ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ භාවිතය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට විගණකාධිපති දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.Sri Lanka Latest News
විගණකාධිපති ඩබ්ලිව්.පී.සී.වික්‍රමරත්න මහතා සඳහන් කළේ, මෑතකදී ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය පිළිබඳව ජාතික විගණන කාර්යාලය සිදුකළ විමර්ශනවලදී ප්‍රමිතියෙන් තොර සහ ලියාපදිංචි නොකළ ඖෂධ භාවිතය සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය වූ බවයි.
ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී ද සාකච්ජාවට ලක් වූ බව, .වික්‍රමරත්න මහතා පැවසුවේ ය.
විගණකාධිපතිවරයා සඳහන් කළේ ප්‍රමිතියෙන් තොර ඖෂධ භාවිතය සම්බන්ධයෙන් දිගින් දිගටම විවිධ ප්‍රදේශවලින් තොරතුරු වාර්තා වන බවයි.
ඒ පිළිබඳ විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට තීරණය කර ඇත්තේ, අදාළ තොරතුරු පදනම් කරගනිමිනි.
ඖෂධ මිලදී ගැනීම් සහ ඒවා බෙදාහැරීම සම්බන්ධ පරිගණක පද්ධතිය පිළිබඳව මේ වන විටත් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ද, විගණකාධිපතිවරයා ප්‍රකාශ කළේ ය.
ඔහු සඳහන් කළේ, එය මේ වන විට අවසන් අදියරේ පවතින බවයි.
කඩිනමින් එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.










