හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නැගෙනහිර පළාත සඳහා ආණ්ඩුකාරවරයා ලෙස පත්කළේ වියත් මගෙන් දේශපාලනයට ආ අනුරාධා යහම්පත් මහත්මියය. ගෝඨාභය ජනාධිපති ධුරය අතහැර පලා යෑමෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස කටයුතු කළද යහම්පත් මහත්මිය එම තනතුරෙන් ඉවත් කිරීමට පියවර ගත්තේ නැත. නමුත් මාස කිහිපයක් ගතවෙද්දී ජනාධිපතිවරයා ආණ්ඩුකාරවරු කිහිප දෙනකු පමණක් ඉවත් කිරීමට පියවර ගත් අතර, ඒ අනුව නැගෙනහිරින් අනුරාධා යහම්පත් විසිවී ඒ වෙනුවට ජනාධිපතිවරයාට හිතවත් සෙන්දිල් තොණ්ඩමන්ට ආණ්ඩුකාර ධුරය ලබාදීමට පියවර ගැනිණි.Sri Lanka Latest News
තොණ්ඩමන් කෙනෙක් නෙමෙයි!
කෙසේ වෙතත් සෙන්දිල් ආණ්ඩුකාරවරයා ලෙස නැගෙනහිරට පැමිණීමෙන් පසු මුලින්ම ගැටුම පටන්ගන්තේ නැගෙනහිර ආණ්ඩුවේ ප්‍රභලයා වන අමාත්‍ය නසීර් අහමඩ් සමගය. මෙම ගැටුම කෙතරම් දුරදිග ගියාද කියනවා නම් තනතුර භාරගෙන මාසයක් යන්න කලින් දෙදෙනා අතර ගැටුම් ආරම්භ වූ ආකාරයක් දැකගත හැකි විය. වරක් නසීර් අහමඩ් ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වා සෙන්දිල් තොණ්ඩමන්ට ප්‍රහාර එල්ල කරන තැනට තත්ත්වය උග්‍ර වී තිබිණි. මෙම මාධ්‍ය හමුවේදී නසීර් කවුරුත් නොදැන සිටි රහසක් හෙළිකිරීමටද පියවර ගත්තේය. ඒ, සෙන්දිල් තොණ්ඩමන්ගේ නම පිළිබඳවය. එහිදී නසීර් කියා සිටියේ සෙන්දිල් තොණ්ඩමන්, ‘තොණ්ඩමන්’ පවුලට අයත් නොවන්නකු බවත්, තොණ්ඩමන් නම ගත් අයකු යැයි කියාය.
සෙන්දිල් මුත්තු විනයාගම්!
ඒ අනුව නසීර් අහමඩ් කළ අනාවරණය පිළිබඳ සොයාගෙන යද්දී එම කතාව ඇත්තක් බව අපටද දැනගන්නට ලැබිණි. සෙන්දිල් තොණ්ඩමන් යනු වතුකරයේ ප්‍රබලයා වූ ආරුමුගම් තොණ්ඩමන්ගේ වැඩිමහල් සහෝදරියගේ පුත්‍රයාය. ඒ අනුව සෙන්දිල් තොණ්ඩමන් ආරුමුගම් තොණ්ඩමන්ගේ ඥාති පුතෙකි. ඔහුගේ සත්‍ය නම සෙන්දිල් මුත්තු විනයාගම්ය. සෙන්දිල්ගේ පියා ආහාර ද්‍රව්‍ය ආනයනය කොට අලෙවි කිරීමේ ව්‍යාපාරයක නිරත වන අතර පිටකොටුව 4 වැනි හරස් වීදියේ විශාල වෙළෙඳ ආයතනයක්ද ඔවුන්ට හිමිය.
කරුණානිධිට පණ දෙන්න යයි!
කෙසේ වෙතත් නැගෙනහිරට අඩිය තැබූ සැණින් ආණ්ඩුවේ නැගෙනහිර මුස්ලිම් නායකයන් සමග බකට් එකක් දමාගත් සෙන්දිල් මේ වන විට ආරම්භ කොට ඇති දේශපාලන ව්‍යාපෘතියක් හේතුවෙන් නැගෙනහිර දෙමළ ජනතාව සමගද යම් විරසකයක් ගොඩනගාගෙන ඇති ආකාරයක් දැකගන්නට තිබේ. ඊට හේතුවී ඇත්තේ සෙන්දිල් මේ වන විට තමිල්නාඩුවේ හිටපු මහ ඇමැතිවරයකු වන එම්. කරුණානිධි මහතාගේ ගුණසමරුවක් මහ ඉහළින් නැගෙනහිර පැවැත්වීමට සැලසුම් කර තිබීමය. ඒ සම්බන්ධයෙන් සෙන්දිල් දැනටමත් තමිල්නාඩුවේ මහ ඇමැතිවරයා වන කරුණානිධිගේ පුත් එම්.කේ. ස්ටාලින් සමග අදහස් හුවමාරු කරගෙන ඇති බවක්ද ආරංචිය.
ස්ටාලින්ටත් පණිවුඩයක්!
සාමාන්‍යයෙන් සෙන්දිල් වතුකරය නියෝජනය කරන නිසා තමිල්නාඩුව සමග දේශපාලන සබඳතා පැවැත්වීම එතරම් ගැටලුවක් නොවේ. නමුත් මේ වන විට පැනනැගී ඇති ගැටලුව වී ඇත්තේ සෙන්දිල් එය නැගෙනහිර පළාතේ ව්‍යාප්ත කිරීමට උත්සාහ ගැනීමය. දැනටමත් නැගෙනහිර සිටින මුස්ලිම්, දෙමළ දේශපාලන නායකයන් ආණ්ඩුවේ ප්‍රධානීන්ට දැනුම් දී ඇත්තේ සෙන්දිල් තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයක් නැගෙනහිර ක්‍රියාත්මක කිරීමට කටයුතු කරමින් සිටිනවා යැයි කියාය. එමෙන්ම පක්ෂ නායකයන් දැනටමත් මීට විරෝධය පළකරමින් තමිල්නාඩු මහ ඇමැති එම්.කේ. ස්ටාලින්ටද පණිවුඩ යවා ඇති බව සඳහන්ය. ඔවුන් එහිදී පෙන්වා දී ඇත්තේ සෙන්දිල් හරහා මෙවැනි උත්සවයක් නැගෙනහිර පැවැත්වීමට කටයුතු නොකරන ලෙසටය. ඒ අනුව ඉතා කෙටි කාලයක් ඇතුළත් සෙන්දිල් නැගෙනහිර පළාතේ මුස්ලිම් හා දෙමළ දේශපාලන නායකයන් සමග ගැටුම් කිහිපයක්ම ඇතිකර ගැනීමට කටයුතු කොට තිබීම හරහා සෙන්දිල්ගේ දේශපාලන අනාගතය සම්බන්ධයෙන් යම් ගැටලුකාරී තත්ත්වයක් පැනනැගී ඇති බව පමණක් මෙහිදී සඳහන් කළ යුතුව ඇත.
රාජ්‍ය රහස්!










