එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ 30-1 යෝජනාෙවෙන් ඉවත් වීමට ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුව ගෙන ඇති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් තමන් කනගාටුවට පත්වන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිචෙල් බැචලේ මහත්මිය ප්‍රකාශ කළාය.
ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 වැනි සැසිවාරයේ දී සිය වාචික ප්‍රකාශය ඉදිරිපත් කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිචෙල් බැචලේ මහත්මිය ඒ බව සඳහන් කළාය.
නව ආණ්ඩුව මීට පෙර ඉදිරිපත් වූ යෝජනාවෙන් කරන ලද කැපවීම්වලට වෙනස් ප්‍රකාශයක් නිවේදනය කිරීම ප්‍රතිසන්ධානය, වගවීම සහ මානව හිමිකම් ඉදිරියට ගෙනයෑමේ උත්සහායන් අවදානමේ හෙළන බව ද ඇය එහිදි සදහන් කර සිටියාය.










