සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සදුදා දින පැවැත්වෙන නව සන්ධානය එළිදැක්වීමේ උත්සවය කඩාකප්පල් කිරීම සදහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ මෙහෙයුමක් මේ වනවිට සිරිකොත මුල් කරගෙන ක්‍රීයාත්මක කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා සදුදා පෙරවරු 10ට නෙළුම් පොකුණේ පැවැත්වෙන උත්සවය සදහා පක්ෂයේ සියලුම හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්ට සහ පළාත් පාලන මන්ත්‍රීවරුන්ට ආරාධනා කිරීමට පියවර ගෙන ඇති අතර අද (27) දිනයේදී සිරිකොතින් ලැබුණු පණිවුඩයකින් කියවී ඇත්තේ සදුදා පෙරවරු 9ට වික්‍රමසිංහ මහතා විසින් මෙම මන්ත්‍රීවරුන්ට සිරිකොතේ රැස්වීමක් සදහා කැදවා ඇතැයි කියාය.
එම රැස්වීමට අනිවාර්යයෙන්ම සහභාගී විය යුතු බවත්, ඊට නොපැමිණෙන පුද්ගලයන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා බවත්, අවම වශයෙන් ඔවුන්ට පක්ෂයෙන් නාමයෝජනා හෝ නොලැබෙන බවත් මෙහිදී දැනුම් දී ඇතිි බවද වාර්තා වේ.










