සමාජවාදී තරුණ සංගමයේ විරෝධතාවයක් විසුරුවා හැරීමට පොලීසිය විසින් ටවුන් හෝල් ආසන්නයේ දී අද (23) සවස ජල ප්‍රහාරයක් එල්ල කර තිබේ.Sri Lanka Latest News
“කළු ජූලිය” නිමිති කරගෙන මෙම විරෝධතාවය සංවිධානය කර තිබු අතර සමාජවාදී තරුණ සංගමයේ එරංග ගුණසේකරට සහ ජනතා විමුක්ති පෙරමුණේ බිමල් රත්නායකට පෙළපාලි යෑමට අවසර ලබාදිය නොහැකි බව පොලීසිය විසින් දන්වා තිබේ.
පසුව ඔවුන් පා ගමනින් ලිප්ටන් වටරවුමට පැමණ විරෝධතාවයේ නියැලුණි.
ඉන් අනතුරුව එක්වරම විරෝධතාකරුවන් ලිප්ටන් වටරවුමේ සිට විහාරමහාදේවී උද්‍යානය දෙසට ගමන් කිරීමට යෑමේ දී පොලීසියෙන් සහ කැරලි මර්දන ඒකකයෙන් ජල ප්‍රහාරය එල්ල කළේය.
තත්ත්වය පාලනය කිරීමට පොලීසිය, කැරලි මර්දනය සහ යුද හමුදාව කැඳවා තිබිණ.










