• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කවුද කියන්නෙ ජනාධිපතිල හොරකම් කරපුව අල්ලන්න බෑ කියලා I Sri Lanka Latest News

July 21, 2023
in Exclusive, News
Reading Time: 6 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෙන්න සැම්බියාවෙ හිටපු ජනාධිපතිල-පුතාලා-ලේලිලා හොරකම් කරපුව ඔක්කොම අල්ලගෙන…

‘අද ලෝකයේ විනාශ වී ඇත්තේ ආර්ථික සුනාමියට හසුවූ රටවල්ය. එම රාජ්‍යයන්හි සිටින්නේ ජනතා මුදල් සොරකම් කළ කම්බා හොරුන්ය. පාලකයන්ටය. ඔවුහු මිනිස් දුක නොහඳුනති. ජීවිත තුට්ටුවකට මායිම් නොකරති. එම රටවල ක්‍රියාත්මක වන්නේ අතීසාරයට අමුඩ ගහනවා වගේ ප්‍රතිපත්තිය. එසේම ඒ රටවල ප්‍රශ්නද ගැට පිට ගැට වගේය. ජනතාවට මේ ගැටවලින් ගැළවුමක් නැත. එම දේශයන්හි හෙටත් හිරු පෑයීමට නියමිතය.(Sri Lanka Latest News)

එහෙත් ජනතාව ඇහැරෙයිද යන්න අනියතය. ජනතාවගේ මානසික ආතතිය අවම කිරීමට මෙවැනි වළපල්ලට ගිය රටවල පාලකයන් කටයුතු කරන්නේ නැත. පාලකයන් මහජන මුදල් හැසිරවීමේ විනිවිද ස්වභාවයකින් තොර වීම එවැනි රාජ්‍යයන්හි විනාශ වී යෑමට මූලික හේතුවයි. වැල්ල වෙනස් වන්නේ රැල්ලේ සැඩ පහර නිසා බව ඒවායෙහි බහුතර ජනතාවට අවබෝධ වන්නේද නැත. දශක හතරක් තිස්සේ මා ලෝකයේ වැඩිපුරම දැක ඇත්තේ එවැනි අස්ථාවර රටවල්ය. ශත පහක් අතේ නැති මිනිස්සු කෝටි ගණනින් ජීවත් වන රටවල්ය. උගතුන් රට අතහැර යන නූගතුන් පාලනය කරන අසමත් රාජ්‍යයන්ය….’

‘අද මෙම තීරයෙන් හඳුන්වනු ලබන්නේ ලෝකයේ ඇති තවත් එවැනි රටකි. ඒ සැම්බියාවයි. අතීතයේදී මුළු ලොවටම තඹ සැපයූ අප්‍රිකානු රටක් වන සැම්බියාව (Zambia) අද අප්‍රිකාවේ තවත් අපායකි. මේ කියන සැම්බියාවේද සිටින්නේ ඕනෙ කෙහෙල්මලක් වුණාවේ කියා බලාගෙන සිටින බහුතර ජන කොට්ඨාසයකි. සැම්බියාවද ආයෝජනයේ මුවාවෙන් චීන ආර්ථික සුනාමියට හසුවූ තවත් රටකි.

අතීතයේදී බි්‍රතාන්‍යය මේ රාජ්‍යයේද සියලු සම්පත් සූරාකෑවේය. වර්තමානයේ චීන මැදිහත්වීම් අනුසාරයෙන් රට දැවැන්ත ණය කන්දක හිරවී අවසන්ය. මේ රට අරාජිකය. එහිදී දේශපාලකයන් ජනතාව වැලඳගන්නා ව්‍යාජ මිතුරන්ය. මේ දේශපාලුවන්ද සාහසිකත්වයේ සංකේතයකි. සැම්බියාව අද විනාශ මුඛයට පත්ව අවසානය. නිදහස ලබාගැනීමෙන් පසු මෙහි ප්‍රථම ජනපති බවට පත්වූයේ කෙනෙත් කවුන්ඩා (Kenneth Kaunda)ය.

වසර 27ක් ඔහු එහි ජනපති පදවිය දැරුවේය. ඔහු රටේ සහ ජනතාවගේ උන්නතිය සඳහා අනුපමේය සේවාවක් ඉටුකරන ලද නායකයකු විය. කෙසේ හෝ ඔහුගෙන් පසු බලයට පත්වූ පාලකයන් රට කාබාසිනියා කළ බව කියනු ලැබේ. අතීතයේදී වසරකට තඹ ටොන් 3,37,000ක් නිපදවූ මේ දේශයේ අද තඹ නිෂ්පාදනය ශීඝ්‍රයෙන් පහත බැස ඇත්තේ දේශපාලකයන්ගේ හපන්කම් නිසාය. එනම් මෙහි වැඩි වශයෙන්ම සිටිනුයේ තඹ නිෂ්පාදනයෙන් මුදල් ගසාකන දේශපාලකයන්ය.

තඹ ආකර සහ නිෂ්පාදනාගාර පෞද්ගලික ආයතනවලට විකුණා දැමීමෙන් පාලකයන් සිදුකළ මහා පරිමාණයේ වංචාවන් හෙළිවී තිබේ. මෙලෙස ජනපති කෙනෙත් කවුන්ඩාගෙන් පසු බලයට පත්වූ පාලකයන් පස්දෙනකුම රටේ සාරය උරාබිව් අයුරු ලොවට රහසක් නොවේ. මෙම පාලකයන් සියල්ලක්ම තමන්ගේ ඥාතීන් රජයේ ඉහළ තනතුරුවලට පත්ළේය. එලෙස මෙම පාලකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් රටේ සම්පත් සහ මහජන මුදල් කොල්ලකෑවේය. රට තව තවත් ප්‍රපාතයට ඇද වැටුණේය….’

කුමක්ද මේ අපූරු කතාන්දරය? මෙය මා විසින් ඔබට ලියන ලද්දක් නොවේ. ප්‍රවීණ මාධ්‍යවේදියකු මෙන්ම මෙයට දශක කිහිපයකට ඉහතදී ශ්‍රී ලංකාවේ සංස්කෘතික අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම්වරයකු ලෙස කටයුතු කළ දැනට ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර වාසය කරන සිරි හීන්පැල්ල මහතා විසින් පුවත්පතකට ලියා තබන ලද ලිපියකින් එය උපුටා ගැනිණි.

එනම් සිරි හීන්පැල්ල මහතා මෙයට වසර කිහිපයකට ඉහතදී එම ඉරිදා පුවත්පත සඳහා ලියා තැබූ ‘ලෝකයේ වළපල්ලට ගිය රටවල්’ යන හිසින් වූ ලිපි පෙළක එම වගතුග සඳහන්ව තිබිණි. පාඨකයන් අතර බොහෝ ජනප්‍රිය වූ එම ලිපිපෙළ මගින් ලෝකයේ විනාශ මුඛයට ඇදවැටුණු රටවල් රාශියක් ගැන රසවත් කතාන්දර රැසක් විය. අද එසේ නම් සැම්බියාව නමැති අප්‍රිකානු රාජ්‍යයක් ගැන වූ එම වගතුග ලියා තැබීමට හේතු වූයේ ඇයි? එය නම් මෙයට දින කිහිපයකට පෙරදී එම සැම්බියාව ගැන අසන්නට ලැබුණු සුවිශේෂ පුවතක් හේතුවෙනි. එය කුමක්ද?

මේ මගින් ප්‍රකාශ වී තිබුණේ සැම්බියාවේ හිටපු ජනාධිපතිවරයකුගේ පුතා සහ ඔහුගේ බිරිය අත්අඩංගුවට ගැනීමේ කතාවකි. එනම් මෙම යුවළ හදිසියේම ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔවුන්ට එරෙහිව ඇති දූෂණ, වංචා චෝදනා කිහිපයක් අදාළ කරගෙනය. දැන් සැම්බියාවේ සිටින වත්මන් ජනාධිපතිවරයාට ප්‍රථම එරට වසර 07කට ආසන්න කාලයක් පාලනය කළ එඩ්ගාර් ලුන්ගු (Edgar Lungu)නමැති ජනාධිපතිගේ පුතෙකු වන ඩැලිට්සෝ ලුන්ගු (Dalitso Lungu) සහ ඔහුගේ බිරිය වන (හිටපු ජනපතිගේ ලේලිය) මැටිල්ඩා ලුන්ගු (Matilda Lungu) මෙලෙස පසුගියදා සැම්බියානු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මොවුන් දෙදෙනාම දැනට 35 වැනි වියෙහි පසුවන අතර, ඔවුන්ට එරෙහිව පොලිසිය විසින් චෝදනාවන් කිහිපයක්ම ගොනුකර ඇත. එම චෝදනා මෙසේ සඳහන්ව ඇත.

ඇමෙරිකානු ඩොලර් මිලියන 05කට අධික මුදලක් මූල්‍ය විශුද්ධිකරණය සඳහා යොදවා තිබීම.

විශාල මුදලක් යොදවමින් ඉඩම් හා නිවාස දේපළ මිලදී ගෙන තිබීම සහ ඒ සඳහා යොදවන ලද මුදල් ගැන නිසි ප්‍රකාශක් ලබා නොදීම.

විවිධ වර්ගයේ මෝටර් රථ සහ තවත් විවිධ රථ වාහන වර්ග 48ක් තමන් සන්තකයේ තිබීම.

‘සැලෝයිඩ් ටේ්‍රඩර්ස්’ නමින් විශාල වෙළෙඳ ව්‍යාපාරයක් පවත්වාගෙන යමින් එහි අධ්‍යක්ෂවරුන් ලෙස මූල්‍ය වංචා රැසක් සිදුකර තිබිණි.

මේ ආකාරයට වංචා, දූෂණ කිහිපයක්ම මෙම යුවළට එරෙහිව නගා ඇති අතර, 2010 වත්කම් රාජසන්තක කිරීමේ අපරාධ පනතේ 71 වැනි වගන්තියට අනුව මෙම දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය ප්‍රකාශ කර ඇත. එදිනම මෙම යුවළ සැම්බියාවේ අගනුවර වන ලුසාකාහි පිහිටි මහාධිකරණය වෙත යොමුකර ඇති අතර, එහිදී එම ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විසින් ඔවුන්ට ඇප ලබාදී ඇත. ඉදිරියට නඩුව පවත්වාගෙන යෑම සඳහා දින නියම කර ඇත. මෙම යුවළගේ නඩු හබය වෙනුවෙන් සැම්බියාවේ සිටින ඉතා අධික ගෙවීම් ලබන ප්‍රධාන පෙළේ නීතිඥයන් හතර දෙනකු පෙනී සිටින බව වාර්තා වෙයි.

මෙම යුවළ අත්අඩංගුවට ගැනීමට පෙර මෙම 2023 වසරේ මාර්තු මාසයේදී මෙම පුද්ගලයන්ට අයත් දේපළ කිහිපයකටද මුද්‍රා (සීල්) තබන ලද අතර, තවම ඒවා නිදහස් කිරීමක් සිදුකර නොමැත. එහිදී හිටපු ජනාධිපතිවරයාගේ පුත්‍රයා විසින් ප්‍රකාශ කර තිබුණේ තමන්ගේ දේපළවලට මෙලෙස සීල් තබා ඇත්තේ කිසිදු අධිකරණ නියෝගයකින් තොරව බවය. වර්තමාන රජයේ වුවමනාව මත ආරක්ෂක අංශ විසින් එය සිදුකළේ යැයිද ඔහු චෝදනා කර තිබිණි.

ජනාධිපති පුත්‍රයා සහ ඔහුගේ බිරිය අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ගෙන එනු ලැබූ අවස්ථාවන් සඳහා ඔහුගේ මව වන හිටපු ජනාධිපතිගේ බිරිය එස්තර් ලුන්ගු නමැති කාන්තාවද සහභාගි වී තිබිණි. 2015 ජනවාරි 26 සිට 2021 අගෝස්තු 24 දක්වා වසර 07කට ආසන්න කාලයක් සැම්බියාවේ 06 වැනි ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ එඩ්ගාර් ලුන්ගු දැනට 66 වැනි වියෙහි පසුවෙයි. ඔහු ඉන් පෙර එරට ආරක්ෂක අමාත්‍යවරයා ලෙසද කටයුතු කර ඇත.

සැම්බියාවේ පාලනයෙහි සිටි අතිශය දූෂිත ජනාධිපතිවරයකු ලෙස ලොව ප්‍රකට මයිකල් සාටාගෙන් පසු මැතිවරණයන් දිනාගනිමින් එඩ්ගාර් ලුන්ගු ජනපති ධුරයට පත්විය. සැම්බියා විශ්වවිi ාලයේ නීති උපාධිධරයකු වන ඔහු, ‘සැම්බියාවේ දේශප්‍රේමී පෙරමුණ’ නම් දේශපාලන පක්ෂයේ නායකයා විය. මුල් කාලයේදී ඔහු සැම්බියානු යුද හමුදාවේ උසස් නිලධාරියකු ලෙසද කටයුතු කර ඇත.

පසුව නීතිඥ වෘත්තියෙහි කටයුතු කර එතැනින් අනතුරුව දේශපාලනයට පිවිසීය. කෙසේ හෝ නීතිඥයකු ලෙස කටයුතු කරමින් සිටියදී ඔහු වෘත්තීය විෂමාචාරයකට වැරැදිකරු වීම හේතුවෙන් 2010 වසරේදී ඔහුගේ නීති වෘත්තීය බලපත්‍රය අත්හිටුවන ලදී. එඩ්ගාර් ලුන්ගු සැම්බියාවේ ජනාධිපතිවරයා ලෙස පත්වූ සමයේදී ඔහු ප්‍රකාශ කර සිටියේ රට තුළ ඇති දූෂණ වංචාවන්ට එරෙහිව කටයුතු කරන බවය. මුලදී ඔහු එවැනි තත්ත්වයන් පාලනය කිරීමට යම් ක්‍රියාමාර්ගයන් කිහිපයක් ගෙන තිබුණද, පසුව ඔහු එම ක්‍රියාවලීන් සඳහා අසමත් විය. එහෙයින් නැවත නැවත සැම්බියාව තුළ දූෂණ, වංචාවන් රජ කරන්නට ගත්තේය.

චීනය බොහෝ අවස්ථාවලදී සැම්බියාවට උදව් කිරීමට පැමිණෙන මුවාවෙන් එරට බොහෝ වටිනා සම්පත් කොල්ලකා ගත්තේය. සැම්බියාව මුළුමනින්ම ණය උගුලක සිරකර අයි.එම්.එෆ්. (ජාත්‍යන්තර මූල්‍ය අරමුදල) සංවිධාන වෙතින් ණය ආධාර ලබාගැනීමට මග පෑදුවේය. අවසානයේදී එඩ්ගාර් ලුන්ගු ජනාධිපතිවරයාටද එරෙහිව නොයෙකුත් දූෂණ වංචා චෝදනා නැගෙන්නටද විය.

හිටපු ජනාධිපති දිවංගත කෙනෙත් කවුන්ඩාගf් පාලන සමයේදී ඉතා ධනවත්, සරුසාර රටක් ලෙස පැවැති සැම්බියාව පසුව පත්වූ ජනාධිපතිවරු යටතේ මහත් පරිහානියට පත්විය. අද සැම්බියාව යනු ලෝකයේ තිබෙන ඉතා දුප්පත් රටවලින් එකකි. මෙහි සිටින බොහෝ ධනවත් පිරිස බහුතරයක් දේශපාලකයන් සහ ඔවුන්ගේ පවුල්වල අය වෙති. බොහෝ ව්‍යාපාර පවත්වාගෙන යන්නේද ඔවුන් විසිනි.

රටේ ජනතාවගෙන් 70%කට අධික ප්‍රමාණයක් ඉතා දැඩි දරිද්‍රතාවයෙන් පෙළෙන අතර, ඔවුන්ගේ දිනක වත්කම (ආදායම) ඩොලර් 1-2 වැනි ඉතා අඩු මුදලකි. මෙහි ඒකපුද්ගල ආදායම වන්නේ ඇමෙරිකානු ඩොලර් 1,307ක් වැනි ඉතා අඩු අගයකි. වර්ග කිලෝමීිටර් 7,52,617කින් සමන්විත සැම්බියාව ලෝකයේ 38 වැනි විශාලත්වයෙන් යුත් රාජ්‍යයයි. ජනගහනය කෝටි දෙකක් පමණ වෙයි. තඹ පතල් කර්මාන්තය, කෘෂිකර්මය සහ සංචාරක කර්මාන්තයෙන් සැම්බියාව යම් විදේශ විනිමයක් උපයයි.

එහෙත් අද එම තත්ත්වය ඉතා අවම වී ඔවුන්ගේ විදේශ සංචිත ඇමෙරිකානු ඩොලර් මිලියන 2,989ක් වැනි අවම අගයකටද පත්ව ඇත. එමෙන්ම සැම්බියාව යනු ලෝකයේ බහුතරයක් ඒඩ්ස් (එච්.අයි.වී.) ආසාදිතයන් සිටින රටක් ලෙසද ප්‍රකටය. එනම් එරට ජනගහනයෙන් 10%-15%ක ප්‍රමාණයක්ම ඒඩ්ස් රෝගීන් බව සෞඛ්‍ය වාර්තා පෙන්වා දෙයි.

සැම්බියාවේ බොහෝ කරුණු අධ්‍යයනය කළ විට අපට පැහැදිලිවම පෙනී යන්නේ ශ්‍රී ලංකාවද වැටී ඇත්තේ මෙවැනි අගාධයකට බවය. ශ්‍රී ලංකාවේද අද බොහෝ ධනවත් පවුල් ලෙස පෙනී සිටින්නේ දූෂණ, වංචාවලින් මුදල් උපයාගත් අපගේ රටේ දේශපාලනයට සම්බන්ධ පවුල්ය. අද ඔවුන්ගේ කළු සල්ලිවල වත්කම් පැන්ඩෝරා පත්‍රිකා සහ පැනමා පත්‍රිකාවලද සඳහන්ව ඇත. එහෙත් මේ රටේ මෙවැනි දූෂිත දේශපාලකයන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ටද මෙතෙක් ලැබුණු නිසි බලගතු දඬුවමක් නැත. එහෙත් පාපය යනු නිරයම බව ඔවුහු නොදනිති.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

හොරාගෙ අම්මගෙන් පේන අහමු I Sri Lanka Latest News

Next Post

ඉන්දු ලංකා ආර්ථික හවුල්කාරීත්ව දැක්ම එළිදක්වයි! Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.