මේජර් ජෙනරාල් සංජය වනසිංහ මහතා ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානියා ලෙස පත්කර තිබේ.Sri Lanka Latest News
ඒ මහතා හමුදාපතිවරයකු වශයන් කටයුතු කළ ජෙනරාල් හැමිල්ටන් වනසිංහ මහතාගේ වැඩිමහල් පුත්‍රයාද වෙයි.
ඒ අනුව හිටපු හමුදාපතිවරයකුගේ පුතකු හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයට පත් පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාස පොතට එක්වේ.
සංජය වනසිංහ මහතා කාලතුවක්කු රෙජිමේන්තුවේ සාමාජිකයකු ලෙස හමුදාවට එක්වූ අතර පසුව සිය පියා විසින් ආරම්භ කළ ස්නයිපර් ඒකකයේ ආරම්භක සාමාජිකයකු ලෙසට රාජකාරී කළේය.
යුද්ධය අවසන් අදියරේදී යුද ජයග්‍රහණය වෙනුවෙන් ස්නයිපර් ඒකකයේ සෙබළෙකු ලෙස විශිෂ්ට සේවාවක් රට වෙනුවෙන් කළ අයකු ලෙස වනසිංහ මහතා හමුදාව තුළ ප්‍රකටය.













