ආණ්ඩුවේ තනතුරු ලබාගැනීම හේතුවෙන් පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටවු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින් යළි එම තනතුරුවල පිහිටුවීමට පියවර ගැනුණි.Sri Lanka Latest News
ඒ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාව සහ විධායක සභාව ඊයේ පෙරවරුවේ රැස්වූ අවස්ථාවේදීය.
එම අවස්ථාවට ද ආණ්ඩුවේ තනතුරු ලබාගත් පක්ෂ සාමාජිකයින් එක්වී සිටියේය.
අදාළ රැස්වීමේදී සිදුවූයේ ආණ්ඩුවේ තනතුරු ලබාගැනීම නිසා තාවකාලිකව අත්හිටුවා තිබු තනතුරුවලට අදාළ පක්ෂ සාමාජිකයින් පත් කිරීමය.
එමෙන්ම අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ධූරයට පත් කිරීමට ද මෙහිදී තීරණය කෙරුණි.










