• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දළදා හාමුදුරුවනේ මේ කරන දේවලට අපට සමාව දෙනු මැන I Sri Lanka Latest News

July 22, 2023
in Exclusive, News
Reading Time: 8 mins read
A A
දළදා පෙරහැරේ ලයිට් දාන්න නම් එක්කෝටි තිස්ලක්ෂයක් ගෙවන්න! ඉතිහාසයේ පළමු වතාවට විදුලි බල මණ්ඩලය දළදා මාළිගාවට දැනුම් ‌දීලා! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ආගමික සංකේතයක් වුවද දළදාව යනු ලාංකේය රාජ්‍යත්වයේ සංකේතයයි. ඉතා දිගු කලක සිට දළදාවේ හිමිකාරීත්වය දැරූ කාට හෝ වේවා ශ්‍රී ලංකාවේ රාජ්‍යත්වය හිමිවීම අතීතයේ සිට මෙරට සුරැකුණු සම්ප්‍රදාය විය.(Sri Lanka Latest News)

අසූ වසක් ආයු වළඳා පිරිනිවන් පෑ බුදු ජාණන්වහන්සේගේ දේහය ආදාහනය කිරීමෙන් පසුව උන්වහන්සේගේ ශරීර ධාතූන්ගෙන් සප්ත මහා ධාතූන් ලෙස සැලකෙන කොටස් 07ක් හැර ඉතිරි අස්ථි සියල්ල මුං පියලි, අබ පියලි ආදී විවිධ ප්‍රමාණයන්ට කැඩී බිඳී වෙන් වී ගියේය. ලලාට ධාතු, අකු ධාතු දෙනම, සතර දළදාව යන මේ කොටස් එම නොකැඩී නොබිඳුණු සප්ත ධාතුවෝ වෙති. මෙහි එන සතර දළදාව ලෙස හඳුන්වන්නේ ‘රදනක’ ලෙසින් සැලකෙන දත් විශේෂයයි.

පාලි භාෂාව තුළ එය ‘දාඨ’ යන වචනයෙන් හඳුන්වනු ලැබ ඇත. දීඝ නිකායේ ලක්ඛණ සූත්‍රයෙහි ‘චත්තාලිස දන්තතා’ ලෙස දැක්වෙන ආකාරයට බුදුරජාණන් වහන්සේ සතුව සමසතළිස් ධාතු පිහිටා තිබී ඇත. බුදුන් වහන්සේගේ ආදාහන පූජෝත්සවයෙන් පසුව ධාතු බෙදාදීමේ කටයුත්ත සිදුකොට ඇත්තේ ද්‍රෝණ නම් බමුණකු විසිනි. ඒ හා බැඳුණු ඇතැම් රසවත් සිදුවීම් ද මුල්කරගනිමින් සතර දළදාවන් ඒ ඒ තැන්වල ස්ථානගත වූ ආකාරය ධාතු වංශය ඇතුළු බොහෝ මූලාශ්‍රවල විස්තරාත්මකව දක්වා ඇත.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ අප දන්නා කතා පුවතට අනුව සිරිලකට දළදාව රැගෙන එනුයේ හේමමාලා සහ දන්ත කුමරුන්ය. එහි කතාව සැකෙවින් පවසන්නේ නම් මෙසේය. ක්‍රි.ව 313 දී අනුරපුරයේ රජ කළ කීර්ති ශ්‍රී මේඝවර්ණ රජු හා එදවස කාලිංග දේශයේ රජකළ ගුහශිව රජු මිතුරෝ වූහ.

තමාවෙත එල්ලවෙමින් පැවති සතුරු ආක්‍රමණයන් හමුවේ ගුහශිව රජ ශ්‍රී දළදාව වඩාත් ආරක්ෂිත තැනක් වෙත වැඩමවීමට තීරණය කර ඇත. ඒ අනුව රජු තම දියණිය වූ හේමමාලා කුමරියටත්, බෑණනුවන් වූ දන්ත කුමාරයාටත් ශ්‍රී දළදාව ශ්‍රී ලංකාවට රැගෙන යන ලෙස දැන්වූ බව ඉතිහාසයේ දැක්වෙයි. ඒ ආකාරයෙන් රැගෙන ආ දන්ත ධාතුන් වහන්සේ මෙරට බෞද්ධ ජනතාවගේ ප්‍රධාන ජාතික මෙන්ම ආගමික සංකේතය බවට පත්ව ඇත.

මෙරටට වැඩමවන ලද දන්ත ධාතුන් වහන්සේ හෙළ රාජාවලියේ විවිධ යුගවලදී රජවරුන් ගණනාවක් උපරිම බුහුමන් සහිතව රැකබලා ගෙන ඇත. එමතුදු නොව දළදාව වෙනුවෙන් විවිධාකාර වූ පුද පූජාවන් පවත්වා ඇත. වර්තමානයේදී අප දකින දළදා පෙරහැරද ඒ ආකාරයේ දළදා පූජාවකි. ඓතිහාසික තොරතුරුවලට අනුව කීර්ති ශ්‍රී මේඝවන්න රජතුමා මුලින්ම දළදා මන්දිරයක් ඉදිකර එහි ශ්‍රී දළදා වහන්සේ තැන්පත් කර ඊට ගරු බුහුමන් දැක්වීම සඳහා වාර්ෂික පෙරහැර සම්ප්‍රදායක් ද ඇති කළේය.

නිරන්තරයෙන් ඇතිවූ ආක්‍රමණ නිසා රාජධානි මාරුවීමත් සමග දළදා වහන්සේ අනුරාධපුරයෙන් පොළොන්නරුවට , දඹදෙණියට , යාපහුවට, කුරුණෑගලට, ගම්පොළට හා කෝට්ටේ යන රාජධානිවලට වැඩම කරවා ඇත. ඒ ඒ ආකාරයෙන් දළදාව වැඩමවූ සෑම රාජධානියකම දළදා මැඳුර ඉදිකරවා දෛනික පූජා පැවැත්වීමත් වාර්ෂික පෙරහැර මංගල්‍යය සිදුකිරීමත් සිදුකර ඇතිබවට සාක්ෂි බොහෝය. දළදාව වැඩ සිටි සෑම රාජ්‍යයකම දැකගත හැකි ප්‍රධාන ලක්ෂණයක් වන්නේ දළදා වහන්සේට මුල් තැනක් දී කටයුතු කිරීමය.

දළදා වහන්සේ කුරහන් ගලක පවා සඟවාලන්නේ ආරක්ෂාව තකා තැනින් තැනට යන ගමනේදීය. පළමුවෙනි විමලධර්මසූරිය රජතුමා රාජ්‍යත්වයට පැමිණීමත් සමග ක්‍රිස්තු වර්ෂ 1592 දී සෙංකඩගල නුවර රාජධානිය ආරම්භ විය. ඒ වන විට දළදා වහන්සේ සබරගමු පළාතේ දෙල්ගමු රජමහ විහාරයේ ඉතා රහසිගත ලෙස වැඩ සිටියේ කුරහන් ගලක් තුළ බව කියවේ.

මෙසේ දෙල්ගමුවේ රහසිගතව වඩා හිඳුවාගෙන දෛනික පුද සත්කාර කරමින් සිටි දළදා වහන්සේ රජු ඊට අවශ්‍ය ආරක්ෂාව ලබාදී සෙංකඩගලපුරට වැඩමවා ගෙන ආවේය. වත්මන් දළදා මැදුරට අඩිතාලම වැටුණේ ඉන් පසුවය. වර්තමානයේ අප දකින මහනුවර ඇසළ පෙරහැරේ ආරම්භය ක්‍රිස්තු වර්ෂ 18 වැනි සියවස මැද භාගයේ දී පමණ සිදුවන්නට ඇතැයි විශ්වාස කෙරේ. ඊට ඇතුළත් වූයේ නාථ, කතරගම, විෂ්ණු, පත්තිනි යන සතර දේවාලයේ පෙරහැර පමණි.

වැලිවිට සරණංකර සංඝරාජ හිමියන්ගේ අනුශාසනා පරිදි කීර්ති ශ්‍රී රාජසිංහ රජු ( ක්‍රිස්තු වර්ෂ 1747 – 1782) විසින් එකී සතර පෙරහැරට දළදා මාලිගාවේ පෙරහැරක් ද එක් කිරීම හේතුවෙන් වත්මන් ඇසළ පෙරහැර කීර්ති ශ්‍රී රාජසිංහ රජ දවස ආරම්භ වූයේ යැයි සිතිය හැක.

1815 මාර්තු මාසයේ ඓතිහාසික උඩරට ගිවිසුම අත්සන් කරන ලද අතර එම අවස්ථාවේදීද ගිවිසුමේ කොන්දේසියක් ලෙස දළදා පෙරහැරට රාජ්‍ය අනුග්‍රහය දැක්විය යුතු බව සඳහන් කර තිබිණි. කිසිම ආකාරයක සංශෝධනයක් ඉදිරිපත් නොකොට බි්‍රතාන්‍ය කිරීටය එම කොන්දේසිය පිළිගත්තේ මෙරට ජන ජීවිතය සහ දළදාව අතර තිබූ බැඳීම ගැන තිබූ අවබෝධය නිසාය.

සියවස් දෙකකට වැඩි කාලයක් මේ ආකාරයෙන් පැවතගෙන ආ ලාංකේය ඉතිහාසයේ මහා සම්ප්‍රදාය වූ ශ්‍රී දළදා සිරිත සුද්දන් පවා නොකළ අවමානයක් කරන්නට වත්මන් ආණ්ඩුව පසුගිය සතියේ කටයුතු කළේය. ඒ දළදා පෙරහැර ආරම්භ කිරීමටත් පෙර එහි විදුලි බිල ඉල්ලා සිටීමෙනි. මේ පහත් ක්‍රියාව කියා පානුයේ ආණ්ඩුවේ බංකොලොත් වී ඇත්තේ ආර්ථික අතින් පමණක් නොවනා බවය. දළදාවට ලයිට් බිල් ලිවීම යනු සංස්කෘතික සහ සාමාජීය වශයෙන් ආණ්ඩුව පත්ව ඇති බංකොලොත් බව පෙන්වීමකි.

දළදා පෙරහැරට බිල් ලියන්නට ආණ්ඩුව ගන්නා උත්සාහය කරළියට ගෙන එන්නේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල විසිනි. දළදා පෙරහැරට මිලියන 13ක් බිලක් කල් තබා එවා ඇතිබව මාධ්‍යයට පවසන්නේ ඔහු විසිනි. පැය කිහිපයක් තුළ රටම කම්පා කරන්නට සමත්වූ මේ පුවත ගැන මුලින්ම කට හඬ අවදි කරන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසය.

නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ පහත් ක්‍රියාව සම්බුද්ධ ශාසනයටත් බෞද්ධ සමාජයටත් නිගාවක් බවකි. දළදා පෙරහැරට විදුලි බිල්පතක් ලිවීම ආණ්ඩුවේ අමනෝඥකම පෙන්වන සාධකයන් බව ඔහු වැඩිදුරටත් එම නිවේදනයෙන් පවසයි. එමෙන්ම එය මුළු රටටම නිගාවක් බවත්, දළදා පෙරහැර පිළිබඳ උනන්දුවක් දක්වන සමස්ත ලෝකවාසී ජනතාවට කරන ලද අවමානයක් බවයි.

කෙසේ වෙතත් මේ පිළිබඳ අදහස් දක්වන දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර පවසනුයේ විදුලිබල මණ්ඩලය ඉදිරිපත්කර ඇති විදුලි ඇස්තමේන්තුව පිළිගත හැකි තත්ත්වයක් බවය. අතීතයේද මේ ආකාරයේ බිල් ඉදිරිපත් කළද එම පිරිවැය මණ්ඩලය විසින්ම දැරූ බවත්, වර්තමානයේ සිදුවෙමින් පවතින ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු නිසා හතරමහා දේවාල සහ දළදා මාලිගාව විසින් විදුලි බිලෙන් කොටසක් ගෙවීමට මණ්ඩලය සමග සාකච්ඡා කිරීමට සූදානම් බවත් ඔහු පවසයි. ඊට අමතරව මේ ගැටලුව පිළිබඳ මාධ්‍ය මැදිහත් වීමද අනවශ්‍ය බව ඔහු පවසයි.

වත්මන් දියවඩන නිලමේ එසේ පැවැසුවද හිටපු දියවඩන නිලමේ නෙරංජන් විජේරත්න පවසනුයේ බිල් අය කරගන්නට දළදා පෙරහැර යනු සැණකෙළියක් නොව පූජාවක් බවයි.

දළදා සිරිත ආශ්‍රිත දීර්ඝකාලීන අත්දැකීම් සහිත, දළදා මාලිගය සමග පරම්පරාගත සබඳතාවක් සහිත පරපුරකින් පැවැත එන හිටපු දියවඩන නිලමේ නෙරංජන් විජේරත්න පවසනුයේ මේ වනවිට දළදා වහන්සේගේ භාරකාරත්වය දරන්නේ ඉතිහාසය ගැන නොදන්නා දළදා මන්දිරයත් වාණිජකරණය කළ පුද්ගලයන් බවය. ඔවුන් දළදා පෙරහැර අලෝකවත් කිරීම සඳහා වැයවන විදුලි බිල ගෙවන්නට ඉදිරිපත් වන්නේ ඒ ඉතිහාසය ගැන අවබෝධයක් නැති නිසා බව ඔහු පවසයි.

එබැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහ විහාර දේවාලගම් ආඥා පනතින් දළදා මාලිගාව රුවන්මැලිසෑය ශ්‍රී මහා බෝධිය මිහින්තලේ ඇතුළු ප්‍රධාන ජාතික තලයේ පූජා භූමි රැකගැනීමත් පවත්වාගෙන යෑමත් සඳහා පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලබාදිය යුතු බවට සඳහන් කාරණාව පිළිබඳ අවධානය යොමු කොට දළදා පෙරහැර වෙනුවෙන් විදුලිබල මණ්ඩලය වෙත විදුලිය සඳහා මුදල් ගෙවීම නතර කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයාටත්, විපක්ෂ නායකවරයාටත් මතක් කර සිටින බව ඔහු පවසයි.

වත්මන් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල විසින් මිලියන 13 විදුලි බිල සම්බන්ධව දක්වන නම්‍යශීලී අදහස් පිළිබඳ මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියෝ ඊට සිය බරපතළ කනස්සල්ල පළ කරති. දියවඩන නිලමේ යනු දළදාවේ ගිහි භාරකරු මිස එහි හිමිකරු නොවන බව උන්වහන්සේ අවධාරණය කරති. දියවඩන නිලමේ තෝරන්නට පැවැති ඡන්දයෙන් ඡන්ද හාරසිය ගානක් ලබාගත් දියවඩන නිලමේට විදුලි බිල් ගෙවන්නට බලයක් නැති බව උන්වහන්සේ අවධාරණය කරති. ‘මේ අය ආණ්ඩුවේ කොන්ත්‍රාත්කාරයෝ.

Sri Lanka Latest News

පහුගිය කාලේ අනුරාධපුරේ කාලි මෑණියන්ගේ දේවාලයක් පස්සේ ගියපු අය. මෙයා කියනවා මේ ප්‍රශ්නය මාධ්‍යයට අයිතියක් නැහැ කියලා. මාධ්‍ය නිසා තමයි මේ රට, මේ තරමින් හරි රැකිලා තියෙන්නේ. දේශපාලනඥයන් ආවම හොඳට පිළිගන්නවා මල් වට්ටි දීලා. අර අහිංසක අම්මලා තාත්තලා මල් වවාගෙන ඒවා පූජා කරන්න ආවම කරඬුව ගාවට කිට්ටු වෙන්න බැහැ. පල් හොරුන්ව, ගිජු ලිහිණියන්ව, පහත මාලයෙන් දළදා කරඬුව ළඟටම අරන් යනවා. මේ අයගේ වැඩ නිසා අතිගෞරවනීය මල්වතු අස්ගිරි මහානායක හිමිවරු අනුනායක හිමිවරු දැඩි අප්‍රසාදයට ලක්වුණා. ධම්මරතන හිමියෝ පවසති.

‘සුද්දන් රට පාලනය කරන කාලේ ගිවිසුම් ගහන කොට, එවක සිටි අස්ගිරි මල්වතු මහා සංඝරාජ උත්තමයාණන් වහන්සේලාට දළදා හාමුදුරුවන්ගේ තේවාව පෙරහැර කරන්න සුදු ජාතිකයන් අනුග්‍රහය ලබා දුන්නා, ගිවිසුම් ගැහුවා, දැන් එම සුද්දන්ට ජාතක වෙච්ච කළු සුද්දන් මෙවර පැවැත්වෙන දළදා පෙරහැර පවත්වන්න ලක්ෂ එකසිය තිහකට වැඩි බිලක් ගෙවන්න කියලා ඉල්ලීම් කිරීම හාස්‍යයට කරුණක්….’ උන්වහන්සේ පවසති.

වැඩි දුරටත් මේ පිළිබඳ අදහස් දක්වන හිටපු දියවඩන නිලමේ නෙරංජන් විජේරත්න පවසනුයේ දළදා පෙරහැර පවත්වන්නටත් පෙර විදුලි බිල ඉල්ලා සිටින මණ්ඩලය මෙන්ම එකී අසාධාරණ ඉල්ලීම ගැන උපේක්ෂාසහගතව බලනා සියලු දෙනාම පසුගියදා පැවැත්වූ ජනරජ පෙරහැරේ විදුලි බිල ගෙවූ ආකාරය අමතක කර තිබීම කනගාටු දායක බවයි. ‘දළදා පෙරහැර කියන්නේ ජාතික සංස්කෘතික මංගල්‍යයක්.

ඒක ලෝකය ඉස්සරහා ලංකාවේ තත්ත්වය ඔසවා තබන්නක්. ඒත් පසුගියදා පැවැති ජන රජ පෙරහැර කියන්නේ එහෙම එකක් නොවේ. ඒක තියන්නේ වෙනත් වුවමනාවකට. එසේනම් ඒ පෙරහැරේ බිල ගෙව්වේ කවුද? මාලිගාවද? ආණ්ඩුවද?’ හිටපු දියවඩන නිලමේ විමසන්නේය. සැබැවින්ම එය නම් විසඳාගත යුතුම ප්‍රශ්නයකි.

දළදා පෙරහැර ආලෝකමත් කරන්නට විදුලිබල මණ්ඩලය ඉල්ලන මුදල රුපියල් මිලියන 13කි. විදුලියට බිල ලීවාට තවමත් පෙරහැරට කප් සිටුවාවත් නැත. ජාතියේ මහා සංස්කෘතික මංගල්‍යයට බිල් ලියන්නට මණ්ඩලය උත්සාහ ගන්නේ පවතින ආර්ථික අපහසුතා නිසායයි කෙනෙකුට තර්ක කළ හැකිය. එහෙත් ආණ්ඩුවේ මාධ්‍ය නිතර පවසන පරිදි මේ වන විට ලංකාවේ ආර්ථිකය වේගයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබේ.

ඩොලරය පහත යන වේගයට ඇමෙරිකාව පවා තැතිගැන්වී ඇත්තේය. 60% – 70% ඉක්මවා ගිය උද්ධමනය 15%ට 20% පහත බැස ඇත්තේය. හෙට අනිද්දාට එය තනි ඉලක්කමකට ගෙන එන බව මහබැංකුව පවසන්නේය. ඒ මදිවාට රටේ බදු ආදායම ගිය වසරේ පළමු මාස හයට සාපේක්ෂව 93%කින් ඉහළ නැග ඇත්තේය. මේ සියල්ල ආණ්ඩුවේ මාධ්‍ය, අමාත්‍යාංශ පවසන දේ විනා ලි‍යුම්කරුගේ උපකල්පන නොවේ.

දැන් ආර්ථිකය යහපත් වේගෙන එයි. ආණ්ඩුව ජන හා නිවාස සංගණනයක් පවත්වන්නට යන්නේ ඒක නිසාය. එහෙත් මේ වසරේ පෙබරවාරි මාසයේ රට පැවැතියේ මීට ඉඳුරාම වෙනස් තත්ත්වයකය. රටේ වැටුප් ගෙවීම පවා අර්බුදයකට යමින් පැවැතියේය. එහෙත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම අවස්ථාවේ පැකිලීමකින් තොරව 75 වැනි නිදහස් උළෙල පැවැත්වූයේය. එහෙත් ඔහු පළාත්පාලන මැතිවරණය කල් දැම්මේය.

නිදහස් දිනය ජයට සැමරූ ජනාධිපති රනිල් ඉන් නතර වූයේ නැත. ඔහු ජනරජ පෙරහැරක්ද පවත්වන්නට කටයුතු කළේය. ජනරජ පෙරහැර යනු අප නිතර දෙවේලේ අසා පුරුදු දෙයක් නොවේ. ලංකා ඉතිහාසයටම ජනරජ පෙරහැර පවත්වා ඇත්තේ අවස්ථා හතරකදී පමණි. ඉතිහාසයේ මුල්ම ජනරජ පෙරහැර පවත්වා ඇත්තේ වේල්සයේ ආදිපාදවරයා එඩ්වඩ් කුමරු ලංකාවට පැමිණීම වෙනුවෙන් 1875දීය.

ඉන් අනතුරුව 1954 දී දෙවැනි ජනරජ පෙරහැර පවත්වා ඇත්තේ දෙවැනි එලිසබෙත් මහ රැජිනගේ පැමිණීම වෙනුවෙනි. වික්ටෝරියා ජලාශය විවෘත කිරීම සඳහා දෙවැනි එලිසබෙත් මහ රැජින දෙවැනි වරටත් ලංකාවට පැමිණීමේ අවස්ථාව සනිටුහන් කරමින් 1981 දී තුන්වැනි ජනරජ පෙරහැර පවත්වන ලදී. 1987 දෙසැම්බර් 31 දින සිවුවැනි ජනරජ පෙරහැර පැවැත්වූ අතර, එවර නිමිත්ත වූයේ මහනුවර දළදා මාලිගාවේ රන් වියන විවෘත කිරීමය. මේ අනුව බලන කල ජනරජ පෙරහැර යනු රාජ්‍ය නායකයාගේ පෞද්ගලික අවශ්‍යතාව මත පවත්වන්නක් විනා ජාතික වටිනාකම් සහිත උත්සවයක් නොවේ.

සැකෙවින් පවසන්නේ නම් ජනරජ පෙරහැරේ නැට්ටුවෝ නැටුවාට එහි සංස්කෘතික වටිනාකමක් නැත. එය හුදු ආණ්ඩුවේ අවශ්‍යතාව සපුරන්නට නටන නැටුමක් පමණි. දළදා පෙරහැර වෙනුවෙන් කරන කිසිදු චාරිත්‍ර විධියක් එහි නැත. උදාහරණයක් ලෙස ඇසළ පෙරහැරේ දළදා කරඬුව මඟුලැතු පිට බැඳීම පැවරී ඇත්තේ ඇහැළමල්පේ පරපුරටය. ඒ ආකාරයෙන් දළදා පෙරහැර හා බැඳුණු මහා සංස්කෘතික ප්‍රවාහයක් ඇත්තේය.

එහෙත් ජන රජ පෙරහැරට එවැනි වටිනාකම් නැත. ඊට දළදා කරඬුව තබා බණකට දානයකට වඩම්මවන ධාතු කරඬුවක්වත් නැත. ඇතු පිට රැගෙන යන්නේ ජනරජ ලාංඡනයයි. කෙටියෙන් කිවහොත් ජනරජ පෙරහැර තිබ්බා නොතිබ්බා කියා රටට වස් වදින්නෙ නැත. එහෙත් දළදා පෙරහැර ඊට වෙනස්ය. එහෙත් පසුගිය පෙබරවාරි 19 වැනිදා ජනපති රනිල් මුළු මහනුවරම හැඩගැන්වූයේය. ඒ, මේ කියනා ජනරජ පෙරහැර වෙනුවෙනි. නිමිත්ත වූයේ නිදහස ලැබී 75 වැනි වසර සැමරීමය. එහෙත් සමහර කොල්ලෝ පවසන්නේ ජනපති එසේ සැමරුවේ බංකොලොත් වීමේ පළමු වසර බවය.

කෙසේ වෙතත් ජනරජ පෙරහැරට මහනුවරම ලෑස්ති වූයේ පෙබරවාරියේ සිටමය. 04 වැනිදා නිදහස් සැමරීමෙන් පසු ආණ්ඩුව ඉන්පසු යොමුවූයේ මහනුවරටය. ජනරජ පෙරහැරට මුළු මහනුවරම හැඩ වූයේය. විදුලි ආලෝකයෙන් මුළු නගරයම වැසී යන ලදී. අලි ඇතුන් නැට්ටුවන්ගෙන් මහනුවර පිරී යන්නට විය. දළදාව වෙනුවට බොල් පිළිම සහිතව වීථි සරනා ජනරජ පෙරහැරට වැය කළ මුදල කොපමණදැයි අදටත් දන්නා කෙනෙක් නැත.

එහෙත් වර්තමානයේ දළදා පෙරහැරේ පිරිවැය ගැන කෙරෙන සාකච්ඡාවන්ට අනුව ජනරජ පෙරහැරේ වියහියදම් අපට සිතාගත හැකිය. සැබැවින්ම එහි තිබුණේ නැත්තේ දළදා කරඬුව පමණි. ඇසළ පෙරහැරේ සෙසු සියලු අංගෝපාංග එහි විය. එහෙයින් එහි වියදම සුළුවෙන් තැකිය නොහැක. එහෙත් එකී දැවැන්ත පිරිවැය දැරුවේ කවුරුන්දැයි දන්නා කෙනෙක් නැත.

ජනරජ පෙරහැරට කවුරුන් වියදම් කළද ඊට යොදාගන්නේ මෙරට මහජන මුදල් මිස තම පෞද්ගලික දේපළ නොවේ. එහෙයින් ඒ පිළිබඳ ජනතාවට කරුණු කියන්නට ආණ්ඩුවට වගකීමක් ඇත්තේය. එහෙත් ආණ්ඩුව සිටින්නේ කසාය බිව් ගොළුවන් සේය. එහෙයින් වගකීමක් සහිත පුවත්පතක් ලෙස අප මේ ප්‍රශ්නය ආණ්ඩුවෙන් විමසන්නෙමු. ජනරජ පෙරහැරේ පිරිවැය පියවූයේ කුමන ආයතනයේ ශීර්ෂයෙන්දැයි අප ආණ්ඩුවෙන් විමසන්නෙමු.

නිර්මාල් දේවසුරේන්ද්‍ර

SendShareShare
Previous Post

වහාම පොලී අනුපාත පහත දමන්න! නැත්නම් අපි ක්‍රියාමාර්ග ගන්නවා! නන්දලාල් සියලු බැංකුවලට දැනුම් දෙයි! I Sri Lanka Latest News

Next Post

මේ පොහොට්ටුවේ මහියංගන ආසන සම්මේලනය! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිල නිර්දේශයන්ට අනුව, සිගරට් මිලදී ගැනීමේ හැකියාව (Affordability) පාලනය කරමින් මහජන සෞඛ්‍යය සුරක්ෂිත කිරීම සඳහා සිගරට්...

Read more
ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.