ඉන්දියාවෙන් ආනයනය කළ ඖෂධ 600ක් අතරින් ලියාපදිංචි කළ ඖෂධ 02ක තත්ව පරීක්ෂාව අසමත් වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. (Sri Lanka Latest News)
අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක ඊයේ (19) මාධ්‍ය හමුවක දී මේ බව පවසා තිබෙනවා.
කොළඹ අක්ෂි රෝහලේ දී ප්‍රශ්නගත වූ ඖෂධයේ බැක්ටීරියා අන්තර්ගත වී ඇති බවට තහවුරු වී ඇති බවයි ඔහු පවසන්නේ.
“තත්ව පරීක්ෂාව අසමත් ඖෂධ අපේ සමහර ගබඩාවල අවුරුදු ගණන් ඉඳන් තියෙනවා. මේක අමුතු දෙයක් නෙමෙයි. ඇස් රෝහලේ සංකූලතාවය විතරයි අපි හරියටම හඳුනාගෙන තියෙන්නේ. ඒ බෙහෙතේ බැක්ටීරියා තිබුණා කියන එක ඇත්ත. ඒ සම්බන්ධයෙන් අපි දැන් ඉදිරි කටයුතු කරනවා. අනෙක් බෙහෙත් සියල්ලම අපි තාවකාලිකව තමයි නතර කරලා තියෙන්නේ. ඒ, පරීක්ෂණ නිමාවෙන තුරු” යැයි වෛද්‍ය සමන් රත්නායක පවසා සිටියා.
A5 News Sri Lanka










