සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක එස්. චන්ද්‍රගුප්ත විසින් පසුගිය දා නිකුත් කර තිබූ චක්‍ර ලේඛය භාෂණයේ සහ ප්‍රකාශනයේ මිදහස සීමා කරන්නක් බව ඒ පිළිබඳව ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපතිවරයා ලෙස රවී කුමුදේශ් පවසනවා. ඔහු කියන්නේ මෙම චක්‍ර ලේඛය අත්හිටුවා සාකච්ඡාවක් සඳහා අවස්ථාවක් ලබාදෙන ලෙසයි.
“ජනක එස්. චන්ද්‍රගුප්ත මහතා,
ලේකම්, සෞඛ්‍ය අමාත්‍යාංශය
“සුවසිරිපාය”,
වෘත්තීය සමිති අයිතිවාසිකම් මර්දනය කිරීම. රෝගීන්ගේ සහ නිදහස් සෞඛ්‍ය සේවාවේ උන්නතිය වෙනුවෙන් භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතිය සීමා කිරීම.
ඔබගේ අංක MH/ADl.Sec.(Admin I)/01/2021 දරණ 2023.07.20 දිනැති පොදු චක්‍රලේඛ ලිපි අංක 02-106/2023 හා බැඳේ,
ඒ අනූව ආයතන සංග්‍රහයේ ඇතැම් පරිච්ඡේද සහ නඩු තීන්දු උපුටා දක්වමින් සෞඛ්‍ය කාර්යය මණ්ඩලයට ඇති භාෂණයේ සහ ප්‍රකාශණයේ නිදහස සීමා කිරීමේ අදහසින් උක්ත චක්‍රලේඛය නිකුත් කර ඇති බවත් විශේෂයෙන්ම වර්තමාන සෞඛ්‍ය සේවාව තුළ හෙලිදරව් වෙමින් පවතින දූෂණ, වංචා ඇතුළු අනෙකුත් අකටයුතුකම් සමාජයට නිරාවරණය වීම වැලැක්වීම සඳහා එම චක්‍රලේඛය හරහා උත්සහ ගෙන ඇති බවක් පෙනෙන්නට තිබේ.
එසේම එම චක්‍රලේඛය මඟින් ආයතන සංග්‍රහයට සහ ඇතැම් නඩු තීන්දු වලට අදාළව සාමාන්‍ය රාජ්‍ය සේවකයන් ලෙස අදාළ කරගත යුතු නීතිමය තත්වයන් උධෘත කර තිබුණද වෘත්තීය සමිතියක හෝ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයක නිළධාරීන් සඳහා එකී ආයතන සංග්‍රහයේම පවතින විධිවිධාන සහ වෘත්තීය සමිති අඥාපනත, වෘත්තීයවේදීන්ගේ සංගම් ලියාපදිංචි කිරීමේ පනත සහ රාජ්‍ය සේවකයන් ලෙස අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කරන ලද නඩු තින්දු කිසිවක් පිළිබඳව එහි සඳහන් කර නොමැත. එබැවින් මෙම චක්‍රලේඛය හිතාමතාම වෘත්තීය සමිති මර්දනය කිරීම සඳහා අනියමින් යොදා ගැනීමට සැලසුම් සහගතව නිකුත් කරන ලද්දක් බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. එබැවින් අප එය තරයේ ප්‍රතික්ෂේප කරන අතර ආයතන මට්ටමින් එම චක්‍රලේඛය අත්තනෝමතිකව ක්‍රියාත්මක කිරීමට උත්සහ දැරුවහොත් ඊට එරෙහිව වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට සිදු වන බවත් කණගාටුවෙන් දන්වා සිටිමු.
කෙසේ නමුත් මෙම චක්‍රලේඛයට අදාළව වෘත්තීය සමිති හා වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගම් වල නියෝජිතයන් සඳහා මාධ්‍ය වෙත ප්‍රකාශ නිකුත් කිරීම සඳහා වන විධි විධානයන් නිශ්චිතව පැහැදිලි කර නොමැති බැවින් ඒ පිළිබඳව කඩිනමින් පැහැදිලි කිරීමක් ලබා දෙන ලෙසත් ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට කඩිනම් අවස්ථාවක් ලබා දෙන ලෙසත් එතෙක් එම චක්‍රලේඛය බලරහිත කරන ලෙසත් ඉල්ලා සිටිමු.
ස්තුතියි !
මෙයට විශ්වාසී
රවී කුමුදේශ්, සභාපති, පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය”










