත්ද්‍රව්‍ය භාවිතය පොලිසියට පමණක් සිමා වී නැත. ආරක්ෂක අංශවලද අයිස්වලට ඇබ්බැහි වූවන් වැඩි පිරිසක් සිටින බව හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.

ඇතැම් සෙබළුන් මෙන්ම නිලධාරීන් ද අයිස්වලට ඇබ්බැහි වී ඇති බව එම ආරංචි මාර්ග පවසයි. පසුගියදා අයිස් භාවිත කිරීම සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශයේ සාමාජිකයන් දෙදෙනකු සහ හමුදා පොලිසියේ සෙබළකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මත්ද්‍රව්‍ය පාලනයට නතුවූ පොලිස් සහ හමුදා නිලධාරීන් ගැන තොරතුරු එන්නේ ඉතා මන්දගාමීවය. එහෙයින් මේ සමාජයෙන් මත්ද්‍රව්‍ය තුරන් කරනවාට සමාන උත්සාහයක් පොලීසියෙන් මත්ද්‍රව්‍ය තුරන් කිරීමටද යෙදීමට සිදුවනු ඇත.

හාමුදුරුනමක් අරක්කු ටිකක් බීවාට, ගංජා ටිකක් ඉරුවාට කමක් නැති බව ඊයේ පෙරේදා විශ්වවිද්‍යාලයක උද්ඝෝෂණයක් පැවැති අවස්ථාවක එක්තරා භික්ෂුවක් ප්‍රසිද්ධියේ කීවා ඔබටද මතක ඇතැයි සිතමි. ඒ ආකාරයෙන් පොලිස් නිලධාරියෙක්ද අරක්කු ටිකක් බීවාට, ගංජා දුමක් ඉරුවාට මක් වෙනවාදැයි ඔබට සිතෙන්නට පුළුවන. එහෙත් මේ කාරණාව වූ කලී එතරම් සරල කාරණාවක් නොවේ. නීතිය හා සාමය ක්‍රියත්මක කිරීමේ බිම් මට්ටමේ ව්‍යුහය වන පොලිසියේ නිලධාරීන් මත්ද්‍රව්‍ය භාවිත කිරීමට හුරු වීම සමාජයම අනතුරට දැමීමකි. අවසානයේදී යන්නට පොලීසියක්වත් නොමැති වීම යනු සමාජය අන්ත අසරණ අඩියකට ඇදදැමීමකි.

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

චක්‍රලේඛය නොතකා ටියුෂන් දුන් ගුරුවරු 8කට ස්ථාන මාරු! Sri Lanka Latest News

Next Post

ප්‍රභාකරන්ගේ පවුලට මොකද වුණේ I Sri Lanka Latest News

MORE NEWS

රජකම් කළත් කළ කම් පලදෙනවා! ජනාධිපතිකමේ ඉන්නකොට පිස්සු කෙළපු ඩොනල්ඩ් ට්‍රම්ප් අඟහරුවාදා අත්අඩංගුවට ගන්නවා!
Exclusive

ට්‍රම්ප්ගේ උපන්දිනය යෙදුණු ඉරිදා දවසේ ධවල මන්දිරයට බෝම්බ සහිත ඩ්‍රෝනවලින් දැවැන්ත ප්‍රහාර මාලාවක් එල්ල කරන්න ඉඳලා! ප්‍රහාරකයන්ට කලින් FBI එක ඉක්මන් වෙයි! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සියළු රැඳවියන් ඉදිරියේ CIDය සලේගේ ශරීර පරීක්ෂාවක් සිදුකරලා! මානව හිමිකම් කොමිසමේදී තහවුරු වෙයි! I Sri Lanka Latest News

අල්ලස් කොමිසම පැවරූ නඩු 45ක් ඉල්ලා අස්කරගන්න තීන්දු කරයි
Exclusive

අල්ලස් කොමිසම ගමට බහී! Sri Lanka Latest News

IMF එක කියන්නෙත් ණය ප්‍රතිව්‍යුහගත කිරීම එකඟතාවෙන් කරන්න කියලයි! හැබැයි මෙහේ එහෙම වෙන්නෙ නෑ! මේ විදිහට කළොත් බැංකුවල වත්කම් අඩුවෙනවා! තැන්පතුකරුවන්ට අවාසියක් වෙනවා! බැංකු විකුණා දැමීමේ අනතුරක් මතුවෙනවා! මහාචාර්ය අනිල් ජයන්ත ආර්ථික පුරෝකතනයක! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අඩු වුණත් අපිට අඩු කරන්න බෑ! නියෝජ්‍ය මුදල් ඇමැතිගෙන් ප්‍රකාශයක්! හැබැයි එහේ වැඩිවෙද්දි නම් මෙහේ මුලින්ම වැඩි කළා! ආණ්ඩුවේ අලුත්ම තියරිය! I Sri Lanka Latest News

එල්-නිනෝවක් එනවා.. දැන් තියා මුහුණ දෙන්න ලෑස්ති වෙන්න කියලා මුලින්ම රටට කියපු විපක්ෂනායක සජිත් එල්-නිනෝවෙන් ජනතාව බේරගන්න හැටිත් කියයි! වහාම කාර්ය සාධන බළකායක් පත්කරන්න! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සකසුරුවම් හා ණය දෙන සමිති නිලවරණයේදී ඇමැති නලින්ද-හංසක දැමූ මාලිමා නියෝජිතයන් 18% වට්ටා පොදු සෞඛ්‍ය කාර්ය මණ්ඩල කණ්ඩායම 81%ක අතිවිශිෂ්ට ජයක් ලබයි! I Sri Lanka Latest News

Load More
රජකම් කළත් කළ කම් පලදෙනවා! ජනාධිපතිකමේ ඉන්නකොට පිස්සු කෙළපු ඩොනල්ඩ් ට්‍රම්ප් අඟහරුවාදා අත්අඩංගුවට ගන්නවා!
Exclusive

ට්‍රම්ප්ගේ උපන්දිනය යෙදුණු ඉරිදා දවසේ ධවල මන්දිරයට බෝම්බ සහිත ඩ්‍රෝනවලින් දැවැන්ත ප්‍රහාර මාලාවක් එල්ල කරන්න ඉඳලා! ප්‍රහාරකයන්ට කලින් FBI එක ඉක්මන් වෙයි! I Sri Lanka Latest News

අමෙරිකාවේ ධවල මන්දිරය ඉලක්ක කරගනිමින් සිදුවීමට ගිය දරුණු ප්‍රහාර මාලාවක් අමෙරිකානු FBI ආයතනය විසින් ව්‍යර්ථ කර තිබේ. Sri Lanka Latest News...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සියළු රැඳවියන් ඉදිරියේ CIDය සලේගේ ශරීර පරීක්ෂාවක් සිදුකරලා! මානව හිමිකම් කොමිසමේදී තහවුරු වෙයි! I Sri Lanka Latest News

අල්ලස් කොමිසම පැවරූ නඩු 45ක් ඉල්ලා අස්කරගන්න තීන්දු කරයි

අල්ලස් කොමිසම ගමට බහී! Sri Lanka Latest News

IMF එක කියන්නෙත් ණය ප්‍රතිව්‍යුහගත කිරීම එකඟතාවෙන් කරන්න කියලයි! හැබැයි මෙහේ එහෙම වෙන්නෙ නෑ! මේ විදිහට කළොත් බැංකුවල වත්කම් අඩුවෙනවා! තැන්පතුකරුවන්ට අවාසියක් වෙනවා! බැංකු විකුණා දැමීමේ අනතුරක් මතුවෙනවා! මහාචාර්ය අනිල් ජයන්ත ආර්ථික පුරෝකතනයක! VIDEO I Sri Lanka Latest News

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අඩු වුණත් අපිට අඩු කරන්න බෑ! නියෝජ්‍ය මුදල් ඇමැතිගෙන් ප්‍රකාශයක්! හැබැයි එහේ වැඩිවෙද්දි නම් මෙහේ මුලින්ම වැඩි කළා! ආණ්ඩුවේ අලුත්ම තියරිය! I Sri Lanka Latest News

එල්-නිනෝවක් එනවා.. දැන් තියා මුහුණ දෙන්න ලෑස්ති වෙන්න කියලා මුලින්ම රටට කියපු විපක්ෂනායක සජිත් එල්-නිනෝවෙන් ජනතාව බේරගන්න හැටිත් කියයි! වහාම කාර්ය සාධන බළකායක් පත්කරන්න! VIDEO & PHOTOS I Sri Lanka Latest News

එල්-නිනෝවක් එනවා.. දැන් තියා මුහුණ දෙන්න ලෑස්ති වෙන්න කියලා මුලින්ම රටට කියපු විපක්ෂනායක සජිත් එල්-නිනෝවෙන් ජනතාව බේරගන්න හැටිත් කියයි! වහාම කාර්ය සාධන බළකායක් පත්කරන්න! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.