• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ප්‍රභාකරන්ගේ පවුලට මොකද වුණේ I Sri Lanka Latest News

July 27, 2023
in Exclusive, News
Reading Time: 9 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ප්‍රභාකරන්ගේ අක්කාට මොකද වුණේ? අවුරුදු 10කින් වගතුගක් නෑ…

කැනඩාවේ අක්කා ගැනත්, ඩෙන්මාර්කයේ අයියා ගැනත් එහෙමමයි…

මවුපියන්ගේ මරණවලට දුව, පුතාලා කවුරුවත් ආවේ නෑ…

කැනඩා මාධ්‍යවේදියාගේ ආන්දෝලනාත්මක හෙළිදරව්ව…

හින්දු වීර අර්ජුන – ‘මම කොහොමද මගේ නෑයන් සමග සටන් කරන්නේ? මට ඒක කරන්න බැහැ…’(Sri Lanka Latest News)

ක්‍රිෂ්ණා දෙවියන් – ‘ඕක ඔබගේ යුතුකමක්. මම තමයි දෙවියන්. මමයි මේක කියන්නේ. ඔබ ඒ දේ කළ යුතුයි අර්ජුන…’

හින්දු වීර අර්ජුන – ‘හොඳයි. එසේනම් මම එය ඉටුකරන්නම්…’

ක්‍රිෂ්ණා දෙවියන් – ‘බොහොම හොඳයි බොහොම සතුටුයි….’

‘මේක මගේ එකම මල්ලිගේ රසවත්ම කතන්දරයක්. එයා මගේ පොඩි මල්ලි. ඒ වගේම පවුලේ හුරතලා. එයා එදා ඉඳලම හරිම ආසයි වීර කතා අහන්න. ඒ වගේම කියවන්න. වීර අර්ජුන සහ ක්‍රිෂ්ණා දෙවියන්ගේ ඒ කතාව එන්නේ භගවත් ගීතාවේය. එයාගේ පොඩි කාලය ගැන සුන්දර මතකයක් තියෙන්නේ. අපි පොඩි කාලේ එකට සෙල්ලම් කරනවා. ඒ වගේම රණ්ඩුත් කරනවා. අද ඔහු කොතැනකද ඉන්නේ කියලා වෙලාවකට හිතාගන්නත් බෑ. අද ඔහු මහා බලවත් ගරිල්ලා නායකයෙක්. ප්‍රභාකරන් ගැන අද නොදන්නා කෙනෙක් නැහැ. ශ්‍රී ලංකාවේ හමුදාව ඔහු අල්ලාගන්න හදනවා. විනාශ කරන්න හදනවා. ඒත් ඔවුන්ට ඒක කරන්න අමාරුයි.

ඔහුව අල්ලා ගැනීම ලෙහෙසි වන්නේ නැහැ. මගේ මල්ලිට කිසිම අනතුරක් වන්නේ නැහැ. 1997 වසරේදී මම කැනඩාවේ ටොරොන්ටෝ වෙත පදිංචියට ආවා. එදා ඉඳලා මගේ මල්ලි ප්‍රභාකරන් සමග මගේ සම්බන්ධයක් තිබුණේ නැහැ. ඔහු මට කවදාවත් ලියන්නෙවත්, කතා කරන්නෙවත් නැහැ. අද ඔහු වෙනස්ම මිනිහෙක්. ඔහු එවැනි මිනිසකු වීම දෙවියන්ගේ කැමැත්ත වෙන්නට පුළුවන්….’

මොකක්ද මේ අපූරු වගතුගක් හෙළිවන කතාන්දරය? අප කවුරුත් හොඳින් හඳුනන වේලුපිල්ලේ ප්‍රභාකරන් නමැති කොටි සංවිධාන නායකයා ගැන අසන්නට ලැබුණු මෙම වගතුග කුමක්ද? අද මෙම බියකරු ත්‍රස්තවාදී නායකයා අප අතර නැත. එහෙත් ඔබට අද මෙසේ ලියා තැබූ කතාව අසන්නට ලැබුණේ මෙයට හරියටම වසර 15කට ආසන්න අතීතයක් තුළිනි. එනම් හරියටම 2008 වසරේ දෙසැම්බර් 16 වැනිදා කැනඩාවේ පුවත්පතක පළවූ විශේෂ ලිපියක් මගින් මේ වගතුග හෙළිව තිබිණි.

එසේම කොටි නායක ප්‍රභාකරන් ඝාතනය කරමින් එම කොටි සංවිධානය පරාජය කරන්නට මාස කිහිපයකට උඩදී පළවූ එම ලිපිය අද නැවත ආවර්ජනය කරන්නට සිදුවූයේ යම් සුවිශේෂ හේතු සාධකයක් නිසාය. එදා පළවූ එම ලිපියේ කතා නායිකාව වන්නේ විනෝතිනී රාජේන්ද්‍රන් නමැති කාන්තාවකි. ඇය ප්‍රභාකරන්ගේ එක් කුස උපන් වැඩිමහල් සහෝදරිය වෙයි. ඇය විවාහ වී තම සැමියා වන බාලා රාජේන්ද්‍රන් සමග කැනඩාවේ වාසය කරන්නීය.

මෙම සුවිශේෂ ලිපිය එකල පළවන්නේ කැනඩාවේ ප්‍රකට ජාතික පුවත්පතක් වන ‘කැනේඩියන් නැෂනල් පෝස්ට්’ (Canadian National Post)නමැති පුවත්පතේය. ‘වේලුපිල්ලේ ප්‍රභාකරන් – පවුලේ කැරැලිකරුවා’ (Velupillai Prabhakaran – Rebel in the family) යන ශීර්ෂය සහිත මෙම ලිපිය ඉංග්‍රීසි භාෂාවෙන් ලියා තබන්නේ ලොව සිටින ප්‍රධානතම සම්මානනීය මාධ්‍යවේදියකු විසිනි. ස්ටෙවාට් බෙල් (Stewart Bell) නමැති මෙම කැනේඩියානු ජාතික මාධ්‍යවේදියා විසින් මෙහිදී කොටි සංවිධාන නායක ප්‍රභාකරන්ගේ එක් කුස උපන් සොහොයුරිය වන විනෝතිනී රාජේන්ද්‍රන් (Vinothini Rajendran) සමග සුවිශේෂ සාකච්ඡාවක නිරත වෙමින් පෙර කිසිදු පුවත්පතකට හෝ වෙනත් මාධ්‍ය ආයතනයකට හෝ මෙම කාන්තාව විසින් කිසිදු සාකච්ඡාවක් ලබාදී නැති අතර, මුල්ම මාධ්‍ය සාකච්ඡාව මෙය වශයෙන් සැලකෙයි.

එකල මෙම ආන්දෝලනාත්මක ලිපිය සකස් කරනු ලබන ස්ටෙවාට් බෙල් මාධ්‍යවේදියා ලොව යුද ගැටුම් වාර්තාකරණය සහ ගරිල්ලා සංවිධාන වාර්තාකරණය පිළිබඳ හසල දක්ෂතාවක් ඇති මාධ්‍යවේදියකු වෙයි. ඔහු එකල ශ්‍රී ලංකාවේ පැවැති සිවිල් යුද්ධයද බොහෝ පුළුල්ව වාර්තා කළ මාධ්‍යවේදියකු විය. එසේම ලොව භයානකම යුද්ධ භූමි වන ඇෆ්ගනිස්තානය, සිරියාව, ඉරාකය සහ තවත් රටවල් ගණනාවක් තුළදී ඔහු එම වාර්තාකරණයන් සිදුකළේය.

ඔහුගේ මෙම කාර්යභාරය වෙනුවෙන් ඔහු අවස්ථා ගණනාවකදීම ජාත්‍යන්තර සම්මානයට පවා පාත්‍ර විය. ‘ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්’ සම්මානය, ‘එඩ්වඩ්. ආර්.මරෝ’ සම්මානය, කැනේඩියානු මාධ්‍යවේදී සංගමයේ සම්මානය, යුද වාර්තාකරණය උදෙසා රැජින සම්මානය ආදී සම්මාන ගණනාවකින් ඔහු පිදුම් ලබා ඇත. ඔහු කැනඩාවේ කාලේටන් විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය ශාස්ත්‍රපති උපාධිය හිමිකරගෙන ඇත.

ස්ටෙවාට් බෙල් නමැති මෙම ප්‍රවීණ මාධ්‍යවේදියා ඔහුගේ ලිපිය මගින් ප්‍රභාකරන්ගේ සහෝදරිය විනෝතිනී රාජේන්ද්‍රන්ගේ ජීවිත කතාවක වගතුග කියා සිටියි.

‘දමිළ කොටි නායකයාගේ සහෝදරිය ඇයගේ සැමියා වන බාලා රාජේන්ද්‍රන් සමග කැනඩාවේ ටොරොන්ටෝ නුවර පිහිටි ඔහුගේ නිවාස සංකීර්ණයක 11 වැනි මහලේ නිවාසයක ජීවත් වෙයි. ඔවුන්ගේ නිවාසයේ ඇතුළත බොහෝ ස්ථාන ප්ලාස්ටික් මල්වලින් සරසා තිබේ. ක්‍රිෂ්ණා දෙවියන්ගේ පෝස්ටරයක්ද ඒ අතර දක්නට ඇත. තම සහෝදරයා ප්‍රභාකරන්ගේ විශාල ප්‍රමාණයේ ඡායාරූපයක් සහ ඔහුගේ කුඩා කාලයේ රාමු කරන ලද ඡායාරූප කිහිපයක්ද නිවෙස තුළින් දක්නට හැකිය.

මට මෙම කාන්තාව හමුවන විට ඇය ශ්‍රී ලංකාවෙන් කැනඩාවට සංක්‍රමණය වී දශකයකට අධික කාලයක් ගතවී ඇත. ඇය ජීවත් වන්නේ ටොරොන්ටෝහි සාමාන්‍ය මහල් නිවාසයකය. ඇය දමිළ ඊළාම් කොටි සංවිධානයේ ආඥාපතිවරයාගේ සොහොයුරිය වුවද, රාජේන්ද්‍රන් මහත්මිය ටොරොන්ටෝහි ඉතා අප්‍රසිද්ධව ජීවත් වන්නීය. මම ඇය සමග කතාබස් කරන්නට යන විටදී ඇය එතෙක් කිසිදු මාධ්‍යයකට තමන්ගේ වගතුගක් ප්‍රකාශ කර නොතිබිණි.

එහෙත් කෙසේ හෝ ඇය තමාගේ කතාව මට පැවැසීමට කැමැති වූවාය. ඇගේ සහෝදරයා වන වේලුපිල්ලේ ප්‍රභාකරන් ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයකදී වසර 25කට අධික කාලයක් LTTE හෙවත් දෙමළ කොටි සංවිධානය මෙහෙයවා ඇත. ඔහුගේ පරමාර්ථය වන්නේ වාර්ගික දෙමළ සුළුතරය සඳහා ස්වාධීනත්වය ලබාදීම යැයි රාජේන්ද්‍රන් මහත්මිය මට පැවැසුවාය. ප්‍රභාකරන් යනු ඉන්දියාවේ රජිව් ගාන්ධි ඝාතනය වෙනුවෙන් ජාත්‍යන්තර පොලිසියට පවා අවශ්‍යව සිටින අපරාධකරුවකු බව අපි දනිමු. පසුගිය වසර 25ක් තුළ LTTE සංවිධානය සිවිල් වැසියන් විශාල වශයෙන් ඝාතනය කර ඇති බවද කිසිදු රහසක් නොවේ….’

ස්ටෙවාට් බෙල් මාධ්‍යවේදියා විනෝතිනී රාජේන්ද්‍රන්ගේ වදන් පෙළගස්වන්නේ මෙලෙසය.

Sri Lanka Latest News

‘ඉදිරි මාස කිහිපය තුළදී ප්‍රභාකරන් මරාදමා දෙමළ කොටි අතුගා දැමීමට ශ්‍රී ලංකා රජය සපථ කර තිබෙනවා. පසුගිය සතියේ ශ්‍රී ලංකා හමුදාව කැරැලිකරුවන්ගේ බළකොටුව ආසන්නයටම පැමිණ තිබෙනවා යැයි ප්‍රකාශ වුණා. එහෙත් මම හිතන්නේ නැහැ ප්‍රභාකරන් අල්ලා ගැනීම පහසු වෙයි කියලා.

54 හැවිරිදි මගේ තම්බි (කුඩා සහෝදරයා) සමහර අය හඳුන්වන්නේ සූර්ය දෙවියන් හෝ උත්තරීතර හෝ කියලායි. ඔහු ලංකාවේ පශ්චාත් යටත් විජිත ආණ්ඩුවේ සේවය කළ මධ්‍යමපාන්තික නිලධාරියකුගේ පුත්‍රයෙක්. ඒ කියන්නේ අපේ තාත්තා. අපේ පියා ඉතා කාරුණික හා මෘදුව කතාකරන කෙනෙක්. ඔහු ඉතා විනයගරුකයි. ඔහු සේවය කළේ දිස්ත්‍රික් ඉඩම් නිලධාරියකු හැටියටයි. ඔහු කිසි විටෙකත් අල්ලස් නොගත් අතර, මත්පැන් සහ සිගරට් ඇතුළු සියලු අපචාරවලින්ද වැළකී සිටියා.

අපේ ගෙවල් තිබුණේ යාපනයේ වැල්වැටිතුරෙයිහි වෙරළාසන්න ගම්මානයක. මම අපේ පවුලේ තෙවැනි දරුවා වූ අතර, දරුවන් හතර දෙනෙක් අපේ පවුලේ සිටියා. ප්‍රභාකරන් බාලයා. ප්‍රභාකරන් යාපනය රෝහලේ උපත ලබන විට මට වයස අවුරුදු දෙකයි. ඒ කියන්නේ මම මල්ලීට වඩා අවුරුදු දෙකක් වැඩිමහල්.

අපි දෙන්නාගේ වයස එක හා ආසන්න නිසා අපි දෙන්නා තමයි හුඟක් එකට සෙල්ලම් කළේ. රණ්ඩු කළේ. තම්බි ඕනෑම පිරිමි ළමයෙක් වගේ සාමාන්‍ය කෙනෙක්. අපේ ගෙදර හරියට පොත්පත් තිබුණා. මගේ මල්ලීත් හරියට කියවපු කෙනෙක්. අපි මිතරන්ගෙන් සහ පුස්තකාලවලින් අමතර පොත් ලබාගත්තා. කොහොම වුණත් මල්ලි ඒ කාලේ ඉඳලම විප්ලව සහ සටන් ගැන තිබෙන පොත් හරියට කියෙව්වා. ‘මම විප්ලවවාදියකු කළේ මේ පොත්’ යැයි ඔහු පසු කාලයකදී කිව්වා. ඔහුගේ අදහස් සහ ක්‍රියාකලාපයන් ඉතා ඉක්මනින් වෙනස් වන්නට ගත්තා…’

ඇය තවදුරටත් මෙම ආන්දෝලනාත්මක කතාව ස්ටෙවාට් බෙල් මාධ්‍යවේදියා වෙත කියාගෙන යන්නීය. එහෙත් ඒ සියල්ලක්ම ලියන්නට මෙහි ඉඩ නැත.

‘මට බාලා සමග විවාහ වෙන්න අපේ මවුපියන් කැමැත්ත දුන්නා. විවාහයට පෙර දින චාරිත්‍රවල හැටියට ප්‍රභාකරන් මල්ලි බාලාගේ ගෙදරත් ගියා. මේ කාලයේ මල්ලිගේ හැසිරීම්වල ලොකු වෙනසක් තිබුණා. යම් තරුණ කණ්ඩායමක් සමග ඔහු කටයතු කරන බව අපට පෙනීගියා. ඒත් ඒක සන්නද්ධ කණ්ඩායමක් බව අපි කොහොමටවත් දැනගෙන හිටියේ නැහැ. අපි හිතුවේ යම් දේශපාලනික ක්‍රියාවලියක් ගැන පමණයි. මේ කාලයේ 1972-1975 වගේ කාලයක්. එවිට ඔහු ආයුධ අතට අරන්.

1997 දී අපි කැනඩාවට ආවට පස්සේ අද වනතුරුම (2008 අවසාන භාගය) ලංකාවට ගියේ එක් වතාවයි. ඒ, 2003දී පමණයි. එතකොටත් අපට යාපනය හඳුනාගන්න බැහැ. ලස්සනට තිබුණු අපේ ගම්මාන ඔක්කොම යුද්ධයෙන් විනාශ වෙලා. හැම තැනම නටබුන් වගේ ගොඩනැගිලි තමයි දැක්කේ. ඔබට පේනවා ඇති මගේ මේ ගෙදර (කැනඩාවේ) රතු සහ කහ දමිළ කොඩි කිහිපයක් එල්ලා තිබෙනවා. ඒත් මම කොටි සංවිධානයට ක්‍රියාකාරී කෙනෙක් නෙවෙයි. ඒ වුණත් මම මියගිය දමිළ සටන්කාමීන්ගේ වාර්ෂික සැමරුම වන ‘මහවිරු දිනයට’ පමණක් මේ රටේදී සහභාගි වෙනවා. ඒ හැරෙන්න මම වෙනත් කිසිම දමිළ ප්‍රජා උත්සවවලට සහභාගි වෙන්නේ නැහැ. ඒ වගේම මම මෙහිදී රස්සාවක් කළ කෙනෙකුත් නෙවෙයි…’

මෙලෙස අප්‍රකට ජීවිතයක් ගතකළ විනෝතිනී රාජේන්ද්‍රන්ගේ වත්මන් වගතුග කුමක්ද? එනම් එලෙස වසර 15කට පෙර සිදුකළ ආන්දෝලනාත්මක හෙළිදරව්වෙන් පසුව ඇගේ ජීවිතයෙන් වාර්තා වුණු පුවත් මොනවාද? මෙය අද සැබැවින්ම මහත් ප්‍රශ්නාර්ථයක් වී ඇත. ඇය ගැන වාර්තා වන යම් පුවතක් 2010 වසරට අදාළව අන්තර්ජාලය තුළ දැකය හැකිය. එනම් ශ්‍රී ලංකා රජය සිවිල් යුද්ධය දිනාගැනීමෙන් පසුව ප්‍රභාකරන්ගේ මව සහ පියා යුද හමුදාවේ රැකවරණය යටතේ පනාගොඩ හමුදා සංකීර්ණයේ නිවෙසක ජීවත් විය.

එහිදී 2010 වසරේ ජනවාරි මාසයේදී ඔත්පලව සිටි පියා මියගොස් ඇති අතර, මව ඉන් පසුව නැවත යාපනයට රැගෙන ගොස් ඇත. මෙහිදී ඔවුන්ගේ දියණිය විනෝතිනී රාජේන්ද්‍රන් ප්‍රකාශ කර තිබුණේ තමන් මව කැනඩාවට රැගෙන යන බවයි. කෙසේ හෝ ඊට පෙර එම මව ඉන්දියාවට රැගෙන ගියත් ඉන්දියාව විසින් ඇයට සරණාගත රැකවරණය ලබාදීම ප්‍රතික්ෂේප කර ඇත.

පසුව ඇය මැලේසියාවේ සිටින ඥාතීන් පිරිසක් වෙත භාරකර ඇත. එහෙත් මැලේසියාවේදී වීසා ලැබී ඇත්තේ මාසයකට පමණක් හෙයින් එතැන් සිට ඇය කැනඩාවට රැගෙන යෑමට දියණිය උත්සාහ කර ඇත. එහෙත් එතැනදීද මවට කැනඩාවේ වීසා හිමිව නැත. මේ හෙයින් ඇය නැවත යාපනයට රැගෙන ගිය අතර, අංශභාග රෝගයෙන් පෙලුණු ඇය 2012 වසරේදී මියගොස් ඇත. එසේ වුවද ඇයගේ මරණය වෙනුවෙන් විනෝතිනී රාජේන්ද්‍රන් ලංකාවට පැමිණ නැත.

මේ ආකාරයට අද අපගේ මෙම කතාවේ කතානායිකාව වූ විනෝතිනී රාජේන්ද්‍රන්ට සිදුවූයේ කුමක්ද? දැනට වසර 10කට අධික කාලයක් පුරා ඇය ගැන කිසිදු තොරතුරක් අසන්නට ලැබී නැත. ඇය ප්‍රභාකරන්ට වඩා වසර දෙකකින් වැඩිමහල් නම් මේ වන විට ඇයට වයස අවුරුදු 70ක් පමණ වෙයි. එසේ වන්නේ මෙයට වසර 14කට පෙර ප්‍රභාකරන් ඝාතනයට ලක්වන විට ඔහුගේ වයස අවුරුදු 54ක් වූ හෙයිනි.

මෙම කාන්තාව අප්‍රකටව කැනඩාව තුළ ජීවත් වන්නේද? එසේත් නැතිනම් මේ වන විට ඇය ජීවතුන් අතර නැතිද? ඇය යම් වියපත් තත්ත්වයක සිටිනු ඇතැයි සිතිය හැකිය. ඉන් පසුව ස්ටෙවාට් බෙල් නමැති ප්‍රවීණ මාධ්‍යවේදියා තුළින් හෝ ඇය ගැන කිසිදු වාර්තාවක් ලැබී නැත. මේ අතර ප්‍රභාකරන්ගේ එක්කුස උපන් ඩෙන්මාර්ක්හි වාසය කරන සොහොයුරා ගැනද මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නැත.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

පොලිසිය කුඩු I Sri Lanka Latest News

Next Post

වසන්තයි තවත් 27 දෙනකුයි පොලිසියෙන් අල්ලන් යයි! Sri Lanka Latest News

MORE NEWS

ලොකු ලොකු කොම්පැනිකාරයෝ දිගට හරහට දේශපාලඥයෝ සල්ලිවලට අරන් උන්ගේ කටවල් වහලා තියෙද්දී විපක්ෂනායක නොකඩවා.. නොනවත්වා පොඩි ව්‍යාපාරිකයෝ බේරගන්නා සටනේ! ජරාව කාලා ඉන්න ඔස්තාර්ලාට නම් මේවා විහිලු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව දෙනවා කියපු වී මිල ඉල්ලා රට වටේම ගොවියො පාරට බහින්න පටන් අරන්! විපක්ෂනායක සජිත් ගොවීන්ට සහතික මිලක් අරන් දෙන්න පරිසර-කෘෂිකර්ම සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

1. රේගුව..! 2. දේශීය ආදායම්..! 3. සුරා බදු..! පළමු කාර්තුවේ බිලියන 105ක ආදායම් අතිරික්තයක්! I Sri Lanka Latest News

කුඩු ගහන්න කප්පම් දෙන්න බෑ කිව්වාම කඩේට පැනලා දැලි පිහියෙන් කපලා! මැදවච්චියට පිළිලයක් වෙච්ච මේ තිරිසනාව වහාම අල්ලලා කූඩු කරන්න! VIDEO I Sri Lanka Latest News
Exclusive

කුඩු ගහන්න කප්පම් දෙන්න බෑ කිව්වාම කඩේට පැනලා දැලි පිහියෙන් කපලා! මැදවච්චියට පිළිලයක් වෙච්ච මේ තිරිසනාව වහාම අල්ලලා කූඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 23 ගැන සිංදු කියන සංගීත් ගැහුවෙ බයිලාවක්ද? අනුරව හම්බවුණාම මුදල් ඇමැතිතුමාව හම්බවෙන්න කියලා කිව්වා! දැන් නියෝජ්‍ය මුදල් ඇමැති කියනවා මාව නම් හම්බවෙන්න ආවේ නෑ කියලා! අයියෝ සංගීත්…! VIDEO I Sri Lanka Latest News

‘පච මදිවට හොරු.. අනුරට බෑ.. ජනතාවට අමාරුයි’! සජබ හෙට උදේ දෙහිඅත්තකණ්ඩියේදී පාරට බහිනවා! I Sri Lanka Latest News
Exclusive

‘පච මදිවට හොරු.. අනුරට බෑ.. ජනතාවට අමාරුයි’! සජබ හෙට උදේ දෙහිඅත්තකණ්ඩියේදී පාරට බහිනවා! I Sri Lanka Latest News

දේශපාලන ගේම්-ඩීල් දැන් මුලු රටම ප්‍රතික්ෂේප කරනවා! ඉදිරියේදී මේ චෞර වළල්ලම එකට තියා පරද්දනවා! ගෝඨා-රනිල් ආණ්ඩුවේ තනතුරු නොගන්නා හේතුව හර්ෂ පැහැදිලි කරයි!
Exclusive

මෙන්න මාර හෙළිදරව්වක්! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වෙච්ච ඩොලර් මිලියන 2.5 ගැන හොයද්දී මුදල් කමිටුවේ හඬ පට එළියට දැම්මොත් හර්ෂ ද සිල්වා සභාපතිකමෙන් අයින් කරනවා කියලා ආණ්ඩුවේ මන්ත්‍රීවරු තග දාලා! VIDEO I Sri Lanka Latest News

Load More
ලොකු ලොකු කොම්පැනිකාරයෝ දිගට හරහට දේශපාලඥයෝ සල්ලිවලට අරන් උන්ගේ කටවල් වහලා තියෙද්දී විපක්ෂනායක නොකඩවා.. නොනවත්වා පොඩි ව්‍යාපාරිකයෝ බේරගන්නා සටනේ! ජරාව කාලා ඉන්න ඔස්තාර්ලාට නම් මේවා විහිලු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව දෙනවා කියපු වී මිල ඉල්ලා රට වටේම ගොවියො පාරට බහින්න පටන් අරන්! විපක්ෂනායක සජිත් ගොවීන්ට සහතික මිලක් අරන් දෙන්න පරිසර-කෘෂිකර්ම සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News

රජය විසින් වී කිලෝවක් සඳහා ස්ථාවර මිලක් ලබා දෙන්නේ නම් මේ ස්ථාවර මිල සුත්‍රය නිර්මාණය කිරීමේ දී බිත්තර වී, පොහොර...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

1. රේගුව..! 2. දේශීය ආදායම්..! 3. සුරා බදු..! පළමු කාර්තුවේ බිලියන 105ක ආදායම් අතිරික්තයක්! I Sri Lanka Latest News

කුඩු ගහන්න කප්පම් දෙන්න බෑ කිව්වාම කඩේට පැනලා දැලි පිහියෙන් කපලා! මැදවච්චියට පිළිලයක් වෙච්ච මේ තිරිසනාව වහාම අල්ලලා කූඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

කුඩු ගහන්න කප්පම් දෙන්න බෑ කිව්වාම කඩේට පැනලා දැලි පිහියෙන් කපලා! මැදවච්චියට පිළිලයක් වෙච්ච මේ තිරිසනාව වහාම අල්ලලා කූඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 23 ගැන සිංදු කියන සංගීත් ගැහුවෙ බයිලාවක්ද? අනුරව හම්බවුණාම මුදල් ඇමැතිතුමාව හම්බවෙන්න කියලා කිව්වා! දැන් නියෝජ්‍ය මුදල් ඇමැති කියනවා මාව නම් හම්බවෙන්න ආවේ නෑ කියලා! අයියෝ සංගීත්…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 23 ගැන සිංදු කියන සංගීත් ගැහුවෙ බයිලාවක්ද? අනුරව හම්බවුණාම මුදල් ඇමැතිතුමාව හම්බවෙන්න කියලා කිව්වා! දැන් නියෝජ්‍ය මුදල් ඇමැති කියනවා මාව නම් හම්බවෙන්න ආවේ නෑ කියලා! අයියෝ සංගීත්…! VIDEO I Sri Lanka Latest News

‘පච මදිවට හොරු.. අනුරට බෑ.. ජනතාවට අමාරුයි’! සජබ හෙට උදේ දෙහිඅත්තකණ්ඩියේදී පාරට බහිනවා! I Sri Lanka Latest News

‘පච මදිවට හොරු.. අනුරට බෑ.. ජනතාවට අමාරුයි’! සජබ හෙට උදේ දෙහිඅත්තකණ්ඩියේදී පාරට බහිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.