කෑගල්ල රෝහලෙන් ප්‍රතිජීවක ඖෂධයක් ලබාගැනීමෙන් පසු ඇති වූ අසාත්මිකතාවක් හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් ඇති බව වාර්තා වෙනවා. (Sri Lanka Latest News)
අක්මාවේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පසුගිය 10 වැනිදා මෙම පුද්ගලයා කෑගල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි කියන්නේ.
ඉන් අනතුරුව ඔහුට ප්‍රතිජීවක ඖෂධ 13ක් ලබා දී ඇති අතර 14 වන ප්‍රතිජීවක ඖෂධය ලබාදීමෙන් ඇති වූ ආසාත්මිකතාවක් හේතුවෙන් ඔහු මියගොස් ඇති බව රෝහල් බලධාරීන් සඳහන් කර තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 57 හැවිරිදි කෑගල්ල ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකු බවයි කියන්නේ.
දැනට මතභේදයට තුඩු දී ඇති ප්‍රතිජීවක ඖෂධය මොහුට ද ලබා දී ඇති බව රෝහල් බලධාරීන් සඳහන් කළ බව මාධ්‍ය වාර්තා කරනවා.
අදාළ පුද්ගලයාගේ ශරීරයේ ප්‍රතිශක්තීකරණය ඉතා දුර්වල මට්ටමක පැවතීම හේතුවෙන් මෙම ආසාත්මිකතාව ඇති වීමට හැකියාව පැවති බව ද කෑගල්ල ශික්ෂණ රෝහලේ බළධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.
A5 News Sri Lanka











