දඹදෙණිය සංවර්ධන පදනම් ආයතනයේදී විශාල තරුණ සහභාගිත්වයක් සමගින් පා.ම. කාවින්ද ජයවර්ධන, නීතිඥ එරන්ද වැලිඅංගේ, ව්‍යවසායකත්ව දේශක ධනුෂ්ක ප්‍රනාන්දු හා කුරුණෑගල දිස්ත්‍රික් ස.ජ.බ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් පසුගියදා දඹදෙණිය ආසනයේ සමගි තරුණ බලමණ්ඩලය පිහිටුවන ලදී.Sri Lanka Latest News
මෙය සංවිධාන කොට තිබුණේ දඹදෙණිය ආසන සංවිධායක නිලන්ත හේරත් විසිනි.
මෙහි අරමුණ වී ඇත්තේ යල් පැන ගිය සාම්ප්‍රදායික දේශපාලනයෙන් තොරව තනිව නැගී සිටිය හැකි තරුණ ප්‍රජාවක් නිර්මාණය කිරීමය. අප දරුවන්ට අවධාරණය කරනු ලැබුවේ ඉදිරි අනාගතයේ මුහුණ දීමට සිදුවන අර්බුද හමුවේ නැගී සිටීමට විවිධ අංශ ඔස්සේ කටයුතු කල යුතු ආකාරයයි. ඒ සදහා මූලික පියවරක් ලෙස ප්‍රවීණ දේශක මඩුල්ලක් ඔස්සේ ඉංග්‍රීසි පාඨමාලාවක්, ව්‍යවසායකත්ව පුහුණු පාඨමාලාවක්, මානව සම්පත් කළමනාකරණය පිළිබඳ පාඨමාලාවක් (නොමිලේ) සදහා ලියාපදිංචි කිරීමද අදාල දේශකවරුන් සම්බන්ධීකරණයද සිදු කරන ලදී.
නාරම්මල පිහිටි සජබ පක්ෂ කාර්යාලයේ එම තරුණ සභික මඩුල්ලට තම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ඉඩ පහසුකම් ලබාදීමටද කටයුතු සලස්වන ලදී.




















